
(ටී.කේ.ජී.කපිල )
17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය.
පසුගිය 7 වැනි දා සිට 11 වැනි දා පැවැති 17වන කසාන් මුස්ලිම් ජාත්‍යාන්තර සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූහ.
ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබුණි .‘‘ ද නිව්ස් පේපර්‘‘ චිත්‍රපටය මීට පෙර අන්තර් ජාතික සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය.
එංගලන්තයේ ‘‘රේන්වෝ අන්තර් ජාතික සිනමා උළෙලේ හෝඳම අධ්‍යක්ෂණයට, ඉන්දියාවේ ‘බැංගලුරු අන්තර් ජාතික සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, කැලිෆෝර්නියාවේ ‘ඉන්ඩ්පෙනන්ස්‘‘ සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, ඇමෙරිකාවේ ‘පළමු සිලෝන් අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන පහකුත් ඕස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න් ඉන්දීය චිත්‍රපට උළෙලේ ඉන්දියානු උපමහද්වීපික හොඳම චිත්‍රපටය ලෙසත් මීට පෙර සම්මාන හිමිකර ගත්තේය.
සම්මානය රැගෙන ආ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා සිනමා නළු කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල , මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන එච්.ඩී.ප්‍රේමසිරි , රවීන්ද්‍ර ගුරුගේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු එම අවස්ථාවට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලු... කලාකාරයින් වුණාම මීටවඩා හොඳ විඥාණයක් ඇතියි කියලා හිතුවේ... මේ දෙන්නට...
ගත්ත ණය නොගව්වට නේද බන්දුලට සම්මානයක් දෙන්න තිබුණෙ? කවුද මෙතන මේ බන්දුලව වටකරන් ඉන්නෙ.
හොඳම නලුවා නිශ්පාදක රැගෙන ආ සම්මානය දෙස බලා සිටී
ආචාර්යතුමාට ඩිප්ලෝමා එකක් ලැබිලා... සතුටුයි.
තිරිමාදුර සම්මානෙ දිහා ඇහැ ගහගෙන ඉන්නෙ කෝකටත් කියලා.
එතකොට කතාවෙ ප්‍රධාන නලුව බන්දුලද?
නියම නලුවෙක් තමයි බන්ඩදුල
ආර්තික ඔස්තාර් රන්ගපෑමක් කරලා?
දේශපාලකයෝ කියන්නේ කොහොමත් නළුවෝ තමයි.
කුමාර තිරිමාදුර මහතාණෙනි, සරත් කොතලාවල මහතාණෙනි, ඔබ දෙදෙනාට සුබපැතුම්...!
එහෙන් දුන්නු ඔරිජිනල්ම සම්මානේ කියලා කොහොමද කියන්නේ පේනවනේ අරන් ඇවිල්ලා තියෙන පුද්ගලයා. මගදී මොනවා වුණාද දන්නේ නැහැ...
හොඳම නළුවන්ට වීසා නොදුන්නවත්ද?
බලන් ගියාම බන්දුල සෑර් හොද වැඩ්ඩෙක්නේ. නිකම් නෙවෙයි සම නිෂ්පාදක. අනික් අය පව්?
ලැජ්ජයි බන්දුල... ඕක දෙන්න දිනපු අයටම...
හොඳම චිත්‍රපටයට සම්මානය ලැබුණා නම් තමයි නිෂ්පාදක සම්මානය ගන්නේ... මෙතන නළුවාට, අධ්‍යක්ෂකට සම්මාන ලැබුණාම නිෂ්පාදක ඒක ගත්තේ කොහොමද? මෙයා එතැනත් නියම දේශපාලුවා වෙලා තව කෙනෙක්ගේ අවස්ථාව අරගෙන... මොහු ගියේ එයාගේ සල්ලිවලින් වෙන්න ඇති... නමුත් රටේ ආර්ථිකය හදන්න බැරි කෙනා මේ වගේ අවස්ථාවක..! අනේ මන්දා අර තව එක්කෙනෙක් පාටි දාලා තිබුණේ... අපි මෙහෙ ලංකාවේ මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ කියලා ඒවා එකතු කරකර එවනවා...!
අර සාමාජිකයින් පස් දෙනෙක් ඉන්න පවුලට මාසික වියදමට රුපියල් 2500 ඇතියි කියපු බන්දුල ගුණවර්ධන තමයි නියම නළුවා මේ වගේ රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මේ නළුවන්ට අර 69 ලක්ෂය ජනතාව සමග අනිත් අයත් ගැලපෙන විදියට සම්මාන දෙන්න ලබන ඡන්දයක් එනකන් බලාගෙන ඉන්නවා...
ජයග්‍රහණයක් කොතැනද? එතැනට කඩාපනිනවා. ඇයි අරදෙන්නාට ගුවන්යානාවල යනකොට වමනේ යනවාද?
ඔය මිනිහා ඔහොම්මයි. කතා දෙකක් නැහැ නළුවන් දෙන්නාට කියන්න ඇති ඔබලා රඟපෑවාට සම්මානේ ගන්නේ මමයි. ඔබලාට ඕනෑනම් එන්න මගේ දෙපැත්තෙන් නිකන් අර අන්තේවාසික කුක්කන් දෙන්නෙක් වගේ කියලා. ඒ නළුවන් දෙන්නාගේ මුහුණු වලත් ඒක පේනවා නේද? සුනාමි වෙලාවෙ හම්බන්තොටද කොහෙද හිරවෙලා උන්නු වෙලාවක මුළු පවුලම බලාගත්තු ආරක්ෂකයින් දෙන්නත් අර මිනිහට එන්න යවපු හෙලිකොප්ටරයට ගොඩවෙන්න ආවාම ඉඩකඩ තිබිලත් බැනලා පන්න ගත්තාලු.. එයි ඔබලා කොහේද මේකේ යන්නේ? මේක මේ මටයි මගේ පවුලටයි.., යන්න විතරයි එවලා තියෙන්නේ, විකාර නැතුව නුඹලා බස් එකේ වරෙල්ලා කියලා...
බන්දුල ගෙ 2500 මාසික ආදායමට සම්මාන ලැබුනද දන්නෙ නෑ.
මමත් මාසෙට 2500 ගානෙ එකතු කරනවා... චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න සල්ලි හොයන්න.
‘‘මේ රටේ කෘෂිකර්මාන්තය, සේවා කියන සෑම අංශයක්ම චප්ප වෙලා, රුපියල මස්ත බාල්දු වෙලා. සමස්ත ආර්ථිකය කුජීත වෙලා. ඒක කරපු අයගේ හක්ක මාට්ටු වෙලා බොක්ක පැනලා ඉන්නවයි කියලා තමයි කියන්න වෙන්නේ. ‘‘
අප ආසා කරන මේ නළුවන් දෙදෙනාට අපගේ ප්‍රණාමය..!!! ඒත්, දැකීමට ප්‍රියනොවන මුහුණක් හා තොරතෝංචියක් නැතිව කියවන කෙනෙකු නිසා මේ දෙයෙහි නියම සැමරීම සිතට අවංකව කරන්න බැරිවුණා නේද කියලා හිතෙනවා. මීට පස්සේ වත්, ජනතාවට එපා නොවුණු නිෂ්පාදකයෙකු සොයාගන්න වගබලා ගන්න...
ලැජ්ජාවක් නැතිව සම්මානය අල්ලගෙන ඉන්න හැටි... නිෂ්පාදක වුණාට නිර්මාණයේ සම්මානීය ගෞරවය තියෙන්නේ මේ නළුවන් දෙන්නාට නේද? ඔබලා වගේ අය නිෂ්පාදකයින්ටත් නිගාවක්... නලු නිලියන් මීට පසු නිෂ්පාදක කවුරුදැයි බලා එකතු විය යුතුයි. මේ කළේ නිර්ලජ්ජී වැඩක්...