රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.
මීට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබූ අතර ඊට වඩා වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් 2019-12-31 වන දිනට සම්පූර්ණ කර ඇති අයට මේ සඳහා අයදුම් කළ හැක.
මේ සඳහා වන අයදුම්පත් මෙම මස 20 වැනිදාට පෙරතැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඞ් පෝස්ට් කූරියර් සේවාව මගින් රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට යොමු කළ යුතුය.
ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 ලෙස සඳහන් කර තිබිය යුතුය.
අදාළ අයදුම්පත් ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර වැඩිදුර තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ඉහළට
Laal Sunday, 09 February 2020 03:07 PM
55 කරා නම් මොකද වෙන්නේ? 45 වෙනකමුත් රස්සාවක් නැහැ කියන්නේ ජොබ් එකකට සුදුසු නැහැ කියන එකනේ...
Mahesh Sunday, 09 February 2020 05:47 PM
මාර විහිලුවක්නේ මේ. 60 වෙනකන්ම වැඩි කරා නම් හරි.. යහපාලනය වගේම මේකත් විහිලුවක් වේගෙන එන්නේ..
indra Sunday, 09 February 2020 06:40 PM
මෙම වයස් සීමාව රැකියා බලාපොරොත්තුවෙන් සිටින සෑම කෙනෙකුටම හිමිවෙන්න ඕනේ...
Wasantha Sunday, 09 February 2020 08:45 PM
මේකේ කමෙන්ට් කරලා තියෙන අය වගේ අය තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. ලෝකේ ගැන අවබෝධයක් නැතුව ගෙම්බන් වගේ රට දිහා බලන්නේ. ලෝකේ දියුණු වුණු රටවල් වල මිනිස්සු වයස 60 වෙද්දිත් උපාධි ගන්නවා. රස්සාවල් මාරු කරනවා. කම්පැනි අලුතින් ඕපන් කරනවා. අපේ රටේ මිනිසුන්ට ගෝඨාභය මහත්මයා වගේ ලෝකේ ගැන දන්නා මනුස්සයෙක් හොඳ වැඩියි.. බඩු මලු නිකන් බෙදන අය තමයි හරියන්නේ...
kapMonday, 10 February 2020 05:32 AM
වයසක උපාධිකාරයෙක් වගේ ඔයා.........
BamunuarachchiMonday, 10 February 2020 02:10 PM
හලෝ 60 පැනලත් උපාධි ගන්න බව අපි දන්නවා. නමුත් ප්‍රශ්නය 60 පැනපු අය රජයේ රැකියා සොයන එකයි. තේරුණාද දැන් මොලේ පෑදුණාද?
රමල් Monday, 10 February 2020 01:30 AM
දීමනාවක් දීලා ගෙදර ඉන්න කියන්න. රාජ්‍ය සේවා අවුල් නොකර...
Bamunuarachchi Monday, 10 February 2020 01:34 AM
වයස සීමාවත් ළඟ එන ඡන්දෙත් අතර මොකක්දෝ සම්බන්ධයක් තිබෙන බව පෙනෙනවා. ඔය 45වෙනතුරු උපාධිධාරීන් රැකියාවල් නොකරද ඉන්නේ? නැහැ මොවුන් රජයේ රැකියාවල් සොයන්නේ මොකද ජනතාවගේ මුදලින් පඩි ගන්නයි, පැන්ෂන් ගන්නයි...
Bamunuarachchi Monday, 10 February 2020 01:40 AM
අඩුම ගානේ තැපැල් දෙපාර්තමේන්තුවට වත් ලාභයක් ලැබේවිනේ. හැබැයි පුතෝ මොවුන්ට රැකියා දුන්නාට කමක් නැහැ. වැටුප් ගෙවන්න. ජනතාවට බදු ගහන්න එපා. ඔවුන්ටම එම වැටුප උපයන්න පුළුවන් රැකියාවල යොදවන්න...
BamunuarachchiMonday, 10 February 2020 01:44 PM
අහන්න දෙයක් නැහැ. වැඩබැරි උපාධිධාරි 3ක් ඩිස්ලයික් දාලා තිබෙන්නේ...
lalithm Monday, 10 February 2020 03:02 AM
උපයන එක කොහොම වෙතත් මොනවා හරි වැඩක් කරන්න ඕනේ නේද? අපේ ග්‍රාමනිලධාරි කාර්යාලයේ වාඩිවී ඉන්න තව දෙන්නෙක්... එක අයෙක් කෘෂි හෝ මොනවාහරි දෙයක් සඳහා... මේ ළඟදී වෙනත් කරණයකට ග්‍රාමනිලධාරිතුමා හමුවෙන්න ගියාම පොල් ඉඩම් පිළිබඳ විස්තර ඉල්ලා පෝරමයක් පුරවා දෙන්න ඉල්ලුවා. මෙම කටයුතු කාර්යාලවල ඉඳගෙන පුටු රත් කරන දේවල් නොවෙයි නේද? ක්ෂේත්‍රයේ ඇවිදලා අඩුම තරමින් ගන්න පඩියට හරියන්න හරි තොරතුරු රැස් කරන්න මොවුන්ට බැරි නම් මේ කාලකන්නින්ට පඩි දෙන්නේ මොකටද? මොන උපාධිකාරයා වුණත් ඉගෙනගෙන තියෙන්නේ රටේ මහාජ මුදලි නේද? අනික වැඩට එන්නේ දවස් කීයද? ඉන්නේ පැය කීයද? මේ කරන වැඩේට ග්‍රාම නිලධාරිතුමාට කාර්යාල කාර්ය සහායකයෙක් දුන්නා නම් මීට වඩා හොඳයි.
Kamal Monday, 10 February 2020 03:13 AM
සමූහ ගොවිපලවල් සාදා එහි රැකියාවට දමන්න... මොකක් හරි රජයේ රැකියාවක්නේ ඕනෑ.
laaL Monday, 10 February 2020 03:55 AM
හැමකෙනාම අවුරුද්දක්වත් පුද්ගලික අංශයට අනුයුක්ත කරන්න ඕනෑ ආණ්ඩුවෙන් පඩිගෙවලා...
ජයරත්න Monday, 10 February 2020 04:36 AM
උපාධියක් තිබීමම රැකියාවකට සුදුසුකමක්ද? මේ අය රජයේ රැකියාවක්ම ඉල්ලන්නේ ඔහේ කන්තෝරුවකට වෙලා පිංපඩි ගන්න වැඩකට...
BamunuarachchiMonday, 10 February 2020 01:43 PM
උපාධියක් තිබීමම රැකියාවකට සුදුසුකමක්ද? පිස්සුද හලෝ?
Jehaan Monday, 10 February 2020 08:51 AM
මෙච්චර වයස්ගත වෙනකන් දෙමව්පියන්ගෙන් කන්න අඳින්න හිටිය එකෙන්ම කාර්යක්ෂමතාව ඔප්පු වෙනවා. ඕනෑතරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා.