
(කාංචන කුමාර ආරියදාස)
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම් ආරම්භ කළ වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දමීම නිසා එම ප්‍රදේශයේ වකගඩු රෝගීහු දැඩි අසීරුතාවය පත්ව සිටිති.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට්ටිපොළ , විල්ගමුව රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදි කොට වකුගඩු රෝගීන් ගේ සායන පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දී තිබිණි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රදේශීය ජනතාවගේ ඉල්ලීම් පරිදි රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් සහ උප උපකරණ ලබාදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් මිලියන 90 ක් මුදල් වෙන් කර ඉදිකිරීම් ආරම්භ කොට තිබිණි .
ඒ අනුව ලක්ෂ ගණනාවක් වෛද්‍ය උපකරණ මෙන්ම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කළ ද මේ වනවිට ඒ සියල්ල අතරමග නැවතී ඇත්තේ එහි කොන්ත්‍රාත් සමාගම් එක වරම ඉදිකිරීම් අතරමග නවතා දමා පිටත්ව ගොස් ඇති නිසාවෙනි .
වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් බරපතල ලෙස පීඩාවට ලක් වෙමින් සිටිති, විල්ගමුව, හදුන්ගමුව හෙට්ටිපොළ ,මාරක ,ආදී ප්‍රදේශවල ජනතාව කියා සිටියේ එම ප්‍රදේශයේ සෑම නිවසකම වකුගඩු රෝගීන් එක් අයකු හෝ දෙදෙනකු සිටින බවයි.
වකුගඩු රෝගීන් කියා සිටියේ ලේ මාරු කිරීම් සඳහා විල්ගමුව ප්‍රදේශයේ සිට කිලෝ මීටර් සියයකට වඩා දුරක් පිහිටි මහියංගනය , මහනුවර ,පොලොන්නරුව සහ දඹුල්ල යන රෝහල් වලට ගමන් කිරීම්ට සිදුව තිබෙන බව ය.
ගමන් කිරීම්ට අපහසුතා ඇති රෝගීන්ට විල්ගමුව රෝහලේ ගිලන් රථය උපයෝගී කරගෙන ප්‍රවාහනයය කිරීමේ කටයුතු ද සිදු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ ඉතින්... කොන්ත්‍රාත් එක... ගස් ටික කපාගන්න එක... ඒක ගොඩදාගත්තා.. ඉතින් හරි. අර අපේක්ෂා රෝහලෙත් අපෙන්ම සල්ලි එකතු කරලා හැදුවේ මහේල ජයවර්ධන රෝහල් ගොඩනැගිල්ලක්... ඒ වගේ තමයි මේ රටේ වැඩ. මේවා නවතින්නේ නැහැ. මේ බංකොළොත් දේශපාලුවන් ඉන්න කල්..
හොයාගන්නකෝ ඔය කියන කොන්ත්‍රාත් සමාගම පිටිපස්සේ ඉන්න කොමිස් පාලුවන් ටික...
කොන්තරක්ක්කාරයාට වරද පටවන්න ඉස්සර ටිකක් හොයල බලන්න එයා කරපු වැඩ වලට මෙය බංකොලොත් රජයෙන් නියමිත ගෙවීම් කරලා තියෙනවද කියල.