IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොරියකින් පාසල් ගිය සිසුන් 13ක් තට්ටුව කඩා වැටී රෝහලට

(බී.ජී. චතුරංග සහ පැතුම් දර්ශන)

ඉන්ධන අර්බූදය නිසා ගමනා ගමන පහසුකම් නොමැතිව ලොරි රථයකින් ගමන් ගත් සිසුන් පිරිසක එම ලොරියේ තට්ටුව කඩා වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ සිසුන් 13 දෙනකු රෝහල්ගත කර ඇත.

ගලෙන්බිදුණුවැව තක්ෂිලා විද්‍යාලයේ ඉගෙනුම ලබන, ළමුන් තිහකට වැඩි පිරිසක් මෙම කුඩා ලොරි රථයේ ගමන් කර ඇත.  ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කළ ළමුන් තිදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කැකිරාව සිට දාච්චිහල්මිල්ලෑව දක්වා දිවෙන මාර්ගයේ මාර්ගයේ ලොරි රථ හිමියකු ඇල්ලවැව හන්දියේ රැඳී සිටි පාසල් සිසුන් පිරිසක් මෙම ලොරි රථයේ රියැදුරා පාසලට ඇරලවීම සඳහා රැගෙන ගොස් ඇත.

අනතුරුව කුඩා ලොරි රථ රථයේ තට්ටුවට බර වැඩි වීම හේතුවෙන් එය කඩා වැටී ඇති බවද පොලිසිය කියයි.

රෝහල් ගත කෙරුණු ළමුන් දහ තුන්දෙනාගෙන් බොහෝ පිරිසක් මූලික ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිසුන් තිදෙනාගෙන් එක් සිසුවෙකු ගේ පාදයේ අස්ථි බිදීමක් සිදු ව ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි.



අදහස් (2)

ලොරියකින් පාසල් ගිය සිසුන් 13ක් තට්ටුව කඩා වැටී රෝහලට

de silva Saturday, 02 July 2022 10:54 PM

අපේ රට රකින බංකරේ හැංගිලා ඉන්න විරුවා නොහොත් බංකරයින් නම් ගමන් කරන්නේ වෙඩි නොවදින බෙන්ස් එකේ හෝ රේන්ජ් රෝවර් එකේ...

:       0       1

sharm warn Monday, 04 July 2022 10:56 AM

අනේ අර රට රකින්න ආපු විරුවාව ඔය ලොරි තට්ටුවේ නග්ගලා පොඩි රවුමක් යවන්නකෝ. මුක්කුවට ගෙනාපු රනිල්වත් එක්කම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 35 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 102 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 352 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 159 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 305 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 690 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site