IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


’’ජාතික සභාවට සහභාගී වෙන්නේ නෑ’’

(නිමල කොඩිතුවක්කු)

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට හෙට(29) දිනයේ තමන් සහභාගී වන බැවින් හෙට පැවැත්වෙන ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කෙටි දැනුම් දීමක් මත පමණක් හෙට දිනයේ හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ පිලිබඳ  ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින්  ඉදිරියේදි ගන්නා  බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර  පිලිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව  ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.



අදහස් (16)

’’ජාතික සභාවට සහභාගී වෙන්නේ නෑ’’

සුද්දා Wednesday, 28 September 2022 09:08 PM

පළමුව පක්ෂය, දෙවනුව පක්ෂය, තෙවනුව පක්ෂය... පක්ෂය පක්ෂය පක්ෂය. රට... වැඩක් නැත වැඩක් නැත වැඩක් නැත. ආණ්ඩු බලය ඊට වැඩිය වැදගත්ය. ඔන්න අපේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක් දැක්ම.

:       5       18

යෝගා Thursday, 29 September 2022 09:31 AM

බයවෙන්න දෙයක් නෑ. මෙයා කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ

:       4       15

SurainThursday, 29 September 2022 12:08 PM

හොරුන් එක්ක මොන ජාතික සභාද හලෝ...? එතුමා හරි... ඔය කැඳ හැලියෙන් වෙන සෙතක් නෑ. දුප්පතාට වැඩක් කිරීමට කාලය යෙදීම 1000 වාරයක් හොඳයි.

:       0       0

Saththaya Wednesday, 28 September 2022 09:30 PM

අනේ හොදයි , වාසනාවයි .

:       2       12

sampath Wednesday, 28 September 2022 10:24 PM

මේ වගේ විපක්ෂ නායකයෙක් නිසයි මේ වගේ වෙන්නේ... විපක්ෂ නායකයා කියන්නේ ඕනෑම වෙලාවක බලය ගන්න සූදානම් කෙනෙකුට. හැමදෙයින්ම මග අරින්න බැරි නිසා වෙන්න ඇති... ඔය තනතුර සුදුස්සෙකුට දුන්නා නම් හොඳයි නේද?

:       0       0

chandima Wednesday, 28 September 2022 11:21 PM

ඔන්න අපේ වගකිවයුතු පක්ෂයක වගකිව යුතු නායකයා..! රටේ ආර්ථික ප්‍රශ්නය විසඳනවාට වඩා ජනහමුවලට ගිහින් ඡන්ද කඩාගන්න එක වටිනවා එයාට...

:       0       0

කිරිපුතා Wednesday, 28 September 2022 11:40 PM

ඔබ තුමා මොහොකටවත් සහභාගි වෙන්න එපා. ඔහොමම ඉන්න.

:       3       15

susil wijesingha Thursday, 29 September 2022 04:14 AM

ජාතික සභාවට එක්වෙන්නත් අසයි බයයි නැතිව වැටිච්ච රට ගොඩ ගන්න ඔබ ඔතනට ගෙන ආව නායකයන්ට උදව් කරන්න. ඒකයි මනුෂ්‍යයන්ගේ පරම යුතුකම වෙන්න ඕනි. කකුලෙන් ඇඳීම ඉරිසියාව අයින් කර ගන්න.

:       1       13

samanThursday, 29 September 2022 02:04 PM

ඒත් හොරුන් සමග වාසේ පරිස්සමින් කළයුතු දෙයක්...!

:       0       0

වැඩබැරි දාස Thursday, 29 September 2022 05:35 AM

මිනිස් සිරුර වේවා යන්ත්‍රයක් වේවා රටක් වේවා සියලු කොටස් එකවගේ ක්‍රියාත්මක වුනොත් වැඩ කරනවා නැත්නම් එකතැනක පල්වෙනවා.නැත්නම් නවතිනවා අගාධයට වැටුණු රට ඔක්කොමලා එකතු නොවුනොත් ගොඩගන්න බැහැ ඔබටත් සමහරක් එවුන්ටත් රටට වඩා පක්ෂය රැකීමත් රටේ විනාශයත් අවශ්‍ය බව පැහැදිලිවම පේනවා

:       0       14

Rasika Thursday, 29 September 2022 06:06 AM

අනේ ෂයිලොක් නොදිටි මොක්පුර

:       2       13

Bamunuarachchi Thursday, 29 September 2022 06:16 AM

සහබාගි වෙන්න ආසයි බයයි. පස්සේ ජාතික සබාවට පත්වෙච්ච අයගේ වැරදි කියනවා. ඔන්න මගේ හැටි.

:       4       15

P.d goonawaedene Thursday, 29 September 2022 11:00 AM

හරක් සමිති සමාගම් වලට ගන්නවද?

:       0       0

fairoos Thursday, 29 September 2022 12:10 PM

ඔය පොහොට්ටුවේ හොර සෙට් එක ඉන්නකන් මොනවා කළත් වැඩක් නැහැ. වහාම ඡන්දයක් තියන්න.

:       0       0

BamunuarachchiFriday, 30 September 2022 05:41 PM

හම්බ සෙට් එක ඉන්නකන් රටට වැඩක් වෙන්නේ නැහැ. ගම්මිරිස් මල්ල දීලා මේ සෙට් එක එලවන්න.

:       0       0

Surain Thursday, 29 September 2022 12:12 PM

හොරුන් එක්ක ජාතික සභා හැදීම... ඒකත් හොර ගුබ්බෑයමක් වීමයි. ඒ කාලය දුප්පතා වෙනුවෙන් වෙන්කිරීම දහස් වාරයක් ප්‍රයෝජනවත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 315 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 187 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 254 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 748 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 264 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 242 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site