(ඇන් ජේ පතිරාජ)
ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන් නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්‍රදේශවාසිහු කියති.
අලි ඇතුන් 100ක් පමණ පාළුකඩවල වැවට දිය බීමට සවස පහ - හය පමණ විට පැමිණෙන බව ජනතාව කියති .
අලි ඇතුන් වැව් දියට බැසිමෙන් පසු නරඹන්නන් සිය යාන වාහන රැගෙන වැව්පිටියට යන බවත් , ඇතැම් පිරිස් වැවෙන් ගොඩට පැමිණ කැලයට යන ඒ සතුන්ගේ මඟ අහුරන බවත් ,ඇතැමුන් සිය රථ සතුන් අසළට ම රැගෙන ගොස් සතුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන බව ජනතාව කියති.
අලි ඇතුන්ගේ ඡායාරූප ගැනීමට පැමිණෙන ඇතැම් කැමරාකරුවන්ගෙන් ද මේ හිරිහැර සිඳුවෙන බව ජනතාව කියති.
අලි ඇතුන් අසළට යාම ජීවිත අවදානමක් ඇති කරුණක් බවත් ,සතුන් ප්‍රචණ්ඩ වීමටත් හේතුවක් බවත් ජනතාව පවසන අතර එය සතුන්ට හිංසනයක් බවත් පවසති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාළුකඩවල වැවට එන අලින්ට නරඹන්නන්ගෙන් කරදර
Pradeep Kumara Wednesday, 24 August 2022 12:44 PM
මේ විදියට හැසිරිලා යම් විදියකින් වනඅලි ප්‍රහාරයකට ලක්වුණොත් ඊට පස්සේ වනජීවී එකට බනිනවා... කිසිම පියවරක් ගන්නේ නෑ කියලා.
Fairoos Wednesday, 24 August 2022 01:50 PM
මේවා නවත්තන්න වනජීවීයට බැරිද?
සමිත අලුත්ගමගේ. Wednesday, 24 August 2022 03:45 PM
වන සතුන්ට තරම්වත් මොළයක් නැති මේ මිනිසුන්ට තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුව පවතී. මොන දේට බෙහෙත් තිබුණත්, මෝඩකමට බෙහෙත් නොමැත...
ගමේ එකාලා Wednesday, 24 August 2022 05:15 PM
අපේ රටේ සමහර මිනිස්සුන්ගේ හැසිරීම් ගැන අමුතුවෙන් කියන්න ඕනෑද? සිව්පා සතුන්ට වඩා අන්තයි...!
Bunny Preena Thursday, 25 August 2022 09:29 AM
එවැනි දේවල් වළක්වන්න උත්සාහ ගන්න එපා. අපේ ඔය කාඩ්බෝඩ් වීරයින්ට අලින් ළඟදි හොඳ පාඩමක් උගන්වයි. එතකොට බලාගන්න පුළුවන් ඔවුන්ගේ කෙරුවාවල්...