IMG-LOGO

අඟුලානේ පුංචි යුද්ධයක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා)

කඩු පොලු අතැතිව කඩා වැදුණු සිව්දෙනකුගෙන් යුත් කල්ලියක්  සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්වී තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි අඟුලාන පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ බලාපු වඩුගේ සුදීර සම්පත් නොහොත් උක්කුන් නමැති 26 හැවිරිදි පුද්ගලයෙකි.

බරපතල තුවාල ලබා ඇත්තේ ඔහුගේ මාමා කෙනෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අඟුලාන සිය නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ හිඳගෙන සිටිය දී කඩු පොලු ඇතැතිව කඩා වැදුණු වැදුනු එකම පවුලේ සහෝදරයන් තිදෙනකු සහ ඔවුන්ගේ තවත් ඥාති සහෝදරයකු එක්ව එම පුද්ගලයා ට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තම ඥාති පුතුට පිරිසක් කඩු පොලු වලින් පහර දෙන දුටු නිවස තුළ සිටි ඥාතියෙකු වන බරපතළ තුවාල ලද පුද්ගලයා ඔහුව බේරා ගැනීම සඳහා එම ස්ථානයට දිව යාමේ දී එම පුද්ගලයාට ද පිරිස පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවකු බවත් පහරදීමට පැමිණි පුද්ගලයන් සිව්දෙනා සමඟ ඊට සුළු මොහොතකට ඉහත දී ඒ අසල නිවසක් තුළදී මත්කුඩු පානය කළ බවට ද තොරතුරු ලැබෙමින් පවතින බව පොලිසිය කියයි.

ඒ බව තහවුරු කරගැනීම සඳහා මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව බිම දමා තිබූ කොළ කැබලි කීපයක් නිවස තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙම පහරදීමට හේතුව මත්කුඩු මිලදී ගැනීමේ සිද්ධියක් ද ? ජංගම දුරකථනයක් හා බැදුනු සිද්ධිය ක්ද යන්න නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි ඇතැයි පොලිසිය කියයි.

කඩු පොලු වලින් පහර කෑමෙන් බරපතල තුවාල ලද දෙදෙනාම ලුනාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

අඟුලානේ පුංචි යුද්ධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site