IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

සුනක්‌ යුවලගේ වත්කම 2024 වසරේදී ස්ටර්ලිං පවුම් මිලියන 529 සිට 651 දක්වා වැඩිවී ඇති බවද එරට ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් 1000 බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගියදා ප්‍රකාශයට පත කළ අතර එහිදී සුනාක් යුවළට 245 වැනි ස්ථානය හිමිවී තිබූ අතර ඔවුන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 651 ක් ලෙස සඳහන් විය. තෙවැනි චාල්ස් රජුට එම ලැයිස්තුවේ 258 වැනි ස්ථානය හිමිවී තිබූ ඔහුගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 610 ලෙස සටහන් වූවේය.

සුනාක් පවුල පසුගිය වසරේදී සිය වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 122 කින් වැඩි කර ගනිද්දී තෙවැනි චාල්ස් රජුට වත්කම වැඩිකර ගැනීමට හැකිවී ඇත්තේ ස්ටර්ලිං පවුම් මිලියන 10 කින් පමණක් බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙලෙස විශාල ප්‍රමාණයකින් සුනාක් පවුලට සිය වත්කම් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අක්ෂාටා මුර්තිගේ පියාගේ ව්‍යාපාර හේතුවෙන් බව එම පුවත්පත පෙන්වා දුන්නේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ධනවත්ම යුවළ වන්නේද සුනාක් යුවළ බව බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.අග්‍රාමාත්‍ය සුනාක්ගේ තනි වත්කම අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ වතක්මට වඩා වැඩි බව එම පුවත්පත සඳහන් කළේය.

 



අදහස් (4)

අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි

එරංග Sunday, 19 May 2024 03:37 PM

ජේවීපී ලන්ඩන් ශාඛාවට පුළුවන් සුනාක් පවුල ධනවතුන් වුනේ කොහොමද කියලා හොයලා බලන්න.

:       67       58

Chathuri Monday, 20 May 2024 03:56 AM

ජේ වී පි. එකටකිසිම තේරුමක් අනුන්ගේ. මුදල් වත්කම් හොයන්න අනිවාර්‍යෙන් ඔවුන්. ලංකාව බංකොලොත් කරපු කම්බ නාකි හොරු ටික හිර ගෙදරට යවයි උපන් ඇදුමින්. නාකිගෝබ්බයො ජානාෆ්හිපති වුණාට පස්සේ මහ ලොකු පෝසත්තු වුනේ. මොළයක් නැති නිසා දැනුමකුත්. නැති නිසා රටේ මුදල්. කප්පම්. ජනතාවගේ. මුදල්. හැම දේකින්ම හොරා කාලා. වලව්වල ඉන්නෙ දෙමව් පියන්ගෙන් ලැබුණු විදියට. කුලියට හිටපු උන්ට ගිය කලක්.

:       4       4

පිටරටවැසියා Monday, 20 May 2024 11:22 AM

එරංග, ඊට වැඩිය හොඳ නැද්ද අපි ඔක්කොම එකතුවෙලා වසර 76ක් ලංකාව පාලනය කරපු අයගෙන් කී දෙනෙක්ට දේශීය ව අමතරව විදේශීය වත්කම් තියෙනවාද, ඒවා ලැබුණේ කොහොමද කියලා හොයාගන්න එක... ඔයා දන්නේ නැතිවුණාට 77න් පස්සේ රාජ්‍ය පාලනයේ සිටි බොහෝ දෙනෙක්ට විදේශීය වත්කම් තියෙනවා, ඒ අතුරින් ලන්ඩන් විශේෂයි.

:       0       2

de silva berlin Monday, 20 May 2024 11:48 AM

එංගලන්තයේ දේශපාලකයාගේ වත්කම කොපමණද කියලා රටේ ආණ්ඩුව සහ පුරවැසියන් හරියටම දන්නවා.. අපේ රටේ දේශපාලකයාගේ වත්කම හරියටම කොපමණද කියලා ඔහුවත් දන්නේ නැහැ. බොහෝවිට අනුන්ගේ නමට දේපල මිලදී ගන්නා නිසා ඔහුටත් අමතක වුණු ඉඩම් දේපල රටේ තිබෙනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site