IMG-LOGO

අඩු වියදම් මැතිවරණ ක්‍රමයක් ගැන හොයන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

මැතිවරණයකදී අපේක්ෂකයකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳව තරුණ කණ්ඩායමක් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා කමිටු ගණනාවක් පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අයවැය විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව වැනි බොහෝ කමිටු ඇති බවත් එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ගෙන එන බවත් පැවසීය.

 



අදහස් (7)

අඩු වියදම් මැතිවරණ ක්‍රමයක් ගැන හොයන්න කමිටුවක්

jagath liyanage Sunday, 19 February 2023 02:09 PM

කමිටු, කමිටු, කමිටු... පත්කරනවාට වඩා වෙන වැඩක් නැද්ද අප්පා...?

:       2       20

NimalSunday, 19 February 2023 06:58 PM

මැතිවරණයකදී අපේක්ෂකයකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් රටේ ආර්ථික අර්බුදය නිසා මතුව තිබේ. ආර්ථික පීඩනය නිසාම පුරවැසියන් වෙනසක් බලාපොරොත්තුව සිටින නිසාත් පාර්ලිමේන්තු වේ සිටිනා පිරිස පිළිබඳව කලකිරීමක් තිබෙන නිසාත්, අලුත් කණඩායමක් ඉදිරිපත් වුවහොත් රෙටේ පුරවැසියන් "දේශපාලන වෙනසක්" වෙනුවෙන් ඔවුන්ගේ කතිරය ලබාදෙනවා ඇත.

:       0       1

Bamunuarachchi Sunday, 19 February 2023 02:52 PM

ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්දේ දාන්න සලස්වමු. එතකොට ඡන්දය පත්‍රිකා අවශ්‍ය නැහැ.. ඡන්ද ගණන් කරන්න අවශ්‍ය නැහැ. පැරැණි ක්‍රමයට නම කියලා පුද්ගලයා හරිද කියලා බලාගෙන උපකරණය අතට දෙන්න කැමැති ලකුණට බොත්තම මිරිකන්න.

:       5       24

චමින්ද Sunday, 19 February 2023 06:59 PM

මේ ක්‍රමය ඉතාමත් හොදයි.මැතිවරණය පැවැත්වෙන දවස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පමණක් ජනමාධ්‍ය මගින්ම ප්‍රචාරය කරන්න මෙහෙම කලාම නාමයෝජනා අරගෙන කෙටිම කලකින් මැතිවරණය පවත්වන්න පුළුවන්... ගණන් කිරීම අවශ්‍ය නැහැ. ප්‍රථිපල පැය කීපයක් ඇතුළත දෙන්න පුළුවන් වේවි. නිල ඡන්ද පත්‍රය වෙනුවට හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය පමණක් ගන්න තාවකාලික හැඳුනුම්පත කියන්න හොර ඡන්ද සඳහා පනින රිළවුන්ට ඉනිමගක් වෙනවා... හැඳුනුම්පත ස්කෑන් කරන ක්‍රමයක් හදන්න...

:       0       6

විජිත් Sunday, 19 February 2023 04:32 PM

ගිනිගොඩක් උඩ වාඩිවී, මිනිසුන් රවට්ටන්න ලස්සන පාටපාට කතන්දර කියන හීනමානයෙන් පෙලෙන කෙනෙක්...!!!

:       17       17

Akila Sunday, 19 February 2023 06:45 PM

ඊයේ පෙරේදා ඉපදිච්චි පිනාගේ රස කතා...

:       7       14

Asanga Monday, 20 February 2023 08:55 AM

තවත් නාටකයක ඇරඹුම .අපොයි රටේ සල්ලි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site