IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගමැති මැදුරෙන් රූපවාහිනි ඉස්සූ සුපවේදියා මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අරගලයේ මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභහානි සිදු කොට අගල් 54 ස්මාර්ට් වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන ගිය සූපවේදියකු (28) දා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

ඒ සමග සොරාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකෙන් එක් රූපවාහිනි යන්ත්‍රයක් සැකකරු තාවකාලිකව පදිංචි කොල්ලුපිටිය ධර්මකීර්තියාරාම පාරේ පිහිටි බෝඩිමක තිබී සොයාගත් අතර අනෙක් රූපවාහිනි යන්ත්‍රය රුපියල් 10000 අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ආරබොක්ක පාර ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් ඉකුත් ජූලි 09 දා අරගලයේ මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභහානී සිදුකොට එහි තිබූ භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබුණි.

ස්ථානීය හා බාහිර ආරක්ෂිත කැමරා පද්දති පරීක්ෂා කොට විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතාට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය ධර්මකීර්තියාරාම පාරේ පිහිටි බෝඩිමක් පරීක්ෂා කරන ලදී. එහිදි අරලියගහ මන්දිරයෙන් අස්ථාන ගත වු බවට සැකකෙරෙන සොෆ්ට්ලොජික් ප්‍රීසම් වර්ගයේ අගල් 54 ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් සොයා ගැණිනි.

සොයාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකෙහි වටිනාම රුපියල් ලක්ෂ හයකට ආසන්න බව පොලිසිය පවසයි .

සැකකරු මෙරට චීස් නිෂ්පාදනය කොට විදේශ රටවලට අපනයනය කරන සමාගමක සූපවේදියකු බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී ඔහු අධික ලෙස අයිස් පානයට ඇබ්බැහි වූවකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී සාපරාධී බියගැන්වීම් සිදුකොට එහි දේපළ වලට අලාභ හානි සිදුකොට භාණ්ඩ සොරාගැනීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කොටුව පොලිසියට භාර දීමට නියමිතව තිබුණි .

 



අදහස් (11)

අගමැති මැදුරෙන් රූපවාහිනි ඉස්සූ සුපවේදියා මාට්ටු

රාවණා Friday, 29 July 2022 10:28 AM

දැන් ඉතින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරනකොට මර්දනය කරනෝ කියලා බෙරිහන් දෙන්න නම් එපා

:       6       59

යෝගා Friday, 29 July 2022 11:00 AM

බැලුවහම ජූලි 9 තිබිලා තියෙන්නේ අරගලයක් නෙමෙයි, මහා මංකොල්ලයක්. ඕක මෙහෙයවපු රතු නායකයන්ට රටේ පාලනය ගියොත් මුලු රටම ගිනි තියලා මංකොල්ල කන්න මාස හයක්වත් යන එකක් නෑ.

:       20       57

randilFriday, 29 July 2022 11:23 AM

ඇයි ඉතින් ගෙදරට වෙලා නිකන් බලාගෙන හිටියේ..? සැබෑ දේශප්‍රේමීන්ට යන්න තිබ්බනේ.. නිවටකමට ඉඳලා දැන් ගිය අයට බනිනවා වහල්ලු...

:       42       30

ලුම්බිණි Friday, 29 July 2022 11:34 AM

බිලියන ගණන් හොරකම් කල උන් අල්ලන්න උනන්දුවක් නම් නැහැ නේද?

:       15       32

samanFriday, 29 July 2022 02:55 PM

පොලිසිය ලොකු හොරුන්ට බයයිනේ...

:       4       3

Aeru Friday, 29 July 2022 11:54 AM

අරගලයේ මුවාවෙන් නෙමෙයි අරගලය කියන්නේ ඒක...

:       7       18

කිරි පතා Friday, 29 July 2022 12:01 PM

කුඩ්ඩන්ගෙයි, මංකොල්ලකාරයින්ගෙයි, රස්තියාදු කාරයින්ගෙයි, අසීලාචාර මිනිසුන් ගෙයි, කාගෙන් හරි මුදල් ලැබෙනවා නම්, අසූචි වුවද බුදින මිනිසුන්ගෙයි මහා අරගලයක ලක්ෂණ...!

:       6       24

Nuwan Friday, 29 July 2022 12:18 PM

බඩුත් හම්බන්තොට.... හොරුත් හම්බන්තොට... නඩුත් හම්බන්තොට...

:       7       26

Nandalal DE SILVA - FranceFriday, 29 July 2022 03:24 PM

එතකොට රාජපක්ෂ පරම්පරාවත් ඒ පැත්තෙම නේද? දන්නෙ නැති නිසයි ඇහුවේ...!

:       0       1

APerera Friday, 29 July 2022 01:38 PM

මේවා ගත්තේ මහජනයාගෙන් හොරකම් කරපු සල්ලි වලිං නෙමෙයි වෙන්න ඇති...

:       0       0

sam Friday, 29 July 2022 03:30 PM

ඔය හැම හොරකමක්ම කරලා තියෙන්නේ, අරගල කරුවන් විදිහට වෙස්වලාගෙන පැමිණ අරගලය අල කරන්න ආපු සාටක පවුලේ සාටක නාමල්ලාගේ ගෝලබලයෝයි..!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site