
(අංජුල මහික වීරරත්න)
විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ කෞතුක භාණ්ඩ වලින් යුතු මෙම නිවසේ වැඩිපුරම තිබුණේ පොත් පත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නවීන භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවත් පැරණි ගෘහ භාණ්ඩ පමණක් තිබූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගෙබිමට අල්ලා තිබූ ටයිල් පවා නවීන ඒවා නොව පැරණි මැටි ටයිල් විශේෂයක් බව සඳහන් වෙි. අග්‍රාමාත්‍ය ධුරයට හිමි නිල නිවස ලෙස අරලියගහ මන්දිරය තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කිසිදු අවස්ථාවක අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර කොළඹ පස්වන පටුමග පිහිටි මෙම නිවසේ ජීවත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගිලන්ව සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙම නිවසේ පදිංචිව සිටියහ.
විවිධ සම්ප්‍රදායන්ට අයත් ඉතා පැරණි බුදු පිළිම කිහිපයක්ද මෙම නිවසේ තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පුස්තකාලයේ දී තිබූ දුර්ලභ පොත්පත් ඇතැම් විට ලංකාවේ වෙනත් තැනක නොතිබෙන්නට ඇතැයි අග්‍රාමාත්‍යවරයාට සමීප ප්‍රකාශකයෙක් කීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි. නින්දිතයි
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදා නිරායුධ සිවිල් වැසියන් 64 හා සිරස මාධ්‍ය 6 දෙනෙකුට පහර දී අත පය කඩා රෝහල් ගත කිරීමට සලස්වා පැයක් ගියේ නෑ
ගොන් ආතල්
කවුරුන් කුමන අරගලයක් හෝ සඳහා මේ කල අතිශය ම්ලේච්ඡ ක්‍රියාව අනුමත රට වැසියෙකු ලෙස අනුමත නොකරමි. මිනිසුන් අරගල කල යුත්තේ සිහි-බුද්ධියෙනි! දැන් සිදු වන්නේ අරගලයක දැයි පැහැදිලි නොවන්නේ මෙවන් අමනුෂ්‍ය ක්‍රියා දැකිමේදිය! - රට වැසියාගේ කෝපය ආවේගය සංසිඳි ප්‍රඥාව පහල වේවා!
මේ ගිනි තබා ඇත්තේ රටේ ඉතිහාසයට සහ ප්‍රෞඩත්වයටයි... මේ පාපයට දායක වූ තිරිසනුන්ට ශාපවේවා...!
බලාපොරොත්තු වුණෙත් සුබ පැතුවේත් සාමකාමී අරගලයකටයි...!
මේවා තමයි මෝඩ වැඩ...
මෙය කාවිසින් මොන අරමුණකින් කරන ලද අපරාධයක් දැයි නිර්පාක්ෂිකව වහාම සොයාබලා හෙළි කල යුතුයි...
මේක අරගලකරුවන් ගිනි තියපු එකක් නෙමෙයි...!
ජනාධිපති මන්දිරය අතුගාලා පිරිසිදු කරපු අරගලකරුවන් මෙහෙම දෙයක් කරයිද? මීඩියා එකට ගහලා එලෙව්වා. ඔවුන්ම ගිනි තියාගත්තා. මේ ස්ක්‍රිප්ට් එක අර බස් එක ගිනි තිබ්බ එකෙන් මාට්ටු වුණා... දැන් හැමෝම දන්නවා ඒක... වෙන ස්ක්‍රිප්ට් එකක් හොයාගන්න දැන්...
අසංවර, අවිනීත, අනුවණ මිනිසුන් එක්රැස් වූ විට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. නීතියට, අකුසලයට බිය නැති වූ කළ එතැන ඇත්තේ සතෙකු මිස මිනිසෙකු නොවේ...
ඒක තමයි කියන්නේ මහජනයාට ගිනි දුන්නා නම් තමන්ටත් ගිනි ලැබෙනවා. බොරුවට පන්සල් යනවා. බුද්ධ ධර්මය දන්නේ නැහැ...
ජාතික අපරාධයක්...! මේකට වගකියන්න ඕනේ ගෝඨාභය. එයා ඉල්ලා අස් වුණානම් ඕක වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාවට දුක්මුසු දිනයක්...
බේබද්දන්ට, මෝඩයන්ට සහ මන්ද බුද්ධිකයින්ට කෞතුක වස්තුවල හෝ වටිනා පොත්වලින් ප්‍රයෝජනයක් නොමැත. ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. අරගලයට මහා කලු පැල්ලමක්...!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනිතබා විනාශකිරීම සාහසික ක්‍රියාවක් පමණක් නොව මානුෂීය අරගලයේ අවසානයද මෙය වනු ඇත. මානුෂීය අරගලය මුවාවෙන් මෙවැනි අදීන කටයුතු කිරිම ශිෂ්ඨ සම්පන්න ලෝකයා කිසිසේත්ම අනුමත නොකරනු ඇත. නායකයින් හෝ පුද්ගලයින් පිළිබඳව මත තිබෙන්නට පුළුවනි.. නමුත් එම වෙනස්කම් මානුෂීය ආකාරයට මනුෂ්‍යත්වයට මුල්තැනදී විසඳා ගතයුතුවේ. මෙවැනි ක්‍රියාවන් පසුපස සමාජ මාධ්‍යයට පැමිණ පොරවල් වීමට උත්සාහ දරන්නා වූ අලිටෝක්ස් දෙන පිරිස් සහ මෙම පුද්ගලයා පිළිබඳව සොයා බැලීමක් කළයුතුවේ. මීට පෙර අවස්ථාවේදීත් ඔහු ආරක්ෂක ලේකම්, හමුදාපතිවරයා සහ වෙනත් නායකයින්ගේ නම් කියමින් ඔවුන්ව දැඩි විවේචනය කළේය. ඔහු අරගලයේ සිට පැමිණ සමාජ මාධ්‍ය මගින් ජනාධිපති සහ විශේෂයෙන් අගමැතිව දැඩිව විවේචනය කර යලිත් අරගල භූමිය වෙත පැමිණ තිබේ. මාද මුලදී ඔහුගේ අදහස් අධ්‍යයනය කළා වුවත් පසුව ඔහු ලෝකයට ලොක්කා කියා සිතා සමාජ මාධ්‍ය මගින් පමණක්ම ජනතාව අමතමින් සිටියි..
ජාතික වැදගත්කමක් ඇති රාජකීය විදුහලට පවරා ඇති මෙම ස්ථානය විනාශ කර දැමීම ඉතාමත් අමනෝඥ සාහසිකත්වයකි...
ශිෂ්ඨ සමාජයක් තුළ මෙවැනි දෑ සිදු නොවිය යුතුයි. දැඩි පිළිකුලෙන් හෙලා දකිමි...
ජාතියක්, ජන්මයක්, පක්ෂයක් නැතිව එක එක්කෙනාට කත් අදින්න ගියාම ඔහොම වෙනවා. වෙලා මදි...!
ඔයලා ප්‍රසිද්ධ සිද්ධස්ථාන ගැන විපරමින් ඉන්න... ඇසළ පෙරහැර විශේෂයෙන්ම..! හතුරෝ ඔළුව ඉස්සුවා.. කියලද හිතන්නේ!
විප්ලවය විනාශ නොවේ. කවුද මෙවැනි දේ කරවන්නේ...?
බොහෝවිට සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව නිහඬව සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මතය වන්නට ඇත. නමුත් සියල්ල උඩු කුරු යටිකුරු කරමින් විරෝධතාකරුවන් මුවාවෙන් හෝ වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් එතුමාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා විනාශ කිරීම නිවසක ජීවත්වන මිනිසකුට කළ නොහැකි ක්‍රියාව කිසිඳු ලෙසකින් අනුමත නොකරන නමුත් සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව නිහඬව සිටීමට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවත ශක්තිමත් කර දේශපාලනයට අරගලකරුවන් විසින්ම ආරාධනා කොට තිබේ...
සාමකාමී ජඩ අරගලය....
ඩීල් දාපුවට හොඳ වැඩේ...
අරගලය ප්‍රජාතන්ත්‍රවාදයට ගිනි තැබූ වගයි. රාජපක්ෂලාට රැවටුණා මෙන් අප අරගලයටත් රැවටී ඇත. මේ ආරම්භය පමණි...
උදෑසන සිටම ඉතාමත්ම සාමකාමීව සිටි අරගලකරුවන්, මෙලෙස හැසිරීමට ආසන්නතම හේතුව වූයේ මෙම ස්ථානයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක භටයින්ගේ ක්‍රියාකලාපයයි.
සමහර විට අඅනාගතයේ ජාතියට හිමිවීමට තිබුණු වටිනා දේපලක් මෙලෙස විනාශයක් කිරීමට කටයුතු කරන්න ඇත්තේ කවුද කියලා හිතන්න අමාරුයි. කවුරු නමුත් ජාති ජාතීත් ශාප වේවා..! යාපනය පුස්තකාලය ගිනි තිබ්බ අයට හා මෙයට ගිනි තිබ්බ කාලකණ්ණි අයටත් කිසිම ආත්මයක බුද්ධිමත් කමක් ඇති නොවේවා...!!!
මේවා ජාතික අපරාධ... කෝ ගලක්වත් අතට ගන්න එපා කියපු අය? උදේ ඉඳන් කරපු වැඩේට ගොම එකතු කළා... මෙවැනි දේවල් කරපු අයට නම් හෙන ගහන්න ඕනෑ.
සමීප ප්‍රකාශකයෙක් කීවේ, සාගලද, අකිලද?
රනිල්ගේ දේශපාලනය ගැන විවේචන තිබුණට පාර්ලිමේන්තුවේ සිටි වැඩිපුරම කියවන කෙනා සහ ඉතා වටිනා පොත් එකතුවක් තිබූ තැනක්. එතුමාගේ අන්තිම කැමැත්තෙන් පොදු දේපළක් ලෙස සමාජයට ලැබෙන්න තිබුණු වටිනා තැනක්.. දැන්නම් මේ කාලකණ්ණි සමාජයේ ඉපදීම ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්...!
ඉතාමත් කණගාටුදායක පුවතක්.... ඒත් බුද්ධිමත්ව සිතන්නට යමක් මෙහි තිබේ. එනම් 12000 කට අධික ආයුධ සන්නද්ධ STF භට පිරිසක් මඟහරිමින් ගිනිතැබීම පුදුම සහගතයි. දෙවනුව, නිල නිවස අසල මාධ්‍ය ආවරණයේ යෙදී සිටියේ සිරස ආයතනය පමණි. ගැටුම්කාරී වටපිටාවකින් තොරවම ඔවුන්ට දැඩිලෙස පහර දී එලවා දැමීමෙන් පසු නිලනිවස ගිනි ගැනීම. අනෙකුත් එකඳු මාධ්‍ය ආයතනයක් ඒ සමීපයේවත් නොසිටීම දැඩිලෙස සැක කටයුතු වේ. තෙවනුව අග්‍රාමාත්‍ය නිලනිවස ඉතා විධිමත් ලෙස නවීන CCTV මගින් සහ අනෙකුත් නවීන ආරක්ෂණ ක්‍රමවලින් සන්නද්ධව සකස් කර ඇත. ඒවායේ ඇති වීඩියෝ වලින් ගිනි තැබූවන් පහසුවෙන් හඳුනාගත හැකියි. එසේ වුවත් ඒ පිළිබඳව රජය පාර්ශවයෙන් කිසිඳු ප්‍රකාශයක් එළිදක්වා නැත. තීරණය බුද්ධිමත් ඔබ සතුයි...
මෙව්වා නම් තිරිසන් වැඩ...
මේ මොට්ට බූරුවන්ට තවම බලේ ලැබුණෙත් නැතුව මෙහෙම නම් තව ටික දවසකින් බලා ගන්න පුළුවන් කෙරුවාව... කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ දෙයක් ලංකාවට වෙන්නේ...
අනේ පව්. ඒකට මාධ්‍යවේදින්ට ගහන්න පුළුවන්. ගිනි තියන්න එන අයට ගහන්න බෑ. අපි ඔය නාට්‍ය කලිනුත් මිරිහානෙයි රඹුක්කනයි දැක්කා...
කිරි කලයට ගොම දැම්මා ඉතිං...
රනිල් කියන්නේ මේ රටේ සිදුවූ දේශපාලන පිරිහීමට වගකිවයුතු වහල් මානසිකත්වය නිසා මෙරට තිබ්බ විශාලතම දේශපාලන පක්ශය පොළවට සමතලා කරපු මම පොර කියලා හිතන් ඉන්න කෙනෙක්. එයාට තමන්ගේ ගේ ගිනි තියාගෙන කොහොමහරි බලය රැකගන්න ගහපු ගේමක් කියලා මොලයක් තිබෙන ඕනෑම මනුස්සයෙකුට වැටහෙනවා...
යාපනය පුස්තකාලය ගිනිතිබ්බ යක්ඛ පුත්තුන්ට ඉතිං මේවත් වැඩද?
අපේ සල්ලි වලින් කැම්පස් ගිහින් අවුරුදු 10-12 නිකං චාටර් කන උපාධියක් වත් නැතුව තමන්ගේ වගේම අනුන්ගේත් ඉගෙනීම නැති කරන අන්තරේ හැතිකරේ දන්නවයැ පුස්තල්කාලෙක අගේ. ඔවුන් දන්නේ ජෙප්පන්ට පෙරෙට්ටන්ට වහල්ලු වෙලා කියන දේ කරන්න විතරයිනේ. රනිල් මේ ගේ රෝයල් කොලේජ් එකට පුස්තකාලෙත් එක්කම දීලා කියලා හිතන්න තරම් මේ කාලකන්නි කොටසට හැඟීමක් කොයින්ද?
දෙතුන් සීයක් මුර සෙබළුන් වටකරගෙන තිබුණු ගෙදරකට මේ අන්දමට ගිනිතියන්න නම් අවශ්‍යවන තරමක් පැට්‍රල් අරගෙන ගියේ කොහොමද? පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක් මේ ස්ථානයේ ඉඳගෙන බෙරිහන් දෙන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ සංසරණය වෙනවා. මේක ගැනත් පොලිසිය සොයා බැලුවොත් හොඳයි. ඒ වෙලාවේ විදුලිය විසන්ධි වුනේ කොහොමද? මීට වඩා වැදගත් ස්ථාන අත්පත් කරගත් අරගලකරුවන් ඒවාට කිසිඳු හානියක් නොකළත් මේ ගෙදරට පමණක් හානි කළා නම් ඒ ඇයි? මේ ගැනත් සොයා බැලිය යුතුමයි.