
(යොහාන් භාසුර)
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැනඩාව බලා අද (24) අලුයම ටත්ව ගියාය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය අද (24) සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.
එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැතිනිය කැනඩා යයි
Roni Tuesday, 24 June 2025 12:25 PM
සුබ පණිවිඩයක් අරගෙන යන්න වගේ යන්නේ...
මාලිමාපෙන්දා Tuesday, 24 June 2025 12:41 PM
යමු යමු. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කියන්නේ අර අරකනේ. ඒක තමයි දැන් රටේ දැවෙන ප්‍රශ්නය. ඊට අමතරව කැනඩාවේ තමයි කොටි වැඩි හරියක් ඉන්නේ. ටිකක් සනසලා එමු සහෝ...
Anura Tuesday, 24 June 2025 01:33 PM
අර ඉන්දියාවේ ඉගෙන ගත්තු පාසලෙන් තවම බලාගෙන ඉන්නවා ආඩම්බරෙන් ඒ ගොල්ලොන්ගේ පාසලට ඇවිල්ලා යයි කියලා එක සැරයක්, හැබැයි මෙයා යන්නේ යුරෝපය, කැනඩාව වගේ රටවල් වලට විතරයි, රනිල්ගේ ජාතියම තමයි..
Asela Tuesday, 24 June 2025 03:45 PM
බදු ගෙවන්නියකගේ මුදල් නාස්ති කිරීම ගැන ලැජ්ජාවට කරුණක්. ඇය අධ්‍යාපන අමාත්‍යවරියක් ලෙස ගල් යුගයේ ගුහාවක ජීවත් වන අතර රාජ්‍ය විශ්ව විද්‍යාලය හරහා පවා තමන්ගේම පුරවැසියෙකුට අධ්‍යාපනයට ඇති අයිතිය වෛද්‍ය වෘත්තියට සීමා කරන ලදී. මේ රටේ කුණු වූ කොමියුනිස්ට් දෘෂ්ටිවාදය ඇය ලෙස්බියන් සහ සමලිංගික අයිතිය නියෝජනය කිරීමට වඩා හොඳ නම් අපි ඇයට විරුද්ධ නොවෙමු...