IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘තහනම් රටවලින් සංචාරකයන් පැමිණ නෑ‘‘

( තිළිණි ද සිල්වා )

ගුවන් මගීන් පැමිණිම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 06න් සංචාරකයන් ගතවූ 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද කීවේය.

පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග නැරඹීම සදහා දැනට මෙරටට පැමිණීමට හැකිබවත්, ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු කීවේය.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් සියයට 90කට ආසන්න පිරිසක් එන්නත්කර ඇති බැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද සංචාරක ඇමතිවරයා කීවේය.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

 



අදහස් (3)

‘‘තහනම් රටවලින් සංචාරකයන් පැමිණ නෑ‘‘

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 28 November 2021 03:59 PM

තව සතියක් දෙකක් යද්දී බලන්න ලෝකේ එකඑක රටවලින් මේ රෝගය මතුවෙන හැටි... ලෝක සංවිධානවලින් මේ අලුත් ප්‍රබේදය ගැන මෙච්චර අනතුරු අඟවන්නේ ඇයි කියලාවත් තෙරුම් ගන්න මේ පුරසාරම් දොඩවන ඇමතිලාට පුංචි හරි ඔලුවක් නැත්තෙ ඇයි..? හැමදේම ගැසට් ගහලා රිවස් කරනවා වගේ සුළුවෙන් තකන්න එපා ඇමතිතුමා..

:       1       8

kapila Sunday, 28 November 2021 05:27 PM

ඔමික්‍රෝන් ඩෙල්ටා වගේ 500 ගුණයකින් ප්‍රබලයි. දැන් ඒ පිළිබඳව අනතුරු අඟවලා තියෙන්නේ. මේ වගේ මොලේ නැති ඇමතිවරු නිසා තමයි ලංකාව විනාශ වෙන්නේ... හරි නම් වහාම ගුවන්තොටුපල වහලා රට ආරක්ෂා කරන්න වෙනවා. මේක දුපතක් නිසා හොඳම විසඳුම එයයි. දැන් එංගලන්තේ මේක තියෙනවා. ලංකාවට ලේසියෙන්ම එන්න පුළුවන්. ආවොත් ප්‍රසන්න මහත්තයා වගකියනවාද?

:       2       10

යෝගා Sunday, 28 November 2021 06:03 PM

මේක අප්‍රිකාවෙන් අපිට එන්නේ මැද පෙරදිග හරහායි. දැනටමත් ඇවිත් ඇති... වෛරසයක් රටකට ඇතුළුවීම පමාවී හෝ සිදුවෙනවා. අනතුරට බුද්ධිමත්ව මුහුණ දිය යුතුයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 103 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 414 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 325 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 248 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 629 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1280 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site