IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකන් පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස1 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා බල ඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාද දිනකම ශ්‍රී ලංකන් ප්‍රංශය වෙත පියාසර කරනු ඇත. මෙහෙයුම් වාර ගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූ.එල්. 563 දරන ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත්ව පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූ.එල්. 564 පැරීසියේ සිට  එදිනම පැය 14:30 ට පිටත්ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ළඟාවීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ  කොළඹ සහ පැරීසිය අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවයි. “ප්‍රංශය සහ ලොව පුරා සිටින අපගේ මගීන්ගේ  සංචාරක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන නව මාර්ගය මෙයයි. නව ගමනාන්තයක නිවාඩු ගතකිරීමට සොයන අයට සහ ව්‍යාපාරික සංචාරකයින්ට පැය කිහිපයක් ඇතුළත ඍජු ගුවන් ගමන් ලබාගැනීමේ අවස්ථා මෙමගින් විවර වනු ඇතැයි මට දැඩි විශ්වාසයක් තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්‍ෂක පියවරයන් ගෙන ඒමට උත්සාහ කරනවා. ලොව පුරා සම්මත වූ නව  සංචාරක ව්‍යාපාර යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් ලෙස අපි සලකනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. ‘‘බොහෝ ජාත්‍යන්තර ගමනාන්ත ගමන් සීමා ලිහිල් කරන හෙයින්, මගීන් සඳහා වැඩි තෝරා ගැනීමක් සහ පහසුවක් සැලසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය සේවා ඉහළ නංවමින් සිටිනවා. පැරීසිය යුරෝපයේ කේන්ද්‍රස්ථානයක් වන අතර ශීත ඍතුවේදී ඍජු ගුවන් ගමන් හරහා සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවනු ඇත.”‍

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා  


 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා



අදහස් (1)

ශ්‍රී ලංකන් පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි

Dr. Sirial Thursday, 16 September 2021 09:34 PM

ප්‍රංශය වෙත ශ්‍රී ලංකාව ලබා දෙන මෙම සේවාව මේ වන විටත් අවසන් කර ඇති නමුත් පසුගිය රජය විසින් එය අත්හිටුවා ඇත.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 23 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 2 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 191 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 470 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1018 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 194 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site