(ලාල් එස් කුමාර)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
පා ගමනට එක් වූ විශ්ව විද්‍යාල සිසුන් මාර්ගය හරස් කිරීම හේතුවෙන් එක් පැත්තකින් අවහිරවී ඇති අතර පා ගමන වැළැක්වීම සඳහා පොලිසිය දළුගම ටයර් හන්දිය ආසන්නයෙන් මර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවන පරිදි මාර්ග බාධක යොදා ඇත.
මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියැදුරන්ට දන්වා සිටි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දළුගමින් මහනුවර මාර්ගය වැසෙයි
මැක්ස් Tuesday, 18 October 2022 06:37 PM
විශ්ව විද්‍යාල ත්‍රස්තවාදීනට මෙරට උන්ගේ කෙළිබිමක් කිරීමට ඉඩ නොදෙන පොලිසියට අපගේ ප්‍රණාමය.
some Wednesday, 19 October 2022 04:48 AM
හොඳට නාවන්න.
chinthaka Wednesday, 19 October 2022 11:58 AM
උසි ගන්වන අයගේ දරුවෝ ඉගෙනගන්නේ පිටරටවල, උපාදි අරන්දෙන්නේ පවුද්ගලික විශ්වවිද්‍යාලවලින් , මේ තරුණයන් මහපාරේ .
santhuWednesday, 19 October 2022 08:40 PM
මේ කරන සෙල්ලමත් ඩීල් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ උසි ගන්වන රංචුව අල්ලලා හිර කරන්නේ නැත්තේ ඇයි...?