
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී .
තිස් දෙදෙනකුගෙන් සමන්විත ආදී වාසීන් පිරිසක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මෙම මීපැණි පූජාව සිදුකරන ලද අතර ආදිවාසි නායක වන්නිලැ ඇත්තන් මෙම මීපැණි පූජාව මෙවර සිදු කරනු ලැබූයේ 26 වැනි වතාවටය.
ඉතිහාසයේ පටන් ඒ ඒ යුගයන්වල සිටි ආදිවාසී නායකයෝ මෙම පූජාව මහත් භක්තියකින් යුතුව ඉටු කළහ.
(ෂේන් සෙනෙවිරත්න)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී පැණි ටිකක් ලබා ගන්න මී මැස්සො කී දෙනෙක් විතර මැරෙනවද?
මීපැණි කිව්වම බස්නාහිර පළාතේ පැක්ටරියකින් නිපදවන රජයේ අලුත්ම වෙළඳ ආයතනයක් මගින් අලෙවිකරණ මීපැණි කියලා කුඩා බෝතලයක් ගෙනාවෙ බෙහෙතක් සදහා .එය රස බලා ගේන්න බැහැ ගෙනැල්ලා බැලුවෙ.රස නම් කඩවල සමහරක් වෙළෙන්දන් සීනි වල බර වැඩිවෙන්න වතුර එකතුකර තිබීමෙන් ඇතිවන රසම තමයි .මීපැණි රසක් නම් ඇත්තෙම නැහැ මම නම් නැවත එතැනින් ඒවා ගන්නෙ නැහැ.
වැද්දන්ගේ බොරු සෝබන. දළදා පෙරහරට වැද්දෝ ආව කියල මොන පොතේද දන්නේ නැහැ තියෙන්නේ.
සාධු සාධු. ඔවුන් කල ඒ උතුම් කුසලය දැක සැදැහැත් තෝ සිත් පහදා ගනිත්වා! මේ උතුම් කුසලය ගැන දැනුවත් කල ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ඒ උතුම් කුසලය අනුමෝදන් වේවා!!
ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමීන් විසින් මොළ ශෝධනය කරන ලද ඉහත ප්‍රතිචාර දැක්වූ රූකඩ රටක සංවර්ධනයට සහ රටේ සාරධර්ම ආරක්ෂා කිරීමට කෙතරම් නරකද? හොඳ මොලයක් ගන්න මචන්!
උත්තම මුනිදු වන්දනාව සතුටින් අනුමොදන් වෙමි!!!
දැන් ඔතැන ජාතික ඇඳුමක් ඇඳගෙන ඉස්සරහින් ගමන් කරන්නේ කවුද?
අපි අහල තියෙන්නේ මී පැණි විතරයි. ප්‍රනීත මීපැණි කොහෙන් ගේනවද?