
(කේ බුද්ධික කුමාරසිරි)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින "අගුලානේ කුඩු සනා" නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසයි
එලෙස පවරා ගත දේපළ අධිකරණය මගින් ලබා ගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට ලබා දීමට කටයුතු කල බව ද එම ඒකකය පවසයි
මෙරට ප්‍රධාන පෙලෙහි මත් ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු වන "අගුලානේ කුඩු සනා" නැමැත්තා සහ සැකකරුගේ මව (කුඩු ශ්‍රිමති) සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා (අගුලානේ පොඩි මෑන්) යන පවුලේ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවසිටින අය බවත් සියලු දෙනාටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා වී තිබූ බවටද අනාවරණය වී ඇත
අදාල දේපල සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහත්වරුන්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රුවන් කාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක උප පොලිස් පරීක්ෂක සහන් එදිරිසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන 25456 අස්වර් 97501 ජයරත්න මහත්වරු ඇතුලු නිළධාරීන් පිරිසක් විසින් මෙම විමර්ශන සිදු කර ඇත


2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අගුලානේ කුඩු සනාගේ’’ කෝටි 30ක දේපල පවරා ගනියි
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 06:52 AM
සමහර නිළධාරින් සහ දේශපාලනය කලවුන් පොහොසත් වෙච්ච හැටිත් හොයන්න. අපේ දුප්පත්කමට හේතුව එතන තියෙනව.කුහකයො කියන්න එපා. සාධාරණ අය ගැන නොවෙයි.