
(යොහාන් භාසුර)
කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි.
මෙම පෝලිම් නිසා කොළඹ නගරයේ බොහෝ මාර්ගවල දැඩි වාහන තදබදයක් දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පාරේ පෝලිම් නොගස්සවා සැමට සාධාරණව තෙල් බෙදාදීමේ ක්‍රමයක් හදන්න බැරි මොකද? තෙල් ටික හිඟයක් නැතුව දෙන්න බැරි නම් එවැනි ක්‍රමවලට යායුතු වෙනවා. ඉන්ධන ඇතිතරම් දෙන්න පුළුවන් නම් ඔය පෝලිම් ඇතිවන්නේ නෑ. රට කාබාසිනියා කරපු අය දැන් ඉන්ධන ගන්න ඩොලර් නැතුව තියෙන සීමිත ඉන්ධන ලබාදෙන්න පාරවල් පුරා වාහන පෝලිම් ගස්සනවා. රටට ගිය කලක්...?