IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස්  මාර්ග බාධකයේ  යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු  අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා  සැකකටයුතු සුඛෝභෝගී වාහන පහක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය කියයි.

එම වාහන අතර  සුඛෝ භෝගී ජීප් රථ තුනක්, බෙන්ස් රථයක් සහ වැගන් ආර් මෝටර් රථයක්  වන බව පොලිසිය සඳහන් කරයි.

රාගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙකු රාගම බටුවත්ත සූසාන භූමිය අසල දිවා මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී  යතුරුපැදියක් නවතා පරික්ෂා කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් අමතා පරුෂ වචනයෙන් බැණ වදිමින් එම ස්ථානයේ ආවේගශීලීව හැසිරී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු එම පුද්ගලයන් පැමිණි වාහනේ ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීමත් සමගම ඔවුන් මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර පලා ගිය මෝටර් රථයේ ලියාපදිංචිය අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය වෙත ලබා දී තොරතුරු ලබාගෙන එහි හිමිකරු සොයා ගනේ මුල්ල,  දකුණුගල හිටියාව ප්‍රදේශය කරා ගිය බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් බාරයට ගත් වාහන වලට අදාල කිසිදු ලිපි ලේඛනයක් මේ වන විටත් ඉදිරිපත් කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන සැකකරුට මෙම වාහන ලද ආකාරය සම්බන්ධයෙන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ වයස අවුරුදු 34-35 අතර පසුවන බවත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 32 ක අයෙක් බවත් පොලිසිය කියයි.

 

 

 



අදහස් (4)

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක්

ජයනාත් Tuesday, 14 January 2025 02:00 PM

එයා හා සම්බන්ධ ප්‍රබල දේශපාලකයින් කවුද..?

:       8       64

fairoos Tuesday, 14 January 2025 03:08 PM

අවුරුදු 35න් කොහොමද මෙච්චර සල්ලි හම්බකළේ...? තාත්තා කෝටිපතියෙක් වෙන්න ඕනේ...

:       2       47

Nimal Rathnaseekara Wednesday, 15 January 2025 05:08 AM

සමහරවිට තාත්තා පළාත් සභාවක සැපයීම් නිළධාරි හෝ වාහන සම්බන්ධ කෙනෙක් වෙන්න බැරිද?

:       0       16

බකල ජයා Tuesday, 14 January 2025 11:13 PM

ඔන්න තියෙනවා ඉල්ලගෙන කනවා කියන එකේ නිර්වචනය...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site