මුඛය යනු මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයකි. නිරෝගී මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පුද්ගල පෞර්ෂත්වය වැඩි දියුණු කරන සාධකයකි. මුඛයේ දුර්ගන්ධයක් දැනෙනවානම් ඔබ බාහිරව කෙතරම් ප්‍රියමනාප වුවද වැඩක් නැත. මුඛ සෞඛ්‍යය රැක ගැනීමෙහිලා නිවැරැදිව දත් මැදීම කළ යුතුම දෙයකි. අප ගන්නා ආහාරවල කුඩා කොටස් දත් අතර රැඳී තිබියදී විවිධාකාර බැක්ටීරියා සෑදී ඇතිවන සල්ෆ සංයෝගය හේතුවෙන් මුඛ දුර්ගන්ධය හට ගනී.
මේ තත්ත්වය වලක්වා ගත හැකි ක්‍රම
උදේ සවස දෙවතාවක් දත් මදින්න.
දත්වල කුහර ඇත්නම් ඒ තත්ත්ව වලක්වා ගන්න
විදුරුමස් රෝග පවතී නම් ඒවාද වලක්වා ගන්න
අඩුම තරමින් වසරකට දෙවතාවක්වත් දන්ත වෛද්‍යවරයකු මුණ ගැසී මුඛය හොඳින් පරීක්ෂා කර ගන්න. එවිට වෛද්‍ය උපදෙස් මත ඔබට ප්‍රති බැක්ටීරියාකාරකයක් හෝ මුඛ සේදුම්කාරකයක් ඔබට ලබා ගත හැකියි.
ඔබ භාවිත කරන දත් බුරුසුව කෙසේ විය යුතුද?
මෘදු කෙඳි සහිත අලුත් දත් බුරුසුවක් විය යුතුය. කෙඳී ගැලවීගිය පරණ බුරුසු භාවිතය සුදුසු නොවේ.
සීනි, කෝපි පානය, බීම වර්ග, පැණි රස ආහාර නිරන්තරයෙන් මුඛයේ දිගු වේලාවක් තබා ගැනීමත් ,නිතරම ආහාරයට ගැනීමත් සුදුසු නැත. එසේම ඇල්කොහොල්, දුම්පානයද ඉතාම අහිතකර වේ. මෙමගින් මුඛයේ දැඩි දුර්ගන්ධයක් ඇති කරයි.
දත් සේම දිවද හොඳින් පිරිසුදු කිරීමටත් මතක තබා ගන්න.
දත් වගේම දිවෙහි රැඳී ඇති මැලියම් ඉවත් වන තුරුම දිව හොඳින් මැද ගත යුතුයි.
තවද මුඛයේ ඇති දුර්ගන්ධයට පිළියමක් ලෙස නිරතුරු චුවින්ගම් හැපීමද අත්හළ යුතු වැරැදි පුරුද්දකි.
මුඛයේ දැඩි දුර්ගන්ධය දිගින් දිගටම පවතී නම් දන්ත වෛද්‍ය උපදෙස් සඳහා වහාම යොමු වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුඛ සෞඛ්‍යය රැක ගැනීම වැදගත්