(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සියලුම වර්ගයේ වාහන සඳහා රක්‍ෂණ සමාගම් නිකුත්කරන තුන්වැනි පංතියේ සෑම රක්‍ෂණ ආවරණයකින්ම මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභාවට මෙතෙක් ලැබුණු සියයට එකක ප්‍රතිශතය සියයට දෙකක් බවට පත්කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1998 අංක 5 දරණ මෝටර් වාහන සංශෝධන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යංශය පවත්වාගෙන යන මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභා අරමුදලේ මූලිකම කාර්ය වන්නේ හදුනානොගත් වහනවලින් සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීම වන අතර 2004 නොවැම්බර් 24 දින අංක 1368/18 දරණ ගැසට් පත්‍රයට අනුව රක්ෂණ සමාගම් තෙවන පාර්ශවීය රක්ෂණයන්ගෙන් සියයට එකක මුදලකින් මෙම අරමුදලට දායක විය යුතු බවට පෙර පැවතුණි.
මුදල් අමාත්‍යංශය සහ රක්‍ෂණ සමාගම් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාර්ග ආරක්‍ෂව පිළිබඳ ජාතික සභාවේ රක්‍ෂණ සමාගම් දායකය වැඩි කරයි