IMG-LOGO

සිංහල සිනමාවේ පුරෝගාමී ඉන්දියානුවා සමුගනී

සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය. මියයන විට දී ඒ මහතා 95 වැනි වියේ පසුවිය.

සිංහල සිනමාවේ මුල් කාලින චිත්‍රපට වූ අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, ප්‍රේම තරගය, සොහොයුරෝ, පෙරකදෝරු බෑණා, වන මෝහිනී’ වැනි සිංහල චිත්‍රපට රැසක් ඔහු අතින් අධ්‍යක්ෂණය වී සිංහල සිනමාවට එක්විය.

‘සුන්දර සවුන්ඩ්’ චිත්‍රාගාරයෙන් සිනමාකරණයට පිවිසෙන ඒ. බී. රාජ් මහතා, සිංහල භාෂාවද මනා ලෙස හසුරුවන්නට සමත්ව සිටියේය. දෙමළ, මලයාලම් හා සිංහල බසින් ඔහු නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව 55කි.

සුප්‍රකට ඉන්දීය දමිළ නිළි ශරන්‍යා ඔහුගේ දියණියකි.

සිංහල සිනමාව හැදී වැඩී එන සමයේදී ඉන්දීය සිනමාවේ තාක්ෂණය සහ ක්‍රමවේද ශ්‍රී ලංකාවට ගෙන එමින් සිංහල සිනමාවේ පුරෝගාමියකු වශයෙන් කටයුතු කළ ඒ. බී. රාජ් මහතා චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් පමණක් නොව, තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කළේය.


(***)



අදහස් (1)

සිංහල සිනමාවේ පුරෝගාමී ඉන්දියානුවා සමුගනී

walter white Sunday, 30 August 2020 12:34 AM

අපේ සිනමා ලෝලීන්ට මෙව්වා අදාළ නැහැ, අපේ සිංහල සිනමාව පවිත්‍රයි... මේ සිනමා සංස්කෘතිය අපේ කරේ ගහන්න හදපු එක.., ඒ අයව එලවා ගත්ත එක හොඳා, අපේ සංස්ථාව නිසා දැන් අපි ලෝකෙටම විහිලු කතා සපයනවා. සල්ලි වකාරෙට සල්ලි වැඩියි අපිට ඒවාට කරන්න දෙයක් නැහැ. නිෂ්පාදකයෝ වැහි වැහැලා.. හප්පා චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න බෑ.. ටක්ගාලා ඉවර වෙනවා, ඊයේ පැය ගාණක් පෝලිමේ හිටියා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site