IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පස් මාසයක් තිසසේ කොරෝනා රෝගීන්ට කෑම පිසින හිමියෝ

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සියලු කොරෝනා රොගීන්ට පස් මාසයක් තිස්සේ‍ දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමක්  මිනුවන්ගොඩින් අපට හමුවිය.

ඒ මිනුවන්ගොඩ,බොරගොඩවත්තේ සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති මොරාවත්තේ සුබෝධි හිමියන්ය.

දෙස් විදෙස් හිතවත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය ආධාර යටතේ දිනකට රුපියල් 50,000 කට වැඩි මුදලක් වැය කරමින් උන්වහන්සේ මෙම සුවිශේෂී සද්කාර්යය සිදු කරනු ලබන බව ගම්පහ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.

මිනුවන්ගොඩ , බොරගොඩවත්තේ පිහිටි ආශ්‍රයේදී , සුධෝධි හිමියන්ගේ පූර්ණ සුපරික්ෂාව යටතේ ආහාර පිසීම සිදු කරමින් පසුගිය වෙසක් පෝය දිනයේ සිට අඛණ්ඩව මේ වන විට මාස පහක කාලයක් සියලුම කොරෝනා රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීම සිදු කරන අතර තරුණ දායක කණ්ඩායමක්  සුධෝධි හිමියන් සිදු කරනු ලබන මෙම සද්කාර්යයට සහාය දක්වති.

ඒ අනුව මේ වන විට මාස පහක කාලයක් අඛණ්ඩව දිවා ආහාරය පිළියෙල කොට ලබාදීම සුබෝධි හිමියන්  සිදු කරන අතර විශේෂඥ වෛද්‍ය ඉසුරු අබේවර්ධන මහතා ඇතුලු වෛද්‍යවරුන් පිරිසකගේ සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන්, කොරෝනා රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව උදෑසන ආහාරය ලබා දීමද සිදු කරති.

 

 



අදහස් (11)

පස් මාසයක් තිසසේ කොරෝනා රෝගීන්ට කෑම පිසින හිමියෝ

sunil Thursday, 14 October 2021 05:59 AM

විවිධාකාරයේ භේද හදාගෙන උන්මත්තකයින් වගේ හැසිරෙන සිටින මෙවන් කාලයක මෙවැනි කාරුණික යතිවරයාණන් සිටීම ගැන දැනගැනීමත් සතුටක්. ඔබ වහන්සේට තවත් සමාජ මෙහෙවර කිරිමට දිගාසිරි.

:       0       1

සුරලොව ඇල්මන් Thursday, 14 October 2021 07:36 AM

මැතිවරණ අවස්ථාවල නයි නටවා පොහොට්ටු පුප්පා කටයුතු කිරීමෙන් සංඝ සමාජය ජනතාවට එපා කරවූ නායක කාරකාදීනට මෙම ක්‍රියාව කදිම ආදර්ශයක් වේවා

:       1       2

පිටිගල මිලානෝ Thursday, 14 October 2021 09:34 AM

අපට සියල්ල අතහරින්න කියා සියල්ල රැස්කරන පැවිද්දන් අතර කලාතුරකින් දකින්න ලැබෙන බුද්ධපුත්‍රයෙක්....

:       0       2

Senarath Thursday, 14 October 2021 09:43 AM

ඔබවහන්සේට සහ ඒ පුණ්‍යකර්මයට දායක වුනු සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායු පතනවා.

:       0       3

Ajith D.L Thursday, 14 October 2021 10:28 AM

බොහොම පින් ,

:       0       4

රුවන් Thursday, 14 October 2021 11:03 AM

මෙන්න නියම හාමුදුරැවරු. ගොඩක් පින් සිද්දවෙනවා.

:       0       2

SUNIL MILANO Thursday, 14 October 2021 11:57 AM

ඔබවහන්සේ මේ කරන්නාවූ පිනෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! බුදුසරණයි.!

:       0       4

සුනිල් ශාන්ත Thursday, 14 October 2021 07:44 PM

ඔබවහන්සේ මේ කරන උතුම් ක්‍රීයාවට බොහොම පිං.තවත් මෙවැනි ශාසනික කටයුතු සාර්ථකව චිරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා !!!!!! තෙරුවන් සරණයි !

:       0       0

එන්. කේ. සහන් කෞශල්‍ය Thursday, 14 October 2021 07:52 PM

නමෝ බුද්දාය!!!හාමුදුරුවනේ මං මේක අපේ අම්මටත් පෙන්නුවා, අපි සතුටින් මේ පිං අනුමෝදන් වුණා අපේ හාමුදුරුවනේ

:       0       0

Manjula athukorala Friday, 15 October 2021 01:34 AM

ස්වාමීන් වහන්සේට සහ සියලු දෙනාට ගොඩක් පින්. නිදුක් නිරෝගී සුවය අත් වේවා. තෙරුවන් සරණයි

:       0       0

Athulakumara Thursday, 04 November 2021 03:55 PM

ඔබ වහන්සේගේ මෙම සද් ක්‍රියාව මුළු සංඝ සමාජයට ආදර්ශයක් වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 35 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 180 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 358 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1585 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 240 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 450 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site