අතීතයෙන් අනාගතයට පාඩම්
වසරකට පෙර ශ්‍රී ලංකාව දරුණු අර්බුදයක වැටී සිටියේය. රජය සතුව මුදල් නොමැති වූ අතර රටේ විදේශ සංචිත නොතිබිණි. අත්‍යවශ්‍ය ඖෂධ, මූලික ආහාර ද්‍රව්‍ය, ප්‍රවාහන, ඉන්ධන, ගෑස්, විදුලි බලය හා පොහොර රට තුළ හිඟ විය. එහි ප්‍රතිඵලයක් ලෙස දිවි පැවැත්ම අඩාලව ගියේය. එහෙත් ශ්‍රී ලංකාවේ ඡන්ද බලයෙන් තේරී පත් වූ නියෝජිතයන්, විධායකය සහ ප්‍රබල ව්‍යවස්ථාදායකයත් 225 දෙනාගෙන් බහුතරය අර්බුදය සිතට නොගත් සෙයක් පෙනී ගියේය.