IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයි

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා  පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ  ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ අනුව නිරෝධායන නීතිය අවසන් වන්නේ  ලබන 21 වැනිදා අඟහරුවාදා අලුයම හතරටය. රටපුරා කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්වූ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව  ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද  යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙයට පෙර  ගත් තීරණය අනුව    නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ  ලබන 13 වැනිදා සඳුදාය.

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.

නිරෝධායන  ඇඳිරි නීතිය  අද  මෙසේ දීර්ඝ කෙරුණේ  දෙවැනි වතාවටය. රටපුරා ඇඳිරි නීතිය පණවා අද (11) වනවිට දින විසි තුනක්  ගත වී ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාලය  ලබන 21 වැනිදා  වනවිට දින තිස්තුනක්( මාසයකට වැඩි කාලයක් ) දක්වා ඉහළ යනු ඇත.

කොවිඩ්  මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ  රැස්විය.

 



අදහස් (22)

නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයි

Herath Friday, 10 September 2021 11:56 AM

ජනාධිපතිතුමා තමයි සියලු තීරණ ගන්නේ නේද...?

:       118       32

FernandoFriday, 10 September 2021 01:13 PM

කොහොම හරි අරන් තියෙන තීරණේ නිවැරදියි. මිනිස්සු තමන්ගේ වගකීම හිතට අරන් ගෙදරට වෙලා හිටියොත් තව මරණ 2000ක් විතර අඩු කර ගන්න පුලුවන්.

:       10       72

SumindaFriday, 10 September 2021 01:33 PM

තමන් මූලිකත්වය දරන කොවිඩ් මර්දන කාර්යසාදක බලකාය එකතුවෙලා මේ තීරණ ගත් බව මෙයා මොන වෙලාවකවත් කියන්නෙ නෑ. හැම දේම ජනාධිපති තුමා තීරණය කලා කියලයි කියන්නෙ.

:       46       37

මහසෙන් Friday, 10 September 2021 12:01 PM

මේක ඇඳිරි නීතියක්ද? අරියාදු නීතියක්ද? හැමතැනම මිනිස්සු. එක් කොටසකට පමණක් ව්‍යාපාර කරන්න අවසර. තව කොටසකට බෑ. ඇඳිරී නීතිය කියන වචනෙත් බාල්දුයි...

:       123       70

Sk Friday, 10 September 2021 12:06 PM

එකපාරටම මාසයකට දාන්න බැරිද?

:       85       37

යෝගා Friday, 10 September 2021 12:08 PM

මෝඩ, දුර්වල තීරණයක්. 70% ක් එන්නත් කරලාලු. ඒත් රට තරමක් වත් අරින්න බයයිලු. ඒ කියන්නේ එන්නතත් ෆේල්, සර්ත් ෆේල් කියලද?

:       114       58

jayarathneFriday, 10 September 2021 08:11 PM

මොනවා වුණත් හොද තීරණයක්

:       4       8

JAYATH Friday, 10 September 2021 12:55 PM

මෝඩයින් රැල මුළු රටම විහිලුවට අරගෙන . අහිංසක එදා වේල හොයාගෙන කන එකා හාන්සියි . කඩවල් ඔක්කොම පස්සෙන් හරි ඉස්සරහින් හරි ඇරලා . අනේ මෙහෙම රටක්. අනේ මෙහෙම පාලකයෙක්.

:       250       46

WihagaFriday, 10 September 2021 01:08 PM

අනේ මෙහෙම ලොක් එකක් කිය කිය තමුනුත් ඒ පෝලිමේ රිංගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා. එතකොට මේක පාලනය වෙනවා. අපේ උන් බලන්න ඇඳිරි නීතිය දුර්වලයි කිය කිය උන්ම වාහනේ අරන් ගමන් යනවා.

:       15       145

jayasekaraFriday, 10 September 2021 04:12 PM

සහතික ඇත්ත. ළමා රෝහලේ ලෙඩ්ඩු සෑහෙන්න අඩුයි කියලා දොස්තර අද කිව්වා. මේ ලොක් ඩවුන් එකේ ප්‍රතිඵල තමයි. අපේ අයට ලොක්ඩවුන් කළත් වැරැදියි. නොකළත් වැරැදියි.

:       3       57

Gunadasa Friday, 10 September 2021 01:09 PM

හරිම ෂෝක්

:       1       40

මිනිස්සුන්ට කරදර නොකරන්න ! Friday, 10 September 2021 01:24 PM

ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරලා උදේ සවස මිනිස්සුන්ට හිරිහැර කරන එක නවත්වන්න..! ගෙවල්වලට කොටුවෙලා ඉන්න වෙලාවේ මිනිස්සුන්ට ඕනෑ මානසික සුවතාවයයි. හැමකෙනාම ආගම සිහිකරන මානසිකත්වයේ නොඉන්න පුළුවන්... ආගමික දේවල් බලෙන් අස්සවන්න යන නිසා නීතිමය ගැටලු බොහොමයක් මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවල ඇතිවෙලා. එවැනි අනවශ්‍ය ප්‍රශ්න නිසා හෑල්ලුවට පත්වන්නේ ඒ ඒ ආගම් වල සැබෑ හරය සොයා යන මිනිසුනුයි...

:       77       36

ජයම්පති ගුණවර්ධන Friday, 10 September 2021 02:43 PM

ඔබ නිවැරැදියි. ඔය කටුක අත්දැකීම අපටත් තිබුණා. සාමකාමීව සහ පැහැදිලිව කරුණු තේරුම් කලත් දිගින් දිගටම උදේ, සවස, ඉරිදා ලවුඩ්ස්පීකර් හිරිහැරය සිදුවුණා. අවසානයේ අවට නිවෙස්වල පදිංචි අය සේරම එකතුවෙලා නීතිය හමුවට ගියා. අවසානයේ අපට දැන් නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණා. ඔබ ඇතුළු මේ රටේ ශබ්දය නිසා පීඩා විඳින හැමෝටම ඉක්මණින්ම ඒ කරදරයෙන් මිදෙන්නට හැකිවේවා...!

:       38       22

අමාලිFriday, 10 September 2021 04:12 PM

පෝය දවස නිවාඩු දවසක් වුණාට දැනෙන්නේ කම්මලක් ඇතුලේ ඉන්නවා වගෙයි. ඉස්සර තමා ආගමික ස්ථාන නිශ්ශබ්දතාවය තිබ්බ නිසංසල තැන් වුනේ... සේරම කණපිට දැන්...

:       62       17

Prabha Friday, 10 September 2021 02:01 PM

ලකුණු ටිකක් වැටෙන්නේ එතකොටනේ...

:       48       15

Nuwan Friday, 10 September 2021 02:56 PM

දොස්තර ශවේන්ද්‍ර ඔබ අමතයි...!

:       59       27

Sisira Friday, 10 September 2021 04:28 PM

දවසෙ කුලියට වැඩ කරන අපි කපෝතියි. 2000 ක් දීලා මාසයක්... කන්නද කියන්නේ? දොස්තරවරු කියනවා අයාලා පුද්ගලයින් චැනල් කරලා ගාන හොයා ගන්නවා. අපිට බඩගින්නේම මැරෙන්නයි වෙන්නේ..

:       13       52

Madushanka Friday, 10 September 2021 04:34 PM

ඇරියොත් වහන්න කියනවා.. වැහුවොත් අරින්න කියනවා... හරිම සිම්පල්...

:       2       113

hesa Friday, 10 September 2021 06:33 PM

කාටවත් ඇඟිලි දික් කර කර ඉන්නෙ නැතුව, කවුරු කවුරුත් තම තමන් පරිස්සන් උනාත් කවුරුත් ගොඩ නේද?

:       0       5

wimal Friday, 10 September 2021 08:00 PM

මොනවද මේ වෙන්නේ දුප්පත් අහංසක ජනතාව කොහොමද ඔලුව උස්සන්නේ මේවිදියට දිගටම රට වැහුවම

:       0       8

Sisira Saturday, 11 September 2021 07:34 AM

21 වැනිදාට දවස් 02කට කළින්... තවත් සතියක් දික්කරනවා කියයි. මේක විහිළුවක් දැන්..

:       1       3

ajmal Tuesday, 14 September 2021 02:52 PM

21 වැනිදා විවෘත කරනවා... මට බලන් ඉන්න බෑ.. මා ගාව සල්ලි නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 41 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 61 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 171 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 490 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 387 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 291 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site