(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අකුරැස්ස නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වු බව කියන දකුණු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු අද (08) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
එලෙස අත් අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් හා අජන්ත ගම්මැද්දගේ යන මහත්වරු විය.
ඉන්ධන මිල ඉහල දැමීම,ජීවන බර වැඩි වීම,පාසල් දරුවන් සැමට නිසි ඔන්ලයින් අධ්‍යාපනයක් හිමි නොවීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගෙන රජයට විරුද්ධව එම විරෝධතාවය පැවැත්වූයේ අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිටදීය.
රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් මහජන එක්රැස්වීම් හා උද්ඝෝෂණ තහනම් කර තබෙන බව පොලීසිය එහිදී විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේය.
එම නියෝගය නොතකා ඔවුන් උද්ඝෝෂණය පැවැත්වු අතර පසුව ඊට නායකත්වය දුන් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් 13 දෙනෙකු පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන අකුරැස්ස පොලීසිය වෙත රැගෙන ගියේය.
එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් ඇති විය.
ඒ අනුව සැකකරුවන් 13 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් පොලිස් ඇප මත මුදා හල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඔවුන් ලබන 28 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුරැස්ස නගරයේ පැවැති උද්ඝෝෂණයකින් 13 ක් අත්අඩංගුවට