IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී

(චාපා මධුභාෂිණී,නිමල් ජයරත්න සහ ක.ග.කරුණාරත්න)

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.

ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වනු ලබන රෝහල් වන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ  රෝහල් විශාල සංඛාවක සේවය කරනු ලබන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීම සදහා මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හල නම් කර ඇත.

ඒ් අනුව රෝහල් සේවකයන් විශාල පිරිසක් මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල් පොල්ලිමේ රැදී සිටිනු දක්නට ඇත.

මැදිරිගිරිය අවට ප්‍ර‌දේශවාසීන් ඊට පළකළ දැඩි විරෝධතාවය හේතුවෙන්  ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ සාමාන්‍ය ජනතාව තවමත් සිය වාහන සමග පොලිම්හි නවතා ඇත.

මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ, වැලිකන්ද,  මනම්පිටිය ආදී රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු මේ වන විට නතර වී ඇත.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයටද පැමිණීම අත්හිටුවා ඇත.

 

 

 

 



අදහස් (1)

පොලොන්නරුවේ රෝහල් කටයුතු නවතී

fairoos Sunday, 17 July 2022 03:08 PM

අරගලයේදී විනාශවුණු පොහොට්ටුවේ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න කළින් මේවා ගැන බැලුවොත් හොඳයිනේ... අපේ වැඩබලන ජනාධිපතිතුමනි...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1841 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1488 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site