
(අංජුල මහික වීරරත්න)
වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපයේ රබර් වගා මහ සැලැස්ම ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ (Technically Specified Rubber – TSR) නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 10ක් ඇති අතර ඔවුන් විසින් තම නිෂ්පාදන සඳහා යොදාගන්නා TSR රබර් සඳහා යොදා ගනු ලබන්නේ රබර් කිරි කැපීමේ දී බැහැර කරනු ලබන ඔට්ටපාලුය ( Tree laces) .
නමුත් දැනට තම නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 30ක් පමණ ප්‍රයෝජනයට ගන්නා බවත් ඔට්ටපාලු හිඟය ඊට බලපා ඇති බවත් කර්මාන්තකරුවෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්කර ලක්ෂයක රබර් වවන්න යයි
Frencis Thursday, 01 August 2024 11:14 AM
ඉස්සර හොදින්ම රබර් වගාව රත්නපුර දිස්ත්‍රික්කයේ තිබුණා ඒත් දැන් කිරිකැපීම සදහා කැපුම්කරුවන් නැතිවීම සමඟ පවතින අධික වැස්ස නිසා ප්‍රයෝජනයක් නැහැ අවුරුද්දේ දින කීපයක් පමණක් කිරි කපා ප්‍රයෝජනයක් නැති නිසා බොහෝ දෙනෙක් අක්කර එකක් දෙකක් තියෙන විට නැවත සිටුවීමක් නොකරන තත්වයක් තියෙනවා ඔය කියන ප්‍රදේශවල නම් වැස්ස අඩුනිසා සාර්ථක වෙන්න පුළුවන්