
(යොහාන් භාසුර)
‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව දුන් බවයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් හිරේට ගියේ රටම හොරාකාලා විනාශ කරලා නෙවෙයි. මිනීමරුවන්, පාතාලකාරයින්, ස්ත්‍ර්‍රි දූෂකයින්, දූෂිත දේශපාලුවන් ඕනෑතරම් නිදහසේ, නිදැල්ලේ...? කියන්නේ නම් එක රටක එක නීතියක්ලු...!
හරි හෝ වැරැදි හෝ හිරකාරයෙක්... මේ විදිහට රඟපාපු චිත්‍රපටි බලන්න එක්ක එනවා කියන්නේ විකාරයක්...
මේ මිනිහා එළියේ හිටියට වැඩිය හොඳින් හිරේ ඉඳල තියෙනවා වගේ.
රන්ජන් කියන්නේ දෙස් විදෙස්වල ජීවත් වෙන සියලුම ලාන්කිකයන්ගේ හදවතේ ඉන්න මානවහිතවාදි දක්ෂ කලාකරුවෙක් . සමහර කුහකයන්ට,දූෂිත දේසපාලුවන්ට රන්ජන් ගේ ඇත්ත ඉවසන්ඩ බැරිඋනා .
රන්ජන් පාලිමන්ට් එකේ ඉන්න කාලේ ද ගේම්
ලැජ්ජයි, දූෂිතයින් නිදැල්ලේ හැසිරෙද්දී මෙයාට සලකන්නේ මිනීමරුවකුට වගේ නේද? මේ ශ්‍රී ලංකාවද නැතිනම් මිහිපිට අපායක්ද?
අපිට රංජන්ව අවශ්‍යයි.. නමුත් බයගුල්ලන් නොවේ..!
මේවනේ ගේම්..!
මේ පහසුකම් අනිකුත් සිරකාරයින්ට අයිති නැද්ද? මොකක්ද මෙයාගේ විශේෂත්වය?. සප්ලයි කිරීමද?
හිරේ ඉන්න අය කොහොමද සිටි සෙන්ටර් යන්නේ? මේක පුදුම රටක් නේද? ආපු ගමන් ගේමක් දේවී වගේ. අත්හිටවූ සිරදඬුවමකුත් තිබෙනවා. එක මේ නිදහස සමග අහෝසි වෙන්නේ නැහැ නේද?
රන්ජන් ඉක්මණින් නිදහස් වෙන්න ඕනෑ. හැබැයි ඊට පස්සේ අනුන්ට උගුල් අටවන අපහාස කරන පොලිස් ලොක්කන්ගේ ගෙවල්වල වලං හෝදන ජොබ් නොකර, නඩුකාරයින්ට බලපෑම් නොකර තමන්ව විශ්වාස කරලා ගෑණු කියන දේවල් රෙකෝඩ් කරලා, ලීක්කරන්නේ නැතිව හොඳ ළමයෙක් විදිහට ඉන්න. ඔය ජනප්‍රියත්වයෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න.
එළියට ආවාට පස්සේවත් හොඳ චරිතයක් කරන්න. හැමදාම ගොබ්බ චරිතම රඟපාන්න එපා. අනාගත පරපුර වෙනත් භාෂාවල හා වෙනත් රටවල චිත්‍රපට නරඹනවා. ඒවා නරඹලා ලංකාවේ ඒවා බලපුවාම අඬන්න හිතෙනවා. ඒ තරම් ප්‍රාථමික ඒවා තමයි දැන් හැදෙන්නේ. අතීතයේ අපේ චිත්‍රපටි එක්ක ගත්තත් වර්තමාන ඒවා හරිම ලාමකයි...
හිරකාරයින්ට බයිස්කෝප් පෙන්නන අබුද්දස්ස ආණ්ඩුවක්.
මම නම් ලංකාවේ චිත්‍රපටි බලන්නේම නැති කෙනෙක්...
මේ වගේ දේවල් වෙන්නේ ලංකවේ විතරයි. ඔයාල දන්න කී දෙනෙකුට හිරේ ඉදල පිටරටට කෝල් කරන්න පුලුවන්ද? මෙයා ඇතුලේ ඉඳලා පිටරටට කෝල් කරනවා. දොස්තර නෝනා කෙනෙක් තමයි උදව් කරන්නේ.
රන්ජන් මැතිදුන්ට ඒ අවස්ථාව ලබාදුන් සැමට මුළු හදවතින්ම ස්තූතියි!!
මනුෂ්‍යත්වය පෙන්නූ හොදම අවස්ථාවක්. රන්ජන් මැතිදුන්ට එවැනි අවස්ථාවක් ලබාදීමට දායක වුණු සැමට මුළු හදවතින්ම ස්තූතියි!!
රන්ජන්ට ඒ අවස්ථාව ලබාදුන් සියලුම දෙනාට, එයට සම්බන්ධ වූ හැමටම අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා. චිත්‍රපටය අති සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා...!
මම නම් මේක දකින්නෙ රන්ජන්ට කරපු අමානුශික අපහාසයක් හැටියට. පොඩ්ඩක් හිතන්න.. මෙ ඔබ නම්, මෙහෙම විලන්ගු දාල ඔබව මිනිස්සු අතරට ප්‍රසිද්ධියේ ගෙනාවොත් ඔබට දැනෙන්නෙ කොහොමද? රන්ජන් හිරෙ ඉන්නේ රටට හෝ ජනතාවට කරපු කිසිම අපරාධයක් නිසා නෙමෙයි. මුදලට යට වෙලා තැරව්කාරයෙක් අමුනපු නඩුවකට. මෙය අධිකරණයට අපහාස කලා කියනවා නම් අර මිනීමරුවෙක් කියලා සධාරන සැකයකින් තොරව ඔප්පු කල මිනිහා ගරු මන්ත්‍රි කෙනෙක් වෙලා රජ සැප විදිනවා. තව එකෙක් කප්පම් ගත්ත බවට අධි චෝදනා ලබලා වන්ගුවෙන් ඇමතිකමකුත් දරනවා. ඒවා නීතියට කරන අපහාස නෙමෙයි ද?