IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභී  අසරණ පවුල්වල  දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට  හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී  ලබාදීමට කැබිනට් මණ්ඩලය  තීරණය කර ඇතැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද  (3) පැවසීය.

අස්වැසුම  හිමි පවුල්වල දරුවන්ට. මවුපියන් අහිමි දරුවන්ට මව හෝ පියා ආබාධිතව සිටින පවුල්වල දරුවන්ට   ළමා නිවාසවල සිටින  දරුවන්ට  සහ  විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට මෙම දීමනාව  දෙන බවද ඔහු සඳහන් කළේය.

“අපි මේ කිසිවෙකු අතහරින්නේ නැහැ” යැයිද  හෙතෙම කීවේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.

1994 සිට මේ දක්වා බඳවාගෙන අවිධිමත් ආකාරයට තැන් තැන්වල රඳවා සිටින සියලුම උපාධිධාරින් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කරන බවද ඔහු කීවේය.
 



අදහස් (8)

අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්

රුවන් Tuesday, 03 December 2024 01:49 PM

පිටු 80 පොතක් රුපියල් 160, එහෙම පොත් 10ක් ගත්තම 1600 (ඊටත් වඩා වැඩි ඇති දැන්) මේ දේ හොඳ දෙයක්. ලංකාවේ 100% නිදහස් අධ්‍යාපනය තිබ්බේ නෑ අනිත් රටවල් වල වගේ. (ලංකාවේ දේශපාලුවන් කියන්නේ නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා, හැබැයි එක ඇත්ත නෙමෙයි)

:       1       16

Kazi Shajahan Tuesday, 03 December 2024 01:52 PM

අනුර කීවේ බලයට අන්ද කලින් සියලු පාසල් උපකරණ වල වැට් එක සීරෝ කරනවා කියලා . අපිට දැනගන්න පුලුවන්ද මේකට අමතරවද රුපියල් 6000 දෙන්නේ කියලා

:       3       17

dileepa1986Tuesday, 03 December 2024 03:20 PM

බලයට එන්න කලින් මෙහෙම කතාවක් කිව්වා. බඩගිනි වුණාම කන්න තියෙන කෑමට, ලෙඩ වුණාම බොන්න තියෙන බෙ‍හෙතට, ඉගෙන ගන්න උපකරණ වලට බදු අයින් කරනවා කිව්වා. කෝ ඉතින් .

:       0       0

randil dunuwille Tuesday, 03 December 2024 02:19 PM

මේක සමහරු කියන විදියට මුලු ලංකාවටම නිකන් දෙන්න ඕනෑ වගේ 6000 ක් කිව්වාම එක ලොකු ගානක් නැති බැරි අයට වැඩ කියන එක ගන්න බලාගෙනයි

:       0       0

anuranga Tuesday, 03 December 2024 02:30 PM

පුද්ගලික අංශයේ රැකියාව කරන අයත් දැන් අමාරුවෙන් ඉන්නේ, ඒ ගැනත් ටිකක් හිතන්න..!

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 06:48 AM

පළමු වසරේ සිට දහතුන් වසර දක්වා එකම මුදලක් දෙන්න එපා, අවශ්‍ය මුදල ගණන් බලා ගෙවන්න. ඒ වගේම මේක සියලුම පාසල් දරුවන්ට දෙන්න, එවිට තමයි නිදහස් අධ්‍යාපනය අර්ථවත් වෙන්නේ.

:       0       0

රුවන් Wednesday, 04 December 2024 07:16 AM

නුගේගොඩ තියෙන විරෝධාර පාසල් පොත් සමාගමට ගිහින් බලන්න වැට් එක 0 කරත් පිටු 80ක පොතක මිල කොහොමත් 100ට වැඩියි. මොකද කඩදාසි ආනයනය කරන්න ඕනේ ලංකාවේ හදන්නේ ඉතාමත් සීමිත ගානක්. ඕනේ නම් පිටකොටුවේ කඩදාසි මිල හොයලා බලන්න. වැට් නැති වුණත් ඒ ගානටවත් පොත් ගන්න බැරි ගමේ මිනිස්සු ඕනතරම් ඉන්නවා. රජයේ තිබ්බ කඩදාසි කම්හල්, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය හරියට කරා නම් ලංකාවේ කඩදාසි අපනයනය කරන්න වුණත් පුළුවන්.

:       0       0

Weerasekara Wednesday, 04 December 2024 11:30 AM

මාසිකව රුපියල් ලක්ෂයක් ඉක්මවා රබර් තේදලු සුලු අපනයන වලිනුත් ආදායම් ගන්නා සමහර අයටත් අස්වැසුම දෙනවා. එහෙම තියෙද්දි පොත් ගන්න හයදාහකුත් දෙනවානම් හරිද .මේ ආදායම් ගැන සමීක්ෂණයක් කර අස්වැසුම දෙනවා නම් වරදකුත් තිබේද .අවසර ලත් රබර් වෙළෙන්දෝ හරහා තේදලු එකතුකරන අය හා තේ කම්හල් හරහා ඒවා කරන්න බැරිකමක් නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site