IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජැක්සන්ගේ කාරයේ ගැටුනු අලියා සෙවීම නවතියි

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ  අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසීය.

වන අලියා සොයා ගැනීමට වනජීවි නිලධාරීන් පුරා සති ගණනාවක් තිස්සේ දැඩි විමසිල්ලක පසුවුවද සොයා ගැනීමට නොහැකි  වුණු බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් ප්‍රායෝගිකව සොයා බැලීම දුෂ්කර වන හෙයින් එම කටයුතු නතර කළ බවද සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

එම අනතුරෙන් වන අලියාට ලොකු තුවාල ඇති නොවන්නට ඉඩ ඇති බවත්  ඌ එම ප්‍රදේශයේ සිට හමු නොවූයේ ඒ නිසා බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

වන අලියා සොයා ගැනීමට අලින් ගමන් කරන මාර්ග සහ ඔවුන් ගැවසෙන ප්‍රදේශ වනජීවී නිලධාරීන්   සිය ගණනක් පරීක්ෂා කළ බව සඳහන් කළ හෙතෙම  වන අලියා ඈත වනාන්තර  ප්‍රදේශයකට යනු හේන් දෙකක සිටි මිනිසුන් දැක  ඇතැයි ඔවුන් දැනුම් දී ඇති බවත්  සූරියබණ්ඩාර මහතා පැවසීය.

වනජීවි නිලධාරින් මෙම අලියා ගැන විස්තර  සෙව්වේ එම අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන පොලිසිය කළ ඉල්ලීමක් අනුවය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිසක් රැගත් මෝටර් රියක් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී  වන අලියෙකුගේ  හැපී අනතුරට ලක්වීමෙන්  ඇන්තනි මහතා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ සිද්ධිය සිදුවූයේ පසුගිය ජුලි මස 3  වෙනිදාය.



අදහස් (9)

ජැක්සන්ගේ කාරයේ ගැටුනු අලියා සෙවීම නවතියි

Ruhunu Tuesday, 16 August 2022 02:27 PM

අලියා දන්නවා වනජීවි එකට අහුවුනොත් වෙනදේ. ඒ නිසා ඌ ඔය පළාතේවත් ඉන්නෙ නෑ. දැක්කනේ අර දිවියට වෙච්චදේ.

:       2       52

සුනිල් Tuesday, 16 August 2022 02:52 PM

ජැක්සන්ට ගහපු අලියා හොයන්න නෑ මොකද අලියෙක් වෙසින් ආපු බහිරවයෙක් ගැහැව්වේ. මොකද ජැක්සන් නිධන් වදුලු සොයාගෙන එම තැන් රාජපක්ෂලාට කිව්වා. උන් ඒවා හෑරුවා ඔය ඒවා වල ශාපය තමයි වැදුනේ.

:       14       38

ශාන්ත Tuesday, 16 August 2022 06:35 PM

මේ අදහස මටත් ඇතිවුණා නැත්නම් මෙපමණ අනතුරක් වෙලත් අලියාට අනතුරක් නොවෙන්න බැහැ නේද අනතුරක් වුනා නම් අලියා ඒ අසල ඉන්න ඕන.

:       4       16

C.K.Lankaputhra Tuesday, 16 August 2022 04:05 PM

ශහ්, සිද්ධිය ගැන නිවැරදි කට උත්තරයක් ගන්න තිබුනා අලියා හම්බ උනා නම්. දැන් ඉතින් මොනව කරන්නද.

:       0       0

fairoos Tuesday, 16 August 2022 04:40 PM

ජැක්සන් කියන්නේ ලංකාවේ මාර පොරක් තමයි. රටට මෙච්චර වෙලත් නන්දසේනට හා ආන්ඩුවට විරුද්ධව එක වචනයක්වත් කතා නොකරපු එකම රංගන ශිල්පියා. අනේ පවු අලියා.

:       7       21

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 16 August 2022 06:56 PM

ජැක්සන්ට සිහි කල්පනාව තියෙනව නම් තමන් කරපු දේවල මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක්. ඕක තමයි කියන්නෙ ස්වභාව ධර්මය නඩු අහනකොට ලෝයර්ස්ලා නැහැ කියලා. මගේ ඇස් දෙකට දැකපු, කන් දෙකට ඇසුණු බොහෝ දේ ගැන ජැක්සන් ගැන මට තිබුණේ කලකිරීමක්. කට තිබුණට මදියි. මොලේ තියෙන්නත් ඕන. මොන ආගමෙත් උගන්වන්නේ හොඳ දේ හොඳයි. නරක දේ නරකයි කියල තමයි. නමුත් මගේ පෙර පිං පව් ගැන මට මොකවත් කියන්න බැහැ. කොහොම වුනත් මතක තියා ගනිල්ලා මිනිස්සුන්ගේ දේ සූරාකැපූ දේශපාලකයෝ හෝ වේවා රටේ නිලධාරීන්ට හෝ වේවා කවදම හරි මේ ටිකම වෙන බව.

:       4       14

අම්බලන්ගොඩ ලලිත් Tuesday, 16 August 2022 06:59 PM

ඔබ වැනි දක්ෂ කලාරුවෙකුට මම ඉක්මන් සුවය පතනවා.

:       11       11

ගමේ එකාලා Wednesday, 17 August 2022 01:08 AM

විමලේ වතාවක් කිව්වා වගේ නන්නත්තාර වෙච්චි අලියා කොහේ හරි පන්සලකට යන්ඩ ඇති.

:       0       0

rohana mendis kumara Wednesday, 17 August 2022 01:08 AM

සුද්ධෝදන රජ්ජුරුවන්ගේ එහෙම නැත්නම් සිදුහැහැ කුමාරයාගේ (සාක්‍ය)වංසයෙන් රාජපක්ෂලා පැවතගෙන එනවා කියපු හරකෙක්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 22 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 109 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 195 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 379 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1745 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 259 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site