IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අග්‍රාමාත්‍යවරයාගේ කමිටු 4ට පරිපාලන සේවයේ විරෝධය

(යොහාන් භාසුර)

ස්ථිර විධායකය වන රාජ්‍ය නිලධාරීන්ට කැඳවීමක් හෝ නියෝගයක් දිය හැක්කේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විෂය භාර අමාත්‍යවරයාට, අමාත්‍යංශ ලේකම්වරයාට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාට පමණක් බවත් එම නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරන නියෝග හෝ උපදෙස් පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් බැදී නොසිටින බවත් දන්වමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ‘රටේ ප්‍රශ්න විසඳීමට සමීපතයන්ගෙන් යුත් කමිටු 4 ක් පත්කිරීම’ යන ශීර්ෂය යටතේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.  

දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරීන්ට ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ ප්‍රවර්ධන කිරීම සඳහා රාජ්‍ය දේපළ භාවිතා කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ සිවිල් පරිපාලනයට මැදිහත්වීමට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු බවත් මෙවැනි පත්කිරීම් හරහා ගන්නා ලද තීරණ ක්‍රියාත්මක වීම රට මේ වන විට මුහුණ දී සිටින තත්වයට ප්‍රධාන හේතුවක් බවත් එම ලිපියේ සඳහන් වේ.

උද්ගත වී ඇති තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මහජන නියෝජිතයන් නොවන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටු පත්කර ඇතැයි දැනගන්නට ඇති බවත් එවැනි කමිටු අග්‍රාමාත්‍යවරයා පත්කර ඇතැයි අපේක්‍ෂා නොකරන නිසා එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස ද පරිපාලන සේවා සංගමය එම ලිපියෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදාගෙන ප්‍රශස්ත මට්ටමින් ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය උපරිම සහය ලබාදෙන බව ද එම ලිපියේ ්වැඩි දුරටත් සඳහන් වේ. 



අදහස් (2)

අග්‍රාමාත්‍යවරයාගේ කමිටු 4ට පරිපාලන සේවයේ විරෝධය

අසොක ගුනසෙකර Tuesday, 17 May 2022 11:49 AM

simple. කමිටුවට ඇමති බලතල.

:       0       0

ලංකාපුත්‍ර Tuesday, 17 May 2022 11:56 AM

1985 පමණ වනවිට උප දිසාපති වරුන් තබා කච්චේරියේ අතිරේක දිසාපතිට පවා නිළරථයක් තිබුනෙ නැහැ එම නිළධාරින් රාජකාරි කලේ බස්වල ගිහිල්ලා මේ කාලයේ අපේ දිස්ත්‍රික්කයේ උප දිසාපති කාර්‍යාල දෙකකට එකක් බැගින් වාහනයක් දුන්නා වාහන නැතිකාලයේ බසයෙන් හා පයින්ම රාජකාරි සදහා ගියා උප දිසාපති තුමන්ලා ගමේ ගෙදරකින් ලැබෙන කුමක් හෝ ආහාරයට ගෙන දවසම ඇවිදලා යන්නෙ ජනතා ප්‍රශ්න විසදලා,කෙනෙකුට හදිසියේ ග්‍රාම සේවා සහතිකයක් අත්සන් කරගැනීමට වර්තමානයේ කාර්‍යාලයට එන්න කියලා මුද්‍රාව තබාගන්න කිව්වට ඒ කාලයේ උපදිසාපති තුමන්ලා එතුමාගේ මුද්‍රාව සාක්කුවේ ගෙනගියා ලිපිය කාගේ හෝ පිටේ තබා අත්සන් කර මුද්‍රාව එතුමාගේ අතින්ම තබා කාරණය අනුව සුබ පැතීමක් කර සහතිකය දීමට තරම් එකල නිළධාරිතුමන්ලා නිරහංකාර පිරිසක් වුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site