(රෝහණ සමරවීර,ලසන්ත නිරෝෂන සහ උපේන්ද්‍ර ජයතුංග)
අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද ගොඩගත්තේය.
මළ සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම, ඇතුළු පොලිසියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
එම ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බැවින් ජල මෝටර් යොදා එහි ජලයත් රොන් මඩත් ඉවත් කිරීමට ගත් අතර පෙරවරු 10.30 ට පමන දැරියගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මියගිය දැරියගේ මව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ එම ස්ථානයට රැගෙන ආ වේය.
දැරියගේ මව එම දැරියගේ සිරුර බහැලු පොහොර කවරය ඇතුළු දෑ හදුනා ගනු ලැබුවාය.
සුදු පැහැති පොහොර උරයක බහා තිබූ එම දැරියගේ සිරුර බෙහෙව්න් නරක්වී තිබු අතර අස්ථි කොටස්, හිස කොටස, කළු ගල් තුනක් දැරියගේ බවට සැක කරන කුඩා සායක, ටී ෂර්ටයක් එම පොහාර කවරයේ තිබී සොයා ගනු ලැබීය.
එම මළ සිරුර රත්නපුර දිස්ත්‍රක් මහ රෝහලට රැගෙන ගොස් එහි අධිකරණ ව්ශේෂඥ වෛද්‍ය වරයකුට වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදි පොලිසියට නියෝග කළාය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි
මනෝර Sunday, 11 September 2022 10:26 PM
දියණියනි, ඔබට නිවන්සුව පතමු.
කිරිපුතා Sunday, 11 September 2022 11:31 PM
ඇය වෙනුවෙන් අඬන්න මවක්වත් නෑ ඇයට. කොයිතරම් පූර්ව අකුසලයක්ද ?
sugathMonday, 12 September 2022 02:01 AM
ඇත්තටම කර්මය ගෙවන්නේ මෙවන් පාපතරයන් වෙසෙන රටක ඉපදීමයි.
උඩුගම්පොලMonday, 12 September 2022 06:08 AM
සසරේ අපිත් කොච්චර නම් මෙහෙම අනුන්ගෙන් ගුටි කාලා මැරෙන්න ඇද්දැයි සිතා සසර බිය ඇති කරගන්න අවස්ථාවක් මේක... අර දෙන්නට විඳින්න වෙන දුක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් පුංචි දෝණිට නිවන් සැප ලැබේවා! සසරේ තවත් මෙවන් අකල් මරණවලට ලක් නොවේවා...!
HiraMonday, 12 September 2022 07:48 AM
මේ සෑම දෙයක්ම වෙන්නේ අපගේ සර්ව බලධාරී දෙවි පියාණන්ගේ කැමැත්ත පරිදියි. එයට පිටුපාන්න මේ ලෝකේ කාටද පුළුවන්...?
Janak Wednesday, 14 September 2022 04:55 PM
හැමදේම කරුමෙට බැර කරන කිසිම වැදගම්මකට නැති අදහසුත් තියෙනවා. මේ රටට හෙනේ ඔය කරුමවාදීන් තමයි...