
(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල එක තීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ වාහන ගාල්කරමින් ජනතාව ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසා අද (18) පස්වරුව වන විට මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණි.
කොළඹ සහ අවට ඇතැම් ස්ථානවල කිලෝමීටර පහ, හය දිගු පෝලිම් දැකිය හැකි විය.
කොළඹ ඇතුළු රට පුරාම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඊයේ (17) පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්ල ජනතාව රැදී සිටින අතර ඇතැම් ප්‍රදේශවල එම පෝලිම්වල සිටින ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙන ආකාරය දැකගත හැකිවිය.
රට පුරා බොහෝ ස්ථානවල ඉන්ධන නොමැතිව මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අතරමග නතර වී ඇති අවස්ථා වාර්තා වී ඇතැයි පොලිසිය පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
මුහුද වටකරලාම තෙල්නැව් ගාල් කරලා තිබ්බත් මේ දකින වාහන පෝලිම්වලට ගහන්න නම් තෙල් මදිවේවි..!
මේක දැකලා වෙන්න ඇති ඉන්ඳියාවේ වෙබ් අඩවියක ලියා තිබුනෙ.... ලංකාවේ තෙල් නැති නිසා මිනිස්සු ත්‍රීවීල් හෝ ගාලා පාරේ පෝලිමට නවත්තලා දාල ගිහිල්ලා කියලා... ඉතින් ඕනි වෙලාවක ලංකාවට බෝට්ටුවෙන්ම ගිහිල්ලා කේරලේට ත්‍රීවීල් දෙක තුනක් අරං එන්න පුලුවන් කියලා... ..!
ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අය වරායට ගිහින් බව්සර් පිටින් ගන්නවාලු.. අරගල කරන අය සිස්ටම් චේන්ජ්, ඔළුගෙඩි චේන්ජ් කතා කරනවා. අනේ ලංකාව.. බෙරේ පලු යනවා විතරයි..