
(සුජිත් හේවාජුලිගේ)
රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දුන්නේය.
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පැවසීය.
නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඔහු පෙන්වා දුන්නේය.
සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවද පෙන්වා දෙයි.
දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්
Ama Tuesday, 24 December 2024 07:33 AM
බියර් නිෂ්පාදනය සඳහා සහල් භාවිතාව තහනම් කර නියම බියර් මල් වලින් නිෂ්පාදනය කිරීමට බලකළ යුතුයි.
Lalla Saturday, 28 December 2024 03:14 PM
වී වවන්නේ බත් කන්නම කියලා නීතියක් තියෙනවද? කර්මාන්ත සඳහාත් වී ගොවිතැන දායක වීම ගැන සතුටු විය යුතුයි. අනික ගොවීන්ට ආදායම ගැන සහතිකයක් නේද? ළිං මැඩියෝ වගේ හැම දෙයක්ම දැකීම නවත්තන්න කාලය...
Vipula Tuesday, 24 December 2024 09:25 AM
නිතීවිරෝධි විෂ මත්පැන් බීම අවම කිරිමට මෙමඟින් හැකියාව ඇත
Lalla Tuesday, 24 December 2024 11:45 AM
දැනට පවතින සුරා බද්ද අරක්කු බෝතලයේ මිලෙන් 85%ක් පමණ බව ඇත්තද? එසේ නම් අඩුමිලට දීමට ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නොකර සහ බදු අඩු නොකර බෑ නේද?
වීරමුණි Tuesday, 24 December 2024 01:13 PM
ඔය මොකුත් නැහැනේ මිනිස්සුන්ට කස්සිපු වල තියෙන විෂ පෙරලා ඉවත් කරගෙන බොන්න ෆිල්ටරයක් හදලා දුන්නනම්. මත්පැන් කොහොමත් ශරීරය ට අහිතකර ය්. නොබී ඉන්න එක තමයි හොඳ.
ලංකෙශ්වරWednesday, 25 December 2024 06:51 AM
එහෙම ෆිල්ටර් කරලා වීසා අයින් කරන්න බැහැ. ඒක කරන්න ඕනෑ ආසවනය මගින්මයි. දෙවරක් පෙරන ලද කිවුවාට එක පෙරීමක් (ෆිල්ටර් කිරිමක් නෙවෙයි වෙන්නේ) ආසවනය කිරිමක් (ඩිස්ටරිල්)... ඉතින් බලන්නකෝ අපේ මිනිස්සු කොයිතරම් මෝඩද? අතාර්කිකද? කොහොම හරි පෙරාගන්නම්... අපිට බොන්න දෙන්න කියලා ඉල්ලන කැත.. අනේ අපේ ජාතියට කුමන කලක් යයිද?
මාලිගාවත්තෙ අජා Wednesday, 25 December 2024 01:42 PM
වැඩියෙන්ම /දිනපතාම කරටි කැඩෙන්න ගහන එකා බේබද්දා... එයාගෙන් රජයට ඔටෝමැටික් බදු එනවා මොකද මිනිස්සූ කියන්නේත් බේබද්දා කියලානේ. අරක්කු බොන කෙනාගේ මනුස්සකමක් තියනවා නොබොන වෙලාවට...!
Tharanga Wednesday, 25 December 2024 03:58 PM
බොන කෙනා බොයි... නොබොන එකා නොබොයි... බිව්වත්, නොබිව්වත් එක එකා මැරෙන දවසට මැරෙනවා.
නිශාන් Thursday, 26 December 2024 01:35 AM
ඇල්කොහොල් මීටරයක් මිනිස්සුන්ට ලබාදිය යුතුයි. මාස්පතා ගෙවීමේ ක්‍රමයට...!