
(බී.ජි. චතුරංග )
තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින 'අග්බෝ' හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අක්කර පනහ, ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මෙම පහරදීම සම්බන්ධය වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය පොලිසියට සිදු කල පැමිණිල්ලකට හා පුද්ගලයෙකු විසින් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබා දුන් තොරතුරකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තිරප්පනේ ප්‍රදේශයේ වාස භූමිය කර ගනිමින් ජීවත් වූ , දැනට මෙරට තුල ඉතිරිව සිටින සද්ධන්ත ඇතෙකු වන අග්බෝ හස්තියා මීට වසරකට පෙර පාදයකට සිදු වූූ වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල තුවාල සිදුවිය.
බඳින කදක් පත්තුවීම හේතුවෙන් ඉදිරි වම් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් වනජීවි අංශ, පශු වෛද්‍ය නිලධාරීන් විසින් 100ට වැඩි වතාවක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම හස්තියා තරමක සුව අතට හැරිණි.
මේ වන විට අග්බෝ හස්තියා ප්‍රදේශයේ, භෝග වගාවන් විනාශ කරමින් ගම්මාන වල සැරිසරන අතර නිරන්තරයෙන් ගම්වාසීන්ගේ ප්‍රහාරවලට ලක්වන බව වන අලි ඇතුන් සුරැකීමේ සංවිධානයක නියෝජිතයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අග්බෝ‘ගේ ඇසට කැටපොලයකින් විද්ද අයෙක් අත්අඩංගුවට
kotiya Friday, 19 July 2024 09:42 PM
අනේ මන්දා. එයාව සනීප කළාම එයා ආයි මිනිසුන්ටම කරදර කරනවා. එයාව මැරුවොත් සද්දන්ත කුලේ අයගෙන් අවසන් වෙනවා. එයාව අල්ලලා පින්නවලටවත් ගෙනිච්චොත් හොඳයි වගේ...