
(අංජුල මහික වීරරත්න)
අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක් වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.
ඉකුත් නව වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් එක චේන්ජ් කරන්න සැහෙන්න මහන්සි වෙලා
කන්න බොන්න නැතිව සාගත කාරයින් සෙට් ඒකක් මේවා අත්පත් කරගෙන කියලා පේනවා.
පළමු ගේ ගිනි තිබ්බම ඔවුන් දඬුවම් ලැබුවෙ නෑ. නීතිය දන්න අය පෙරමග අරන් කටයුතු කළා. නීතිය දන්න අය අවනීතිය ආරක්ෂා කළා. දැන් ඒ අසංවර ජනතාව ඕනෑම ගෙයක් ගිනි තියන්න , දේපල හොරාගන්න බය නෑ. මොකද නීතියෙන් ඔවුන්ට දඬුවම් නැතිවග දන්න නිසා. එන ඕනෑම නායකයෙකුගේ පළමු කාර්යය විය යුත්තේ නීති තදින් ක්‍රියාත්මක කර රටේ විනය හැදීමයි. ගෝඨාභය මහතාගෙනුත් අපි බලාපොරොත්තු වුණේ එයයි. නමුත් ඔහු කිසිවක් කළේ නෑ.
කොසොල් රරජුගේ සිහින ඉටුවෙනවා
හිස් ගොඩනැගිලි තුනක් අල්ලා ගෙන මහා විප්ලවයක් කළා යැයි උදම් අනන උම්මත්තකයන් මීට වගකිව යුතුය.
මේ වගේ අයටද රට බාර දෙන්න කියන්නේ?
මේ අරගල කරුවන්ගේ නම කැතකරන්න හදන වැඩපිලිවෙලක්ද?
අරගලකාරයෝ, ඉරිසියා කාරයෝ, කුහකයෝ අතර වෙනසක් නොමැත. අපගේ මුදල් විනාශ කරනකොට අරගල කරපු අය කොහේද? මිඩියාවලට ඇවිත් පොර ටෝක් දුන්නට අපි රැවටෙන්න හොඳ නැහැ ලාංකිකයිනි...
අරහලයට ජයවේවා !!!!!
සොරකම් කරනලද ජාතික ධනය ප්‍රමාණය බැලුවොත් එය දුප්පත්, පීඩිත ජනකොටස් සොරකම් කරන ලද ලැප්ටොප් එකෙන් වසා දැමිය නොහැක.
මේ කාගේ දේපළද විනාශ කරන්නේ... මේකද අරගලය? මේ අයද රට ගොඩනගන්න හදන්නේ...?
මෙයාලා සල්ලි හොයලා තියෙන්නේ
මහ සක්කිලි අසික්කිත වැඩ ඔව.
තුප්පහි බල්ලන් අරගලය අල කරන අතර දැන් තොපි පලයව් ඔවාගින් ඉවත් වෙලා
කැතයි-ලැජ්ජයි-නින්දිිතයි
ඕව ඇතුළට ගිහින් සමහර අය කියපු කරපු දේවල් දැක්කම, හොඳටම පැහැදිලි උනා, උන් මොනවගේ ගං කබරයොද කියල.. ආපු මිනිස්සු, එක අඩියක් ඕක ඇතුලට නොතියා, ඒක වටකරගෙන් අවශ්‍ය දේ වෙනකම් බලකරන්න තිබුණා. ඒකයි විනය. හැබැයි එහෙම් අරගලකරන්න බෑ කියන පිරිසකුත් ඉන්නවනෙ. එහෙමනම්, ඒ විදියටම ඒකට ප්‍රතිචාර දක්වන්නත් පාලකයට පුලුවන් වෙන්නත් ඕනෙ. එක එක පාන්කිරිත්තන්ට පාළුගෙයි වලං බිඳින්න ඇරියෙ මොකටද? එක අතකට මෙහෙම පාලකයො එලවන්ඩ ම ඕනෙ තමයි. ඕනවටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්ඩ හිතන් එන කිසිකෙනෙක්ට මීට පස්සෙ රට කෙරිල්ල ඉවරයි.. පාරෙ බුදියපු බල්ලට වෙන වැඩේ වෙන්නෙ.. වයින් කරල තිබ්බම, හරි-වැරැද්ද මොක උනත්, හරවල තිබ්බ පැත්තට දුවන බූරු, මන්ද මානසික ජන රැලක් ඉන්න රටක්. පාලකයොත් මේ රටේම එවුන් නෙ.. උනුත් බූරුවො තමයි. තව ටික කලක් යනකොට, බඩුමල්ල වෙනුවෙන් ලෝකෙ කොහෙහරි එකෙක්ට, ගෙදර ගෑනි, දුව විතරක් නෙවෙයි, අම්මත් දෙන්ඩ වෙයි. එකත් කමක් නෑ කියන්ඩ හැත්තකුත් එතකොට හැදෙයි.
අපෝ මෙ තවකලික ඉදිකිරිමක් නෙ ගුල් හරල තියෙන්නෙ. . මද්ය එකකයෙ තිබිච්ච පරිඝනක උස්සපුවම බය වෙලා අැති හන්ගල ගහපු ගෙම් එලියට එයිදෝ කියල.. කරන්න දෙයක් නැහැ. . හංල වෙස් බැන්ටද නටනන් වෙන්නෙ එලියෙ කියල ඩන ගන්න ඔන..
අනේ ඔන්න අපිනං නෙමෙයි.අපි සුද්ධ විපලවකාරයෝ කියන ජෙපි පෙරේටු වැඩ තමයි ඔය.පුදුමාකාර ඉරිසියාවක් කුහකකමක් පිරිච්ච කොටසක්.ඕවයේ වටිනාකමක් උන්දලට නැහැ. ඇහුවම ප්‍රංශ විප්ලවේ ඔහොමයි කියාවි. හැබැයි පිට රටකින් රාජ්‍යතාන්ත්රිකයෙක් ආවොත් කවදාවත් මෙහෙ නවතින්නේ නැහැ.ඒ බංකර් එකත් තලේබන්ලා සෙට් එකක් අතෙනේ තිබුනේ..
කෝට 2ක් සල්ලි පොලිිසියට දිිලා ලක්ෂ දෙක තුනක කැමරාවක් හොරකම් කරයිද?
කෝටි දෙකක් පොලිිසියට දිිලා ලක්ෂ දෙක තුනක කැමරාවක් හොරකම් කරයිද?
මේ රට 1971 වර්ෂයේ සිට විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණයි. පොදු දේපළ විනාශ කර දැමීම ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ මගින්ය යන්න අපි හොදින්ම දනිමු. මෙම පක්‍ෂට දේශපාලන බලය දිනා ගැනීමට නොහැකිය. මහපොළත් අරන් ශීෂ්‍යාධාරත් අරන් ගෙදරනුත් සල්ලි කරන් උපාධියවත් හරියට කර ගන්න බැරි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ගොං සාමාජිකයින් කීපදෙනෙකු යොදාගෙන රට විනාශ කරළද මේ මෝඩ රැළ රට හදන්න යන්නේ. දැනට සිදුවන විනාශකාරී කියාවන්ට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ හොර පෙරටුගාමීන් ය පීඩිත සැබෑ ජනතාව පළමුවෙන් ම විප්ලවයක් කළ යුතු වන්නේ මොවුන් එළවා දැමීමටයි. එම නිසා රටට ආදාරය කරන රට අර්බුදයෙන් මුදා ගැනිමට සැබෑ හැකියාවක් ඇති අය සමග සාකච්ඡා කිරීම වැදග්තය. ඒ අයට වැදගත්කමක් සහ පිළිගැනීමක් ලබා දෙන්න. මේ මෝඩ රැළ තවත් ඔසවා තබන්න උස්සාහ කරන්න එපා.
මේ රට 1971 වර්ෂයේ සිට විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණයි. පොදු දේපළ විනාශ කර දැමීම ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ මගින්ය යන්න අපි හොදින්ම දනිමු. මෙම පක්‍ෂට දේශපාලන බලය දිනා ගැනීමට නොහැකිය. මහපොළත් අරන් ශීෂ්‍යාධාරත් අරන් ගෙදරනුත් සල්ලි කරන් උපාධියවත් හරියට කර ගන්න බැරි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ගොං සාමාජිකයින් කීපදෙනෙකු යොදාගෙන රට විනාශ කරළද මේ මෝඩ රැළ රට හදන්න යන්නේ. දැනට සිදුවන විනාශකාරී කියාවන්ට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ හොර පෙරටුගාමීන් ය පීඩිත සැබෑ ජනතාව පළමුවෙන් ම විප්ලවයක් කළ යුතු වන්නේ මොවුන් එළවා දැමීමටයි. එම නිසා රටට ආදාරය කරන රට අර්බුදයෙන් මුදා ගැනිමට සැබෑ හැකියාවක් ඇති අය සමග සාකච්ඡා කිරීම වැදග්තය. ඒ අයට වැදගත්කමක් සහ පිළිගැනීමක් ලබා දෙන්න. මේ මෝඩ රැළ තවත් ඔසවා තබන්න උස්සාහ කරන්න එපා.
මේ ජෙපි පෙරටු අන්තරේ සෙට් එක කියන්නෙම පුදුමාකාර කාලකන්නි කොටසක්.අනුන්ගේ දේවල් ගැන පුදුමාආර වෛරයක් තියෙන්නේ.රජයේ දේවල් පෞද්ගලික දේවල් කියල වෙනසක් නැහැ ගිනිතියල වනසල දාල කුරිරු සතුටක් ලබන්නේ.
මේ වගේ ඌරු මීයන් ලෙස ගුල් හාරන අයට රටක් පාලනය කල හැකිද?
පෙරටුගාමින්, අන්තරේ සහ වෙනත් දේශපාලන කණ්ඩායම් මෙහෙයවූ නායකයන් අරගලයට මුවාවී කරනලද මහජන දේපල විනාශ වීම පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් රටේ පොදු මහජනත්වට ලබාදී නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී අරගල යනු පොදුමහජන දේපල විනාශ කිරීමක් නොවන බවත් මේ ආකාරයෙන් නිශ්චල දේපල විනාශ කිරීමට වගකිවයුතු සහ ඒ සදහා නායකත්වය ලබාදුන් සියලු පුද්ගලයන් නිතිය හමුවට පැමිණවිය යුතුවේ. මහජන අයිතීන් වෙනුවෙන් මහපාරේ, වේදිකාවේ අරගල කරනාවූ පෙරටුගාමින් අන්තරේ සහ වෙනත් දේශපාලන කණ්ඩායම් මෙවැනි ආකාරයෙන් වගකීම් රහිතව කටයුතු කරමින් system change කිරීමටත් රටේ පාලන බලය, නායකත්වයඔවුන් ඉල්ල සිටින්නේ කුමන පදනමක් මතද ? අගමැති කාර්යාලය, ජනාදිපති කාර්යාලය සහ කාර්යාලය ප්‍රජතන්ට්‍රවාදය නොහදුනන වර්ගවාදී, අන්තවාදී, කඩාකප්පල්කාරී සත්‍ය වශයෙන්ම දේශ්ත්ද්‍රෝහී පිරිස් සහ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් මහජන දේපල විනාශ කරලීම් පිලිබදව දන්නා පොදුමහජනත්ව ඔවුන්වෙත රටේ පාලනය බාරදීමට සුදානම් නොමැත. මෙවැනි ප්‍රජතන්ටවාදය නොහදුනන, එපිලිබද අවබෝදයක් නොමැති පොදුමහජන දේපල විනාශ කරනා පිරිස් පාර්ලිමේන්තුවට පත්කරගනිමෙන් සිදුවන්නේ සමස්ත ප්‍රජතන්ට්‍රවදයම විනාශවීමකි
මේක ඒ ගොල්ලෝ කතාකරන සිස්ටම් චේන්ජ් එකද?
ෙකාට්ෙටා්රැව හැ ම ගහටම ෙකාටෙකාට ගියාට ෙකෙසල් ගහට ඇන්න දාට ෙහාට පැටෙලනවාලු
කාලකණ්ණි, පොදු දේපළ විනාශ කරනවා.
මේ අරගලයට සම්බන්ධ අය නොවේ. මේවා කරන්නේ සජබයේ සහ පොහොට්ටුවේ කට්ටිය අරගලය දිය කිරීමට.
ජනාධිපති මැදුර පමනක් නොවෙයි මින් පසූව මුලු රටම වනසනවා ඒකෙ අයත් දදෙකක් නැත
හීනමානය.
ගුරුවරුන් මේ පුවත් පත් කොටස් තබා ගන්නේ නම් පාසලේ සිසුන්ට ආප්තෝපදේශ ඉගැන්වී මේදී උදාහරණ ලෙස පෙන්විය හැකී. මේ පාලුගෙදර වලන් බිඳිනවා වගේ , වළන් කඩේට හරක් පැන්නා වගේ යන ආප්තෝපදේශ වලට උදාහරණය. දක්ෂ සිසුන් මේවා මොඩිෆයි කරනු ඇත. නැතිනම් රජ ගෙදරට ජෙප්පෝ පැන්නා වගේ හෝ අරලියගහ මන්දිරේට ජෙප්පෝ පැන්නවගේ කියා අලුත් ආප්තෝපදේශ වහරට එක් කරනු ඇත.
සුරසයි පාර කියන්නේ .. හික් හික්
මෙක තමයි ඇත්ත තත්වය ඔය මිනිසුන් ගෙ. රටක් පාලනය කරන්න ගියොත් කොහොමද කිසිම ස්වරයක් නෑ. අපෙ දුපත් වාසි සමහර අය රැවටෙනවා මුන්ගෙ කථාවට.
අරගලයට හැමදාම support කරා අපේ gym එකෙන් turns අරං අරගලයට ගියා. එයාලට කෑම දුන්නා නමුත් මේ ක්‍රියාව තරයේ හෙලා දැකිනවා. මීට වැඩියේ මේ දේවල්ගැන control එකක් අරගල කරුවන් අතර අපි බලාපොරොත්තු වෙනවා . අරගලයට ජයවේවා
ජනතාවගේ මුදල් සූරාකමින්, හොරකම් කරමින් හිටිය විදිහට මේවා ඔක්කොම බිමට සමතලා කරලා දාන්න ඕනේ..
හොරා කාපු සල්ලි වලින් අරලියගහ මන්දිරය නැවත හදලා ම රනිලට අස්වෙන්න කියන්න
අර ලොකු ගුල හාරන්න ඇත්තෙ රැට්ටමයි.
දැන් අරගලයට සම්බන්ධව සිටින්නේ හොරුන්, මංකොල්ලකරුවන් සහ වෛරක්කාරයින්ද? නැතිනම්...?