IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමැතිවරුන් පත් කිරීම තව කල් යයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී ඇත.

අලුතින් ඇමැතිවරුන්  දොළොස් දෙනකු   පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබිණ.

ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.

එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණි.

අලුත් ඇමැති ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතාද  පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.



අදහස් (13)

ඇමැතිවරුන් පත් කිරීම තව කල් යයි

පැරකුම් Saturday, 18 March 2023 03:30 PM

මොනවද මේ විකාර වැඩ? මේ ඇමැතිවරු පත්කරන වෙලාවක්ද? දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ එක්රැස්වී සර්‍ව පාක්ෂික රජයක් පිහිටුවාගෙන රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීම නේද කළයුත්තේ...? මැතිවරණ පවත්වා රට තවත් අගාධයට නොදමා රටට ආදරය කරන දේශපාලුවන් ඇතොත් කළයුත්තේ එය නොවේද? සියලු විදේශාධාර ලැබී ආර්ථිකය සතුටුදායක වූ පසු තමතමන්ගේ න්‍යායපත්‍ර අනුව යලි සටන දියත් කරමු.

:       2       55

senaSaturday, 18 March 2023 05:00 PM

එහෙම දෙයක් මෙයාලාට ඕනෑ නැහැ. ණයවෙලා හොරකම් කරලා රට වලපල්ලට දාලා ඔවුන් වැජඹෙනවා.

:       16       19

SrilaSunday, 19 March 2023 02:14 PM

මරු හොදේ .. IMF ණය ... ආර්ථික සංවර්දන ... චන්දය කල්දැමීම .. ආර්ථික විද්‍යාව .. 75 වසරක ක්‍රමය යහතින් 100 වසක්...

:       0       1

sisiraSaturday, 18 March 2023 09:21 PM

ජනහිතකාමී සජිත් සහ අනුර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කැමැති නෑ...

:       0       0

Ranil Saturday, 18 March 2023 03:37 PM

රත්වෙන තුරු දිය සැලියේ...! කකුලුවන් ටික නටයි පච කයිවාරු දෙසමින්...!!!

:       11       25

Prabha Saturday, 18 March 2023 04:04 PM

Imf එකටත් කොකා පෙන්නන්න හදන්නේ...

:       12       27

පුරවැසියෙක්.... Saturday, 18 March 2023 04:28 PM

තවත් ඇමැතිවරුන් අවශ්‍ය වේද? මේ සිටින ප්‍රමාණයෙන් රට දුවන බැවින් තවත් ඇමතිවරු පත්කොට රට තවත් අහේනියට පත් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සුදුසු වනු ඇත.

:       6       18

Rata Perata Saturday, 18 March 2023 04:56 PM

අපරාදේ... දැන් ඉතින් රට ගොඩදාගන්න එක තවත් පරක්කු වෙයි... පාර්ලිමේන්තුවේ සූත්තර පුංචත් එන දවසට හැමෝගේම මානසික තත්වය පරීක්ෂා කරනවා නම් හොඳයි.

:       6       17

ravin Saturday, 18 March 2023 05:32 PM

ඉන්න ටිකත් වැඩියි කියලා තමයි පොදු ජනයා හිතන්නේ... තවතවත් පොදුජන මුදල් කාබාසිනියා නොකර කම්බ හොරුන්ගෙන් පිරුණු ඇමැති ටික බාගෙටවත් අඩු කළොත් හැමට සෙත සැලසේවි.

:       4       19

ranjith Saturday, 18 March 2023 05:46 PM

ලෝකෙට ණයවෙලා තව ඇමැතිවරු පත්කරගෙන සුපුරුදු විදිහට රට කන්න තමයි සූදානම...

:       0       3

de silva Sunday, 19 March 2023 03:49 AM

ඇමැතිවරු පත්කළත් දිනෙන් දින ජනතා අප්‍රසාදය වැඩිවන රජයට තව මාස 2-3ක් වත් පැවැත්මක් තිබේවිද කියන එක ගැන මට විශාල සැකයක් තියෙනවා..

:       0       3

siri Sunday, 19 March 2023 07:37 AM

ජනතාවට බර පටවමින් තවතවත් ලෝකෙට ණයවෙලා රට කාපල්ලා... මේ තාක් කළෙත් ඒකනේ..!

:       0       5

පිටරැටියා Sunday, 19 March 2023 03:27 PM

ආසන හයසිය පනහකටත් වඩා තියෙන එක්සත් රාජධානියේ වත් නැහැ, ලංකාවේ වගේ කිසිම වැඩකට නැති ඇමතිවරු...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 38 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 950 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1740 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1957 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1007 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 942 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site