ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය. කඩදාසියක ඔතා තිබුණු කුඩා දෙයක් ඔහුගේ ඇස ගැසිණ. ඔහු එය දිග හැර බැලීය. රන්වන් අක් බඹුරු කෙස් රොදකි. මෙය වනාහි තම බිරිඳ පළමු වරට ඇගේ පෙම පැවසූ දින පිරිනැමූ බැති පුදකි. ඔහුගේ හද සැලුණි. ඇය එලොවට වැඩ බොහෝ කල් ගොස් තිබූ හෙයිනි. සැණින් ඔහු හද පත්ලෙහි On a discovered curl of hair නම් මේ කවි කඳුළ උපන.
When your soft welcomings were said,
This curl was waving on your head
And when we walked where breakers dinned
It sported in the sun and wind
And when I had won your words of grace
It brushed and clung about my face.
Then, to abate the misery
Of absentness, you, gave it me.
Where are its fellows now? Ah , they
For brightest brown have donned a grey,
And gone into a caverned ark,
Ever unopened, always dark!
Yet this one curl, untouched of time,
Beams with live brown as in its prime,
So that it seems I even could now
Restore it to the living brow
By bearing down the western road
Till I had reached your old abode.
එදා Thomas Hardy කිවිඳුන් තම ආංගල බසින් හෙළූ ඒ කවි කඳුළ මම මෙසේ මගේ හෙළ බසින් යළි හෙළමි. දෙබස වෙනස් වුවද කඳුළ මිනිස් හෙයිනි.
ඉස්සර දිනක ඔබ පළමුව දකින සඳේ
ලස්සන වතට පායපු අඩ නළල් හඳේ
රැස් කලබක් සදිසි මේ කෙස් රොදින් ළඳේ
වස් ගණනකට පසු ඔබ සිහි ගිරෙහි ඇඳේ
අඳුරු බබා ඇති ගොම්මන් හවස් කල
ඔබත් සමඟ ඇවිදින විට
උයන්වල
එන මුදු පවනෙ දැවටී මේ කියඹු
වැල
දුන් රඟ සොබා සිහි වෙයි ඔබ නළල් තල
ඇසි පිය හෙළන තරු එළියෙන් එළිය
ලද
පටු මග අසල නැවතී අඩ අඳුර
මැද
පළමු ව ඔබේ පෙම පැවසූ එදින
ළඳ
මගෙ වත වැලඳ ගති මේ මුදු කියඹු
රොද
ඔබ නළලතේ රන් කියඹුව සමඟ
එදා
ඔබ වරලසේ දිළි රන් කෙඳි කොහිද
මෙදා
අළු පැහැ ගැනී ඒවා රන් පැහැය
මුදා
ඇත බිං ගැබේ ගන අඳුරින් වැසී
සදා
එනමුදු මේ එකම කියඹුව ළඳුන්නේ
විපතට හසු නො වී කාලයෙ මරුන්නේ
යොවුන් දවස නළලත සිටි ලෙසින්නේ
රන් කෙඳි සේම මේ මොහොතෙත් දිළෙන්නේ
ඔබ උන් ගෙට ඇවිත් හුරු මග දිග
ඇවිද
විඳිමින් මහද හඳුනන සුපුරුදු
සුවඳ
දකිමින් නළලෙ සැලෙනා රන්
කියඹුවද
පෙර මෙන් රූ අසිරියෙන් සැනසෙනු බැරිද?
උපදින දුකට ළඟ නැති කල සිවුමැලිය
මගෙ සැනසුමට ඔබ පිරිනැමු කියඹු ලිය
පෙර දින හදේ අඳුරට දුනමුත් එළිය
නිරතුරු ළඳේ අද මට ඉන් ළතැවුලිය
සැළමුතු පෙමේ මහිමය යුග යුග නිහඬව ගයන අචේතන සනාතන ප්‍රේම ගීතයකි ටාජ් මහලය. තම ප්‍රාණ ප්‍රිය, ස්නිග්ධ ස්නේහාර්ද්‍ර ප්‍රණයනිය කෙරෙහි ළෙහි උපන් සැළමුතු ප්‍රේමය වෙනුවෙන් පරම පරාර්ථීව මෙවන් උදාර ප්‍රේම ප්‍රදානයක් කළ හැක්කේ 'මම' නසා ගත්තෙකුට හැර අන් කවරෙකු හටද? අප හැමගේම 'මම' මටම පමණක්ආදරය කරන බැවිනි.
ටාජ් මහල' අරබයා අත්‍යුත්කෘෂ්ට විශ්වවිශ්‍රුත අප්‍රතිම සදාතන ක්ෂුද්‍ර මහා භාව ගීතය ගැයූවෝ මහා කවි රබීන්ද්‍රනාථ ඨකූරයෝය. එම විශ්ව විස්මිත ක්ෂුද්‍ර මහා භාව ගීතය අභිභවනය කළ හැක්කක් පිළිබඳව ඉතිහාසයේ තවමත් අසන්නට නැත. අඛිල අන්තර්ජාලයම ඊට සාක්ෂාත් සාක්ෂියකි. එකම පාදයකින් යුත් ඒ ක්ෂුද්‍ර භාව ගීතයයි මේ.
"A TEAR DROP OF LOVE ON THE CHEEK OF TIME"
"කාලයේ කොපුල මත වතළ ප්‍රේමයේ කඳුළු බිඳුවක්!"
කාලිදාස කිවිඳුන්ගේ දුර්ලභ ප්‍රතිභා කෞශල්‍යයෙන් පසුව සංස්කෘත සාහිත්‍ය ලෝකයට තම නිර්මාණ නෛපුණ්‍යයේ ඉෂ්ට ඵල වශයෙන් විශිෂ්ට කෘති තුනක් බිහි කළ කවියා භර්තෘහරිය. 'නීති ශතකය' ; 'වෛරාග්‍ය ශතකය' ; 'ශෘංගාර ශතකය' යන ශතක ග්‍රන්ථ ත්‍රිකය ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂි වෙයි. ශතකයෝ වනාහි ශ්ලෝක සියයකින් සමන්විත කොට නිබන්ධිත ග්‍රන්ථයෝය. අපේ පුරාණ 'අකුරු කරණය' පොත් පෙළට වැටෙන 'ප්‍රත්‍යය ශතකය'; 'සූර්ය ශතකය' ; 'අනුරුද්ධ ශතකය' ; 'භක්ති ශතකය' වැනි කෘතීහු ඊට නිදර්ශනයෝ වෙති.
භර්තුහරි කවියාගේ 'නීති ශතකය' ප්‍රඥා ප්‍රදීපයකි.උතුම් ගුණ නැණ දල්වා ලන්නක් වන හෙයිනි. ඉන්ද්‍රිය විෂය විෂයෙහි උපේක්ෂා චිත්තයෙන් යුක්තව ක්‍රියා කරන ආකාරය අරබයා උපදෙස් දීම 'වෛරාග්‍ය ශතකයේ' විෂය පථයට අයත් වෙයි. 'ශෘංගාර ශතකය' වූකලී විවිධ විචිත්‍ර ප්‍රේම ජවනිකා රසික ජන මනසේ පුබුදුවා ලන සෞන්දර්ය රසාකරයකි.
භර්තෘහරි කවියා තම 'නීති ශතකය' ග්‍රන්ථය මගින් මවා දක්වන අපූරු සැළමුතු පෙම් ජවනිකාවකි මේ.
දිනක් බමුණෙක්,සදා තරුණබව රැක දෙන, දිගා වඩන බලැති ගෙඩියක් රජෙකුට පුද පඬුරු කළේය.රජු එය තම ප්‍රාණ ප්‍රිය බිසවට පරිත්‍යාග කළේය. ඇය එය තම ප්‍රාණ ප්‍රිය ප්‍රේමවන්තයාට පරිත්‍යාග කළාය. ඔහු එය තම ප්‍රාණ ප්‍රිය ප්‍රේමවන්තියට පරිත්‍යාග කළේය.ඇය එය තම ප්‍රාණ ප්‍රිය රජුටම පරිත්‍යාග කළාය.
හෘද්ගත අප්‍රමාණ භක්තියෙන් තම ප්‍රාණ ප්‍රිය බිසවට පරිත්‍යාග කළ එම නිත්‍ය යෞවනය හා දීර්ඝායුෂ ලබා දෙන දිව්‍යමය බලය ඇති පලය යළි තමා අතටම පත්වීමේ ආශ්චර්යාද්භූත සිද්ධිය නුවණින් මෙනෙහි කළ රජු තුළ පහළ වූ ප්‍රඥා ඵලයේ ප්‍රතිඵලය වූයේ සියලු රජ සැප පමණක් නොව ගිහි සැපද අත් හළ රජු තාපස පැවිද්දෙන් චිත්ත ශාන්තිය ලැබීමය.
රජුගේ ඒ කලකිරීම භර්තෘහරි කවීන්ද්‍රයන් තම 'නීති ශතකය' ග්‍රන්ථයෙහි චිත්තාහ්ලාද ජනක ශ්ලෝකයකට නඟා ඇත්තේ මේ අයුරිනි.
"යාං චින්තයාමි සතතං මයි
සා විරක්තා
සාප්‍යන්‍යමිච්ඡති ජනං
සජනෝන්‍යසක්තඃ
අස්මත් කෘතේ ච පරිතුෂ්‍යති
කාචිදන්‍යා
ධික් තාං ච තං ච මදනං ච
ඉමාං ච මාං ච"
ඔබගේ රසාස්වාදය උදෙසා මම එය මෙසේ සිංහල පැදියට නංවමි.
එකියකට මා කළත් පෙම්
අනිකෙකුටමයි ඇගේ පෙම්
ඔහුත් ඇය හට නොකර පෙම්
වෙන එකියකට කරයි පෙම්
නොලබනා මුත් මගේ පෙම්
මටය තව එකියකගෙ පෙම්
ඇයට ඔහු හට මැයට මට හා
මල්සරාටත් නිගා දෙම්
ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය.
[Not by politics alone - The other Lenin නම් මාහැඟි කෘතිය 1973 දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද්දේ Tamara Deutscher නම් කීර්තිමත් ලේඛිකාව විසිනි.
මැක්සිම් ගෝර්කිගේ අභාවය සිදුවූ අවස්ථාවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936 ජූලි 09 වැනි දින සහිතව නෝර්වේහිදී ලියන ලද සමරු සටහනේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය, 1936 සැ
මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන ’As you like it’ නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපි
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සැළමුතු පෙමක මහිම