
(බී.ජී චතුරංග)
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව අද (13) ආරම්භ කෙරිණි.
තන්තිරිමලේ රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් ආලෝක පූජාව විවෘත වූ අයුරු.
විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් නිවුන්හැල්ල, තන්තිරිමලය පොලිසියේ උපපොලිස් පරීක්ෂක දිසානායක, මහවිලච්චිය ලංකා බැංකුවේ කළමනාකාර උදිත කුමාර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ශ්‍රී කාන්ත් ඩයස්, සිලෝන් බිස්කට් ආයතනයේ විධායක නිලධාරීන් වන සුජිත් උදනිවෙල සහ මහින්ද පතිරණ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. නමුත් මේ වෙලාවේ මුදල් නාස්තියක් නේද?
ඇයි විදුලිය නාස්ති කරන්නේ?