
(සමන් විජය බණ්ඩාර)
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප‍්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ.
හෙම්මාතගම සියඹලාව ප‍්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. වයස අවුරුදු 7 ක් වයසැති දරුවෙක් සහ අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවකු ඔහුට සිටින අතර බිරිඳ රැකියාවක් නොකරන බව ඔහු පවසයි.
රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග තමන්ගේ වෘත්තිය මෙ වන විට නැවතී ඇති බව හඩා වැටෙමින් ඔහු අප සමග පැවසූවේය.
‘‘පෙදරේරු සංගමය ඉවසුවා ඇති බඩු මිල අඩු කර දුප්පතාට සහන දියව් ’’ යන බැනරයක්ද ප‍්‍රදර්ශනය කරමින්ය.
වයස අවුරුදු 7 ක් වයසැති දියණිය කිරි ඉල්ලා හඬනවා. දරුවන්ට කිරි පමණක් නොව තම පවුලේ සියලූ දෙනාට දෛනිකව තුන් වේල කන්නට දෙන්නටවත් දෙයක් නෑ. රැකියාවක් නැති මට දරුවන් පෝෂණය කරන්න බැහැ.
තමා මෙන් මේ වන විට බොහෝ මාපියන් මේ මොහොතේ අසරණ වි ඇති අතර ඒ අසරණ කම හා පත්ව ඇති පිඩාව විස්තර කිරීමට නොහැකි බවද කියයි.
අවසානයේ දරා ගැනීමට නොහැකි ආර්ථික අපහසුතාවය නිසාම ඔවුන් ජීවිත පවා නැති කරගන්නා බවද කියයි.
හෙම්මාතගම ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ දෛනිකව විශාල වාහාන එහා මෙහා යන හෙයින් එම මාර්ගය මධ්‍යයේ වාඩි වි විරෝධතාවයේ නියෙලෙන මෙම දෙදරු පියාට අනතුරක් ඇති වේයැයි සිතා හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් එහි පැමිණ එම දෛරු පියාට පාර අයිනේ සිට තම විරෝධතාවය පල කරන ලෙස ඉල්ලා සිටියාය.
එහිදි පොලිස් නිලධාරීන් හඬට අවනත වූ ඔහු පොලිසිය ඉදීරියේ අඩා වැටෙමින් ඔහුට ආචාර කරමින් ඔහු සංවේදිවිය. එම සංවේදි දසුන දුටු නගරයේ බොහෝ දෙනකුට මෙන්ම පොලිසියේ නිලධාරීන්ගේ සිත් කම්පා කරවන්නටද විය.
පසුව එම අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් මෙන්ම සියලූ ජනතාව ජාති භේදයකින් තොරව මෙම දෙදෙරු පියාට අවශ්‍ය ආහාර පාන, එළවළු යනආදිය ලබා දීමට අවශ්‍ය මුදල් සිය කැමැත්තෙන්ම එහි සිටි බොහෝ පිරිසක් ලබා දීමට කටයුතු කර අතර අවසානයේ එම පුද්ගලයා විසින් තමාට උපකාර කරන ලද පොලිසියේ නිලධාරීන්ට මෙන්ම දායකත්වය ලබා දුන් සියලූ ජනතාවට ඉතා සංවේදී වෙමින් සිය ස්තුතිය පුද කරමින් පිං ලබා දුන්නේ මිනිස් කම හදුනන මිනිසුන් හෙම්මාතගම ඇති බව කියා දෙමින්ය.
හෙම්මාතගම පොලිසියේ එම අවස්ථාවට සහභාගි වු ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් රණසිංහ, පොලිස් පරික්ෂ සරත් විරසිංහ, රථ වාහාන පරික්ෂක හේමන්ත මහතා ඇතුලූ නිලධාරීන් මෙම දෙදෙරු පියාට උපකාර කරන ලද ජනතාවගේ ක‍්‍රියාව අගය කර යුතු උපකාර කර සියලූ දෙනාටම සතුටු විය හැකි අවස්ථාවක් වන බව කියා සිටියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය හඳුනාගන්නත් බෑ. රඟපෑමක් හඳුනාගන්නත් බෑ. සමාජය විෂම නිසා. දානය දුන් සියලු පිංවතුන් කුසල් කරගනිති. ඒ දිළිඳු පියා සත්‍යවාදියෙක් නම් සුවපත් වේවි...!
මේ එක තාත්තේක් විතරයි. තව තාත්තලා අම්මලා ලක්ෂ ගානක් ඉන්නවා මේ දුකම කියා ගන්න බැරුව පපුවේ හිර කරගෙන.
අර රටවෙනුවෙන් කෑගහන අය දැනගත්තනම් ටක්ගාලා එයි.
මේ පටන් ගත්තා විතරයි. වැඩේ කියන්නේ පාලකයින් තාමත් වැජඹෙනවා... සිංහලයෝ කියන්නේ කොන්දක් නැති බයාදු ජාතියක් කියලා... මේකෙන් ඔප්පු වෙනවා.
ඇත්තටම මෙය අවාසනාවන්ත තත්ත්වයක්... රටක ජනතාව මෙසේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ අමන තකතීරු දේශපාලන ඔලමොට්ටල තීන්දු තීරණ නිසයි. පාලකයින් ආරක්ෂා කරන පොලිස් සහ හමුදා සාමාජිකයින් ද මහජනයා පීඩාවට පත් කරන අවස්ථා බහුලයි. මේ ජනාධිපතිවරයා තම තනතුර රැකගන්න කරන නොහොඹිනාකම් කෙළවරක් නැහැ. කරුණාකර අපි සියලු දෙනාම එකට එක්ව මේ ජනාධිපතිවරයා පන්නා දැමීමට සැරසෙමු.
කඩෙන් කාලා සංස්කෘතියේ තවත් ජය සලකුණක්...!
හරක් රැලකට හරකෙක් මිස සිංහයෙක් රජවන්නෙ නෑ කියන කියමන පසක් කරමින් අපි 69 ලක්ෂයක් දෙනා එකතු වී පත්කරගන ඇත්තේද හරකෙකුටත් වඩා මොලයක්වූ නැති ජීවියෙකි. ඉතිං අපිට මේ තත්වෙන් උන් ඒතැන්වල සිටිනතාක් කල් බඩගින්න දාරාගන්නව හැර යමක් කීරීමට ඉතිරි ඇතිනම් ඒ උන්වද මරාගෙන මැරෙන එක හැර වෙනත් යමක් තිබේද. සමහර හමුදා නිළධාරීන් සහ පොලිස් බැලයන්ද උන්ගේ තිරිසන් ගති පෙන්නුම් කරන ආකාරය මම දුටුවෙමි. එවන් පරිසරයක උන්ද විනාශකර ඊලගට සිද්දධ වෙන දේ දකින දවසක් එනතුරැ බලා හිදිමි
මිනිසෙකුට මාලුවෙක් දුන්නොත් දවසකට බඩ පිරෙයි, මාළු අල්ලන්න කියා දුන්නොත්
පොහොට්ටුවෝ අපේ රට කෑවා.
නන්දසේන සහ නඩය තොලොංචිවෙලාම යන්න ඕනේ.. මේ රටට කරපු අපරාධයට හෙණම වදිනවා.
ගිනි පොළියට චීනෙන් ණය අරගෙන රට විනාශ කළේ මෙයාගේ අයියා... සහ පවුලේ සෑම අයම ඇතුළුව...
උපකාර කල සියළු දෙනාටම ගොඩක් පින්. මේ මනුස්සයට පොඩි හෝ රැකියාවක් දුන්නොත්. ඒ් කෙන් පවුලේ ප්‍රශ්ණ යම් තාක් දුරට විසදේවි. මාවතගම ඉන්න මෙමනුස්සගෙ ගෙදර තියෙන ඉඩ කඩ වගා කල යුතුයි. ඒ් ගැන අවබෝදයක් අවධානය කල යුතුයි.
ඇයි මිනිසුන්ව මෙතරම් අසරණ කරන්නේ?
අද උදේ මා හමුවීමට පැමිණි අසල්වැසි තිදරු පියෙක් හාල් කිලෝ 1ක් ඉල්ලුවා...!
දානයට හිතැති අනුකම්පා ඇති මිනිසුන්ව වර්ණනා කරමි. නමුත් ලැජ්ජ නැද්ද මිනිහෝ මෝඩයෙක්, අබ්බගාතයෙක් වගේ මහපාරේ වැලපෙන්න. අනිත් අය දෙන දෙයින් යැපෙන්න ලැජ්ජාවක් නැති තරුන උඹ වගේ මිනිහෙකුට කරපු රැකියාව හැර කරන්න මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැද්ද. පත්වෙන හැම ආන්ඩුවකට දොස් කිය කියා ඉන්න කාළකන්නි මිනිසුන්ගෙන් මේ රට පිරි ඉතිරී ගිහිල්ලා පීඩාවට පත්වී ඇති හැම මිනිහාම උඹ් වගේ මහපාරේ වැලපෙමින් හිගා කෑවොත් කොහොම වෙයිද?
තෙරුවන් සරණයි..! බුදුදහම හරියට පිළිපදින, වයස අවුරුදු 30-60 අතර සිටින, හොඳ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අළුත් තරුණ ගිහියන්ගේ නායක බලවේගයක් ඉදිරි මැතිවරණ සඳහා නිර්මාණය කරන මෙන් ලංකාවේ සියලුම භික්ෂූන් වහන්සේලාගෙන් සහ බෞද්ධ සංවිධානවලින් ගෞරවයෙන් අයැද සිටිමි. දිනපතා නිවසේ බුදුන් වැඳ සියලු සම්‍යයක් දෘෂ්ටික දෙවියන්ට ඒ පින අනුමෝදන් කර, ඒ සියලුම දෙවියන්ගේ ආනුභාවයෙන් මේ රට පත්ව ඇති මේ අවාසනාවන්ත තත්වයෙන් ගොඩඒවායි පතන්න. බොහෝ දෙනෙකු එකම දේ දිනපතා පතන විට මහා බලයක් ජනිත වේ. ශාප කරනවාට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලැබේ. ශාපකරන සිස්ටම් එක, පින් කරන සිස්ටම් එකට චේන්ජ් කරමු.
පව්..! මේ තාත්තා වගේ තව මිලියන ගණනක් තාත්තලා ලෝකෙට නොපෙනුණාට හදවතින් හඬා වැටෙනවා තම දරුවන්, පවුල් නඩත්තු කරගන්න බැරිව... මේ දුක කවදා විසඳේද?
මූනෙන් කියන්න පුළුවන් අවංක අසරණ පියෙක් කියල මේ පියාගේ ප්‍රශ්නය සානුකම්පිතව තේරුම් ගෙන උදව් කල පොලීසියේ නිලධාරින්ට සහ උදව් උපකාරකල සියලුම දෙනාට බොහෝමත් පින් අපේ රටේ උනුවෙන හදවත් ඇති මෙවන් සත්පුරුෂයන්ට මේ පිනම ඇති සසරින් එතෙර වීමට මෙවන් අසරණ උන කී දාහක් දෙනෙක්නම් තව ඉන්නවද .