IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්

(යොහාන් භාසුර)

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට සැකකරන බවත් සිද්ධිය පිළිබඳව ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මෙම මරණය යම් පහරදීමක් හේතුවෙන් සිදුවූවක් යැයි අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති බව ද එම මහතා සඳහන් කළේය.  

වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා ඇති බවත් අගුණුකොළපැලැස්ස පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය.

අගුණුකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය අදාල ස්ථානීය පරීක්ෂණය කළ බව ඔහු සඳහන් කළේය.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය, නව නගරයේ පදිංචි 46 හැවිරිදි ජේ. ඒ. අසංක ඉදුනිල් යන මරණයට පත්වූ පුද්ගලයා එම බන්ධනාගාරයට පසුගිය 30 වැනිදා යොමුකළ බවත්  නවක රැදවියන් රදවනු ලබන වාට්ටුවක රදවා සිටියදී ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැදවීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.

මෙම රැදවියා මෙසේ රදවා සිටි වාට්ටුවේ බිම ඇදවැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණුකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කළ බව කී දිසානායක මහතා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම රැදවියා මියගිය බවත් ඒ මහතා සඳහන් කළේය.



අදහස් (1)

අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්

ගුණරත්න Tuesday, 06 May 2025 12:54 PM

අධිකරණයට කරපු අපහාසය තමයි අධිකරණයේදී දුරකථනය නාද වීම, එකට මේ මනුස්සයා ජීවිතෙන් වන්දි ගෙව්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site