
(ඇන් ජේ පතිරාජ)
ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන් නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්‍රදේශවාසිහු කියති.
අලි ඇතුන් 100ක් පමණ පාළුකඩවල වැවට දිය බීමට සවස පහ - හය පමණ විට පැමිණෙන බව ජනතාව කියති .
අලි ඇතුන් වැව් දියට බැසිමෙන් පසු නරඹන්නන් සිය යාන වාහන රැගෙන වැව්පිටියට යන බවත් , ඇතැම් පිරිස් වැවෙන් ගොඩට පැමිණ කැලයට යන ඒ සතුන්ගේ මඟ අහුරන බවත් ,ඇතැමුන් සිය රථ සතුන් අසළට ම රැගෙන ගොස් සතුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන බව ජනතාව කියති.
අලි ඇතුන්ගේ ඡායාරූප ගැනීමට පැමිණෙන ඇතැම් කැමරාකරුවන්ගෙන් ද මේ හිරිහැර සිඳුවෙන බව ජනතාව කියති.
අලි ඇතුන් අසළට යාම ජීවිත අවදානමක් ඇති කරුණක් බවත් ,සතුන් ප්‍රචණ්ඩ වීමටත් හේතුවක් බවත් ජනතාව පවසන අතර එය සතුන්ට හිංසනයක් බවත් පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට හැසිරිලා යම් විදියකින් වනඅලි ප්‍රහාරයකට ලක්වුණොත් ඊට පස්සේ වනජීවී එකට බනිනවා... කිසිම පියවරක් ගන්නේ නෑ කියලා.
මේවා නවත්තන්න වනජීවීයට බැරිද?
වන සතුන්ට තරම්වත් මොළයක් නැති මේ මිනිසුන්ට තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුව පවතී. මොන දේට බෙහෙත් තිබුණත්, මෝඩකමට බෙහෙත් නොමැත...
අපේ රටේ සමහර මිනිස්සුන්ගේ හැසිරීම් ගැන අමුතුවෙන් කියන්න ඕනෑද? සිව්පා සතුන්ට වඩා අන්තයි...!
එවැනි දේවල් වළක්වන්න උත්සාහ ගන්න එපා. අපේ ඔය කාඩ්බෝඩ් වීරයින්ට අලින් ළඟදි හොඳ පාඩමක් උගන්වයි. එතකොට බලාගන්න පුළුවන් ඔවුන්ගේ කෙරුවාවල්...