(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ව්‍යාජ මුදල් ලබාදී භාණ්ඩ ලබා ගැනීමට උත්සහ දැරූ පරිගණක සැලසුම් ශිල්පියෙක් ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමග අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි
සැකකරු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සොයාගෙන ඇත
ආහාර නිෂ්පාදන අළෙවි කරන ආයතනයකට පැමිණ තිබූ මෙම පුද්ගලයා රුපියල් 1000 දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී ආහාර කීපයක් ඉල්ලූම් කර තිබූ අතර ඔහු ලබා දුන් මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත රඳවා ගැනීමෙන් අනතුරුව පොලීසියට කල දැනුම්දීමක් මත පැමිණි පොලිස් නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී සැකකරු සන්තකේ තිබී තවත් ව්‍යාජ රුපියල් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් තිබී හමු වූ බව පොලිසිය කියයි
සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහු සේවය කරන කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට අනාවරණ වූ බව පොලිසිය කියයි
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත. 46 හැවිරිදි සැකකරු කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පරිගණක සැළසුම් ශිල්පියා අත්අඩංගුවට