IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අගමැති ගැන අහන්න ජනමත විචාරණයකට යාහැකියි - ලක්ෂ්මන් යාපා

නිමල කොඩිතුවක්කු
 
නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතොත් ජනමත විචාරණයකට යොමු වීමට වුවද පසුබට නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද(07) පැවසීය.

 
තම තීන්දුව සම්බන්ධයෙන්  ඕනෑම අවස්තාවක ජනමත විචාරණයකට යාමට පවා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
 
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද කීවේය.

‘‘මේ වනවිට පාර්ලිමේන්තුව තුල පක්ෂ නායකයන්ගේ නිල නොවන රැස්වීමක් පවත්වාගෙන යනවා. උද්ගතව ඇති තත්ත්වය සහ පාර්මේන්තු කටයුතු පිළිබඳවත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව 14 වැනිදාට පෙර කැඳවීමක් සිදුවන්නේ නැහැ.  ජනාධිපතිවරයා   නියම  කළ දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම බළයක් කතානායකවරයාට නැහැ. 14 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ තියෙන්නේ  ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමක් පමනයි.
 
එදා දවස තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක්  පෙන්වීම පිළිබඳ මාධ්‍යය මගින් අදහස් ප‍්‍රකාශ කරනවා.  එවැනි කටයුතු කිසිවක් එදින පාර්ලිමේන්තුවේදී සිදුවන්නේ නැහැ. ජනාධිපතිවරයා  සිදුකරන ප‍්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව වෙනත්  දිනයකට කල් දානවා. 
 
ඉන්පසුව  නැවත පක්ෂ නායකයන් රැස්වෙලා ඊළඟ න්‍යාය පත‍්‍රය සකස් කරනවා.  ඒ න්‍යාය පත‍්‍රයට අනුව විශ්වාසභංගයක්ද එහෙම නැත්නම්  වෙනත් පාර්ලිමේන්තු කටයුත්තක්ද  කියලා තීන්දුවක් ගැනීමට නියමිතයි.
 
ජනාධිපතිවරයා පත්වුනාට පස්සේ මුලින්ම කරන්නේ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිමයි. අගමැතිවරයා පත් වුනාට  පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙලා කතානායකවරයා පත් කරන්නේ. ඒ අනුව පැහැදිලිවම පේනවා අගමැතිවරයා පිළිබඳ ප‍්‍රශ්නයක් කතානායකවරයාට ඇති වෙන්න විදියක් නැහැ. මේ රටේ  ඕනෑම ප‍්‍රශ්නයකදි ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. නමුත් කිසිවකුත් අධිකරණයට ගිහින් නැහැ.
 
මේ රටේ ඇතිවෙලා තියෙන ප‍්‍රශ්නය 14 වැනිදායින් පස්සේ විසඳිලා යාවි. මේ ගත්ත තීන්දුව නිවැරදිද  කියලා ජනමත විචාරණයකට ගිහින් විමසන්නත් පුලූවන්. පසුගිය 05 වැනිදා  ජනමතය කොහෙද කියලා පැහැදිළිව පෙනුනා.‘‘  

ඡායාරූප : ගයාන් අමරසේකර


 



අදහස් (0)

අගමැති ගැන අහන්න ජනමත විචාරණයකට යාහැකියි - ලක්ෂ්මන් යාපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site