
(චමින්ද වැවතැන්න සහ ඩයනා උදයංගනී)
පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම චාම් උත්සවය සහකාර අධ්‍යක්ෂවරුන් වන නවෝත් අබේසිංහ සහ මිහිරාන් මැදවල මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කළහ.
මෙම උත්සවය ආරම්භ කරමින් වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාව පැවැත්වූහ.
පසුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ නිවුන් අලි පැටව් දෙදෙනාට හා නිවුන් අලි පැටව්න්ගේ මව වන සුරංගීට කිරි බත් පලතුරුවලින් සංග්‍රහ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්ක දුටු තැන අලින්ව විනාශ කරනවා. විදුලිය, වසවිස, වෙඩි ප්‍රහාර... ඒත් අලි දර්ශනවලින් නම් අඩුවක් නැහැ...
අලියා දිහා කොතරම් බලා සිටියත් ඇතිවෙන්නේ නැහැ කියා ජනවහරේ පවතියි. මේ අපූරු යෝධ සත්වයා දිහා බලාගෙන ඉන්න අයට ඇතිවන්නේ සතුටක් වගේම පුදුමයක්... මෙයාලගේ තිබෙන විශේෂත්වයක් වන්නේ සැම ඉන්ද්‍රියක්ම හැඳින්වීමට ඊට ඉස්සරහින් 'අලි' යන කොටස දානවා. අලි ඔලුව, අලිකන ආදී වශයෙන්... මේ පුංචි සුරතල් අලි බබාලා දෙන්නාට සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
දින කිහිපයකින් දළ ඇති අලි පරපුරත් 76 උපන්දිනය සමරයි...!!