IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රාජ්‍ය නාට්‍ය සහ කෙටි නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් කැඳවේ

(ඩයනා උදයංගනී)

‘රාජ්‍ය නාට්‍ය උළෙල හා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල - 2020’ සඳහා අයදුම්පත් බාරගැනීම මේ දිනවල සිදුකෙරේ.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව රාජ්‍ය නාට්‍ය උළෙල සහ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

සිංහල හා දෙමළ මාධ්‍යයෙන් කළ නිර්මාණ සඳහා මෙහිදී අයදුම් කළ හැකි අතර සියලූම අයදුම්කරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය ප‍්‍රවර්ධන අංශය, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල’ යන ලිපිනයට යොමු කළ යුතු වේ.

ලිපි කවරයෙහි වම් පස කෙළවර රාජ්‍ය නාට්‍ය උළෙල 2020 (සිංහල/ දෙමළ) හෝ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල 2020 (සිංහල/දෙමළ) යනුවෙන් අදාළ තර අංශය ද සඳහන් කළ යුතු බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා වන අයදුම්පත හා ව්‍යවස්ථාව ද එම ලිපිනයෙන්, දිවයින පුරා සෑම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයකම සංස්කෘතික නිලධාරීන් මගින් හෝ එම දෙපාර්තමේන්තුවේ මුහුණු පොත් පිටුව වන www.facebook.com/culturaldept.gov.lk මගින්ද ලබාගත හැක.

මීට අමතරව 011 - 2872385 දුරකථන අංකයෙන් ද අවශ්‍ය තොරතුරක් ලබාගත හැකිවේ.



අදහස් (1)

රාජ්‍ය නාට්‍ය සහ කෙටි නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් කැඳවේ

හිරු අමරවීර Tuesday, 07 February 2023 09:30 AM

මේ අයදුම්පත් පිළිබඳ දැනුවත් ව සිටියේ නෑ දැන් පිටපතක් භාරදෙන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site