IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට

(ජේ.කේ.එල්. චාමින්ද සහ උඩුගම රවි ලියනගේ)

ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටිමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කේ.එල්.එස් ෂාඩිලා හංසි නැමති ගැබනි මවක් හා එල්. යු දිසානායක (07) නැමති දැරියකි ඇය හෝමාගම කිරිවත්තුඩුව  ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

මෝටර් රථයේ පවුල්කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සදහා මෝටර් රථයේ ගමන්කරමින් සිටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

මෝටර් රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇතැයි පොලිසිය පවසයි.

දුම්රිය ඉදිරියට ධාවනය වනවාත්  සමග මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය මැද නතරවි දුම්රියේ ගැටි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

තුවාල ලබා ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනකු එක් කාන්තාවක හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 

(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)



අදහස් (0)

කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site