
යාපනය සිට කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිවත් ව සිටියි.
නාවික හමුදාධිපති වයස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත ගිනිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ අධික්ෂණය යටතේ මෙම කටයුත්ත සිදුකරයි.
කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා ගිණිකොණ නාවික විධානයට අයත් නාවික කාර්ය මණ්ඩලයන් එක්ව සිටියි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ඉන්නකොට අපට ෆුල් බොඩි චෙකප් කරලා පොලුපාර තමයි පොලිසියෙන් හම්බවුනේ...