IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔබ සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අපි ගහගන්න ජාතියේ මිනිස්සු නොවෙයි. ඒත් ගැහුවොත් අපි ගහන්නේ ඔය විදියට නොවෙයි. අපි ගහන්න ගිය දාට කාට මොන තුවාල ඇති වේද කියන්න මමවත් දන්නේ නැහැ.." යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මෙයට පෙර ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

"මම ගෙවල් තුනක් එකතු කරලා පදිංචි වෙලා ඉන්නවා කියලා කෘෂිකර්ම ඇමැතිතුමා මේ සභාවේදී ප්‍රකාශයක් කළා. එය ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට මම අභියෝගයක් කළා. ඒත් ඔහු මේ දක්වාම ඒ චෝදනාව ඔප්පු කරල නැහැ. එතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඊට පස්සේ ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගත් පසුගිය අඟහරුවාදා මහින්දානන්ද ප්‍රකාශ කළා, හිටපු ජනාධිපතිවරයා වාහන දෙසීයක් පාවිච්චි කළා කියලා. ඒ වගේම ඒ කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 3.5යි කියලත් ඔහු ප්‍රකාශ කළා. වාහන එක ගාණේ පාවිච්චි කළත් දවස් දෙසීයක් යනවා. ඒ කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මට වෙන් කරලා තිබුණේ වාහන හතරයි. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි.

"මම විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති අද කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික පරිසර වැඩසටහන මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල යන වැඩසටහන් වලට තමයි මේ මුදල් වියදම් කළේ. ඒ වැඩසටහන් රට පුරා ඉතා සාර්ථක වුණා.

මමත් මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවේ ඇමතිවරයකු මට මෙහෙම චෝදනා කිරීම වැරදියි. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි දාහතර දෙනා පෙරේදා රැස්වෙලා තමයි මේ ප්‍රකාශය කරන්න තීරණය කළේ. මේ මඩ ගැහිලි, වැරදි ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:

හිටපු ජනාධිපතිතුමාට මෙහෙම මඩ ගහනකොට අපට ඉවසගෙන ඉන්න බැහැ. මහින්දානන්ද අද මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. හැබැයි පස්ස එළියට දාගෙන ඉන්නේ. එතුමා ඔය වළ තව හාරන්න,හාරන්න කුණු ගඳ එනවා.

ආණ්ඩුවේ කොටස්කාරයන් විදිහට අපි මේ ආණ්ඩුව රැකගන්න කටයුතු කරලා තියෙනවා. ගහන්න ඕනනම් අපිට ගහන්න. පක්ෂ නායකයාට ගහලා මේක කරගෙන යන්න හැදුවොත් විශාල අර්බුදයකට යනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයෙක්. පොළොන්නරුවෙන් වැඩිම ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:

මන්ත්‍රීවරයකු බරපතළ වැරදි ප්‍රකාශයක් කළ හොත් පිළිතුරු දීමට කලින් ඒ මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කරුණාකරලා සභාවට ඇවිල්ලා ඉන්න කියලා. එහෙම වුණා නම් එතුමාට ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න අවස්ථාව තිබුණා. අඩුපාඩුවක් වෙලා නැතිනම් ඒක පැහැදිලි කරයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ නැහැ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම මෙතන සඳහන් වුණා කියලා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්යාලයේ වියදම් සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන මේ සභාවේදී එදා ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිම ගැටලුවක් මතුවී නැහැ. ඒ විදිහට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ජනාධිපතිතුමා තමන්ගෙ වැය ශීර්ෂය ගැන පැහැදිලි ආදර්ශයක් ලබාදී තිබෙනවා. එතුමා ඒක පැහැදිලිව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතා රට එක්කගෙන ගියේ ඉතාම සීමිත නිලධාරින් පිරිසක්.තමන්ගෙ පවුලෙ කෙනෙක් අරගෙන ගියා නම් එතුමා ඒවට අතින් වැය කළා. පක්ෂ අතර අර්බුදයකට මෙය හේතුවක් නොවෙයි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

මම මෙතන නැති වෙලාවෙ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා, වළවල් හෑරුවම ගඳ වැඩිවෙයි කියලා. හෑරුවොත් ගොඩක් ඒවයි ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක්වල ඉඳලා ගොඩක් දේවල් එන්න පුළුවන්. ඒ නිසා මම වළවල් ගැන කතා කරන්නේ නෑ.

හිටපු ජනාධිපතිවරයාගේත් වර්තමාන ජනාධිතිවරයාගේත් වැය ශීර්ෂ ගැන මම මෙතනදී කතා කළා. මම කිව්වේ වැය ශීර්ෂ දෙක අතර වෙනසයි. වර්තමාන ජනාධිපතිවරයා රටට ලබා දීපු ආදර්ශය මම කතා කළා.ඒක කියන්න අපිට අයිතියක් තියෙනවා.මට මගේ ජනාධිපතිතුමා ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට වඩා වත්මන් ජනාධිපතිවරයා බිලියන 1.7 ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය අපට තියෙනවා. මම ඒක තමයි පැහැදිලි කරල තියෙන්නෙ. මම ඒ වියදම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.

මම එතුමාගේ නිලනිවෙස ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විස්තර ලබා ගත්තා. මම මේක කියන්න හිටියේ නැහැ. දොස් කියපු නිසා මම දැන් මේක සභාගත කරනවා. කිසිදු පක්ෂ නායකයකුට ගහන්න අපට අවශ්‍යතාවක් නැහැ. මහින්දානන්දට වෙළේ යන්න බැහැ කියලත් කිව්වනේ. අපි වෙළේ වගේම නියරේත් ගිහිල්ලා තියෙනවා. අපිට ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි වැරදි කරල නැහැ. කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්න අපි ලැහැස්ති නැහැ. අපි නැති වෙලාවෙ මේවා කතා කිරීම වැරදියි.

මගේ පඹයෝ නෙමෙයි, මොක පිච්චවත් මම රජයේ තීන්දුව සමග සිටිනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා:

මහින්දානන්ද බොහොම වේගවත් සංවේදී කතාවක් කළා. හිටපු ජනාධිපති විදිහට ඒ චෝදනාවලට පිළිතුරු දීමට මටත් අයිතියක් තියෙනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. අපි ගහගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. ආපු ගැහුවොත් ගහන්නේ ඔය විදියට නොවෙයි. වෙන විදියකට. ඒකත් මම කියන්නට ඕන.

" ජනාධිපති වැය ශීර්ෂ ගැන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශ ගැන ගැටලුවක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ආදර්ශයක් දීල තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාත් ප්‍රකාශයක් කළා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැය ශීර්ෂයත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයත් අරගත්තේ මම අනවශ්‍ය විදිහට මුදල් වියදම් කළා කියලා පෙන්වන්නයි. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් කටයුතු කළ විදිය ,වියදම් කරපු විදිය, අනුව නම් ආදර්ශයක් ලබාදීලා තියෙනවා. එදා ගුවන් යානා පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි වාහන පාවිච්චි කරපු හැටි බලල 2015 ඉඳලා මම ආදර්ශයක් දුන්නා. මම ඒක පැහැදිලිවම කියනවා.

ගහගන්න ගියොත් මොන මොන තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. අතීතයේ සමහර පක්ෂ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අතේ. ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තම වෙන දේ අපි ඉතිහාසය පුරාම දැක්කා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු පළමුවැනි මැතිවරණයේදී බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා.බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64දී. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව හැත්තෑ පහේදී.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා අන්තිමට ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනතුරුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි වුණු තත්වයට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014දී මම සාධාරණ හේතු මත අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පරාජය වුණා. තුනෙන් දෙකේ බලය කියන එක සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධව හිතන්න ඕන.මීට වඩා බහුශෘත ලෙස හිතන්න ඕන .

මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. අපිටත් බොහොම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට නම් ගහ ගන්න බැහැ. අපි බොහොම අහිංසක මිනිස්සු. මහින්දානන්ද අලුත්ගමගේට අපේ දුමින්ද දිසානායක ඇමතිතුමා හම්බ වෙලා තියෙනවා ඊයේ. ඒ වෙලාවෙදි දුමින්ද අහලා තියනවා, මොනවද මේවැඩක් නැති වාහන කතා කියලා. එතනදි මහින්දානන්ද කියලා තියෙනවා, දන්නෙ නැද්ද අපේ ලොක්කා නඟන්න කියන දේවල්නේ ඕවා කියලා. ලොක්කා නග්ග ගත්තට අපිට කමක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නෙ නැතුව ලොක්කා නග්ග ගන්න දේවල් ඕනතරම් තියෙනවනේ. අපිත් ඉන්නේ ඔය ලොක්කාගේ නායකත්වය යටතේ නේ. ආණ්ඩු පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදා ගන්නේ නැතුව අපි මීට වඩා සංවරව කටයුතු කළ යුතුයි. බොක්සිං ගහගන්න ඒවට නම් මම නැහැ . අපි මිත්‍රත්වය තියාගමු. පහළට වැටෙන්න ඕනේ නැහැ. මහින්දානන්ද කැබිනට් ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක්. දයාසිරි ජයසේකර හිටපු මහ ඇමතිවරයෙක්. අපේ මට්ටම්වලට ගැලපෙන විදියට අපි කතාබහ කර ගනිමු.

මගේ ගෙවල් ගැන කියනකොට අනිත් අයගෙ ගෙවල් ගැනත් කියනවා නම් හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීල තියෙනවා. මම ඒක හොඳ දෙයක් විදිහට දකිනවා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරපු ආකාරය දිහා බලලා ආදර්ශයක් දීල තියෙනවා.අපි ගුණයහපත්, යමක් කමක් තේරෙන මිනිස්සු විදිහට වැඩකරමු කියලා මම යෝජනා කරනවා. මේක දිගට ගෙන යෑම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න යම් කිසි තැනකට ගන්න එක සභානායකතුමාගේ වගකීම.

මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්ව. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ. ආණ්ඩුව මේ කාලයේදී බරපතළ ලෙස අප්‍රසාදයට පත්වීමට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි පඹයෝ පුච්චන ඒව ඔක්කොම ආවේ. ඔබතුමාගේ පඹයෝ පුච්ච ගත්තේ ඔබතුමාමයි. මම මේවා උපේක්ෂා සහගතව ඉවසන කෙනෙක්. ආණ්ඩුවක් විදිහට වැඩ කරනව නම් සහයෝගයෙන් වැඩ කරමු. මම ඊට වඩා කියන්නේ නැහැ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

මම ජනාධිපතිතුමා චූන් කරන්න යමක් කිව්වා කියල හිටපු ජනාධිපතිතුමා දැන් මෙතන කිව්වා. ඒක අතේ පැලවෙන බොරුවක්. මහින්දානන්ද නිසයි මේ ඔක්කොම වුණේ කියලා එතුමා තවත් කතාවක් කිව්වා . මම ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට පාස්කු ප්‍රහාරය ගැනත් මෙතන කියන්න පුළුවන් .

එහෙම නම් මම ඒක ගැනත් කියන්නම්.ඒ නිසා මම එතනින් එහාට යන්නෙ නෑ .මෛත්‍රිපාල ජනාධිපතිවරයාට රිදෙන්න පුළුවන්. මම කිසි දවසක බොරුවක් කියලා නැහැ.මම හිටියේ ප්‍රතිපත්තිය වෙනුවෙන්. මම අගමැති දාලා ගිහින් අගමැතිගෙ කකුලෙන් අදින්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ බොරු කියන්න හොඳ නැහැ.

 



අදහස් (28)

‘‘අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ‘‘

Mewan Thursday, 25 November 2021 03:20 PM

ගලි බව්සර් හැප්පිලා ගඳයි පලාතම

:       0       4

Nandana Thursday, 25 November 2021 03:22 PM

ඔක්කොම යන්න, අපිට නිදහසේ ඉන්න.

:       0       3

චන්දන Thursday, 25 November 2021 03:27 PM

නිකං ඉන්න මහත්තයා . ඔයාලගෙ ගහපු ගැහිල්ල අපි දැක්කා 2015 දි. දැං නැට්ට අමුනගෙන කුක්කන් වගේ පස්සේ යනව. පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා පෙන්නන්ඩ .

:       2       5

Ran Thursday, 25 November 2021 03:40 PM

ජනාධිපති වරයා පාස්කු ප්‍රහාරය ගැන කියපු කතාව ඇහෙන්න ඇතිනේ. ජනාධිපති පුටුවේ ඉන්දවපු මිනිස්සුන්ගේ අත්දෙක හපා කාල ඡන්දදායකයින් විසින් දේශපාලන කුනුකුඩයට දාල හිටපු පවුලක් නැවත බලයට ගෙන එන්නට කරපු ලොකු උදව්වට හොඳ වැඩේ.

:       0       3

ගමේ එකාලා Thursday, 25 November 2021 03:43 PM

පොහොර ඇමති ගේ කැරැට්ටුව ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. පහුගිය කාලේ ලෝකෙම දැනගත්තා. ඔහෙලත් නිකම් හිටියේ නැහැනේ. අත් දෙකම උස්සලා ඡන්දෙ දීපු අයනේ?

:       0       3

දාස Thursday, 25 November 2021 03:52 PM

පත හොරු ඇවිලිලා, අපි ආසයි ඔබලා එක එකා විනාශකර ගන්නව නම් ඒ තරමට අපිට එපාවෙලා.

:       0       3

TOMIYA Thursday, 25 November 2021 03:56 PM

අනේ සිරිසේන මහතා, ඔයා දැන් කුණු උන තවත් දේශපාලන චරිතයක් විතරයි.

:       0       2

පිටිගල මිලානෝ Thursday, 25 November 2021 03:59 PM

මම හිතන්නේ මේ ඔක්කොටෝම පැන්සල් තුඩෙන් ගහලා එලවලා පක්ෂ භේදයකින් තොරව හොඳ අපේක්ෂකයින් විතරක් තෝරා ගනිමු. එතකොටවත් ඒ අය සංධානයක් හදාගෙන රට පාලනය කරයි. අනුර කුමාරලාට ඉදිරියට ලොකු තැනක් ලැබේවි යයි විශ්වාස කරමි...

:       0       3

ravin Thursday, 25 November 2021 04:14 PM

අනේ ඕවා ගනන්ගන්න එපා. හවසට මන්දිරේ පැත්තේ එන්නකෝ...

:       0       0

බද්රානි Thursday, 25 November 2021 04:23 PM

තව ටික කාලයක් ගත වෙද්දී පිස්සු හැදිලා "පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය" ගැන පිස්සුවෙන්ම හෙළිකරයි වගේ? දේව ශාප කියන්නේ ඕවට තමයි.

:       0       5

Aluthgamage Thursday, 25 November 2021 04:42 PM

මෙයා කෙළෙහිගුණය දන්නා කෙනෙක් නෙවෙයි, සීතල බෝම්බයක්.

:       2       2

akalanka dissanayake Thursday, 25 November 2021 04:56 PM

ගලි බව්සර් දෙකක් හැප්පිලා තියෙන්නේ. ඒ උනාට ගඳවල් ගැන තමයි කතාව.

:       0       2

Sunil Thursday, 25 November 2021 05:11 PM

මේ දෙදෙනාම තමන්ගේ වගකීම සහ යුතුකම් බරපතල ලෙස පැහැර හැරිය අය.

:       0       2

Don Thursday, 25 November 2021 06:32 PM

දෙගොල්ලෝම ඉඳලා හිටලා වලි දාගත්තාට හොරා එළිකරන්න කැමැති නැහැ..

:       0       2

Demuni Uduwara Thursday, 25 November 2021 07:23 PM

කෘෂිකර්ම ඇමැතිතුමනි, ඔබ පාස්කු ප්‍රහාරය ගැන සඳහන් කළා, අපි එය දැන ගනිමු.

:       0       1

මහසෙන් Thursday, 25 November 2021 07:23 PM

ඇත්තටම මේ මොන විගඩම් ද මේ මිනිස්සු නටන්නේ. ජනතා බදු මුදලින් නඩත්තු වෙන ගමන් එක එකාගේ රෙදි ඒ අයම ගලවා ගන්නවා. වචාල කතා කියලා හොදම ටික ගිල ගන්නවා. බහුතරයක් රටේ මිනිස්සු තම ජීවිතය ගැටගහ ගන්න දගලද්දී මේ මිනිස්සු නාටක පෙන්වනවා. පාස්කු ප්‍රහාරය ගැන දන්නවලු. කියන් නෑලු. වල හෑරූවොත් ගද ගහයිලූ. වල හාරන් නැතිලු. මේ ඔක්කොම ගලේ පහරපු බළල්ලු වගේ. වහගන්න බැරිව දගනවා. මුලු රටක්ම ගදගස්සනවා.

:       0       2

gunarathna Thursday, 25 November 2021 08:48 PM

මහත්තයෝ කියන දෙයක් කරන ආණ්ඩුව ඇතුළේ ඉඳලාම කෙරුවොත් නේද හොඳ? බැරිවෙලාවත් සිංහ පාට් දාන්න ගියොත් කොහෙන් නවතින්න වෙයිද දන්නේ නැහැ.

:       0       0

Kumara Thursday, 25 November 2021 10:47 PM

බම්බුව තමයි.

:       0       0

Laksitha Friday, 26 November 2021 02:39 AM

ගහන්න අපිට මෝකෝ

:       0       0

Hafeel Friday, 26 November 2021 05:31 AM

සත්‍ය කවදා හෝ දවසට හෙළිවේවි. මොන දේශපාලන බලය, නීතිය තිබුණත්, ස්වාභාවික දඬුවමින් මිදෙන්න බැහැ. එදාට නීතියේ සහන නැහැ. කර්මය තමයි... පාස්කු ප්‍රහාරයට වගකිය යුතුයැයි කියමින් හිටපු පොලීස්පති පූජිත සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිව තනතුරෙන් නෙරපා හැරියා. නමුත් හිටපු බුද්ධි අංශ ප්‍රධානීන්ට මෙච්චර නිවැරදි තොරතුරු ලැබිලත්, ඔහු එවකට රටේ ජනාධිපති මෛත්‍රීට ඔහු දැනුවත් කලේ නැහැ කියලා මේ මෛත්‍රී කියනවා. එහෙම නම් ඇයි හිටපු බුද්ධි ප්‍රධානීට එරෙහිව කිසිම පියවරක් නොගත්තේ? ඒ නිසා මෙයාට ස්වභාවික දඬුවමින් මිදෙන්න බැහැ.

:       0       7

ගුඟුද Friday, 26 November 2021 07:39 AM

ඔබතුමා කලබල වෙන්න එපා. තව ටික දවසක් උඩ පනී ඔයගොල්ලෝ. බලය ලැබුනම මුල අමතක මිනිස්සු. බලයෙන් මත් වෙලා. කියන්නේ මොනවද කියලා තමන්වත් දන්නේ නැහැ. මිනිස්සු හොඳ පාඩමක් කියලා දෙයි ඡන්දෙකදී.

:       0       7

sharm warn Friday, 26 November 2021 09:23 AM

අහ්... පැණි වරකා ගහට හෙන ගහගෙන ගහගෙන යනවා වගේ...

:       0       10

Siri Friday, 26 November 2021 10:56 AM

කාලෙකින් අහපු හොඳ පාර්ලිමේන්තු කතාවක්.

:       4       5

kamal Friday, 26 November 2021 11:27 AM

කෝටි ගානක් දවසකට වියදම් කරලා පාර්ලිමේන්තුව තියෙන්නේ එක එක්කෙනාගේ පුහු චන්ඩිකම් කතා කරන්න නොවෙයි.

:       0       13

sanjeewa milano Friday, 26 November 2021 04:32 PM

රටේ ප්‍රශ්න අමතක කරන්න තවත් චිත්‍රපටියක් පටන් අරගෙන. පාර්ලිමේන්තුවේදී හැම එකටම පක්ෂව ඡන්දය දීලා.. මහජනතාව ගොනාට අන්දවන්න බොරු වලියක් දානවා...

:       0       5

සුරලොව ඇල්මන් Friday, 26 November 2021 05:54 PM

රනිල් උදව් නොකළා නම් මෙයා තවමත් මහින්දානන්ද වගේ ඇමතියෙක්... එහෙනම් කවදාවත්ම ජනපති තියා අගමැතිවත් වෙන්න බැහැමයි. රනිලුත් කරු මැතිතුමාට නොදී හිටන්ට උදව් කරලා රටට නිදහස දිනාදුන් පක්ෂයත් විනාශ කළා. පාක්ෂිකයිනුත් අනාථ කළා...

:       2       4

විපරමා Friday, 26 November 2021 08:55 PM

දේශපාලුවන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මාටියා ගැහිලි කාරයින් සහ එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පනින, පනින්ඩ බලාගෙන ඉන්න අය මිසක් වෙන කවුරුද?

:       0       1

වර්ණකුලසූරිය Friday, 26 November 2021 09:46 PM

දෙපාර්ශවයටම ගහගන්න ආයුධ තිබේ නම් ජනතාවට තේරුම් ගන්න දෙයක්ද ඇත. අනේ ඔබලා ගහගන්න. අපි හොඳ හොඳ ⁣ දේවල් අහන්න දකින්න කැමැත්තෙමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 22 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 176 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 353 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1553 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 447 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site