IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගිලන් රථ 118 ක් බෙදා දෙයි

(ළහිරු හර්ෂණ)

දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත  මෙම ගිලන්රථ  ලබා දී තිබේ.

 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැති අතර ,  නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම්  හා  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු  මේ සඳහා සහභාගී වුහ.

 

 



අදහස් (14)

ගිලන් රථ 118 ක් බෙදා දෙයි

Samathasena A . Aluthgamage. Thursday, 11 April 2019 09:19 AM

ඉතාමත්ම ප්‍රසංසනීය ක්‍රියාවක් මෙන්ම මහත්ඵල මහානිසංශ අත්වෙන කුසල කර්මයක්. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු තමන් වහන්සේට උපස්ථාන කරන්නෙකු බව බුදුරජානන් වහන්සේ දේශනා කල සේක.අප මොනතරම් උගතුන් බලවතුන් ධනවතුන් වුවද අවසානයේදී පිහිට වන්නේ මෙවන් ගිලන් රථ බව සිහිකිරීම වටී.මේ සත් කාර්යයට උරදුන් සැමටම පින්සිදුවෙවා !!!

:       6       505

samanFriday, 12 April 2019 12:55 AM

අලුත්ගමගේ මහත්තයෝ මේවා දීල තියෙන්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත, ඒකට ඕස්ට්‍රේලියානු ආධාර එකතු කරලා. එහෙම නැතුව ගෙදරින් සල්ලි ගැනත් අරන් දීලා නෙවේ. රජයේ ප්‍රතිපාදන කියන්නේ ලංකාවේ සියලු දෙනාගේ බදු මුදල්.

:       580       366

Samathasena Aluthgamage.Saturday, 13 April 2019 11:08 AM

සමන් මහතාණෙනි,මා මෙහිදී පෞද්ගලිකව කිසිවෙකුට හෝ පක්ෂයකට හෝ ආවඩා නැහැ. "මේ සත් කාර්යයට උරදුන් සැමටම පින්සිදු වේවා !!! " කීවාම බදු ගෙවන ජනතාවත් ඇතුලත් වෙනවා. සාරාංශ කොට ලියූ අදහස් ඔබතුමා හරිහැටි වටහාගෙන නැහැ.

:       0       148

Bangomunu.Sunday, 14 April 2019 01:59 AM

ඕක ඔබ අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. ඕන පොඩි ළමයෙක් ඒ බව දන්නවා. මේ වගේ හොඳ දේ බලන්න බැරි කුහකයන් සිටිනවා. ඒක කෙලින් කියන්නේ නැතිව නයා එන්නේ වෙන පැත්තකින් බව පැහැදිලියි. හොඳ දේකදී පක්ෂ පාට බලන්නේ නැතිව ඒකට ස්තුති කරන්න පුළුවන් කාරුණික සිතක් ඔබට නැහැ. වෙන කෙනෙක් කරත් ඒකටත් අකමැතියි. ඔය මානසික ව්‍යාධියට කියන්නේ ඉරිසියාව කියලයි. ඒක රුසියාවටත් වඩා ලොකුයි.

:       0       103

ජයරත්න Thursday, 11 April 2019 10:23 AM

හොද වැඩක් සුබ පැතුම්

:       8       113

Amila Roma. Thursday, 11 April 2019 10:53 AM

රෑකාන්තට ආයිත් කොණ්ඩේ කපාගන්න ඕන වෙලා තියෙන්නේ...

:       412       108

kapilaFriday, 12 April 2019 03:03 AM

අලව්ව දිසා රෝහලේ සේවාව වැඩිදියුණු කිරීමට, කටයුතු කිරීමට ඔබතුමාට හැකිවේද? අද පවතින තත්වය අනුව අලව්ව රෝහල මුලික සේවා පවත්වන ග්‍රාමීය රෝහලකි. රෝගීන් දඹදෙනියට හෝ කුරුණෑගල රෝහලවෙත යොමුකිරීම පමණක් සිදුකරති. (මෙය පරිපාලනයේ වරදකි සම්පත් වල අඩුවක් නොවේ ) .

:       0       60

siripalFriday, 12 April 2019 08:38 AM

කපිල ඔබ 100% නිවැරදි , අලව්ව නගරයේ තිබෙන පසුකම් අඩු පෞද්ගලික රෝගලක දොස්තර කෙනකු, මෙහි පරිපාලනයේ සිටියා. ඔහු මෙහි කිසිම දියුණුවක කිරීමට උනන්දු උනේ නෑ....

:       0       73

ramaniFriday, 12 April 2019 10:05 AM

රූකන්තට අලව්ව රෝහල දියුණු කිරීමට හැකියාව ලැබේවා!!!!!!!!!!!!!

:       0       28

විකුම් රංගන Thursday, 11 April 2019 03:12 PM

ඇමතිතුමා මෙවැනි දේ කලාම,පෞද්ගලික රෝහල් වල තිබෙන දොස්තර සංගමය අනුමත කරන ගිලන් රථ ත්‍රී වීලර් රථත් ඇතුළුව සේවාවට මොකද වෙන්නේ? ආයේ කතා දෙකක් නැහැ, හෙට අනිද්දා වෙද්දී,ඇමති තුමා සමග ආරවුලක් ඇතිකරගනිමින් වැඩ වර්ජනයක් හා ෆේස්බුක් හරහා දැවැන්ත කැලෑ පත්තර මෙහෙයුමක් ඔය මාෆියා සංගමය දියත් කරන එක ෂුවර්. ගරු සෞඛ්‍ය ඇමති තුමාට ජය වේවා!!!

:       8       276

chathuri Thursday, 11 April 2019 11:47 PM

වටිනා කියන හැමදෙයක්ම 225 පවුලේ අය සහ හිතවතුන් අතරේ බෙදාගන්නේ ඇයි ගිලන් රථ බෙදා ගන්නේ නැත්තේ

:       15       14

saman Friday, 12 April 2019 08:17 AM

මේකට උත්සවයක් තියන්න අවශ්‍යද? ඒක අමතර මුදල් නාස්තියක් නේද? රජයේ ප්‍රතිපාදන වලින් අරන් දෙන ඒක කෙලින්ම අදාළ රෝහලට යැව්වනම් ඉවරයි. උත්සව තියල ලකුණු දාගන්න අවශ්‍ය නැහැ.

:       19       3

widura Tuesday, 16 April 2019 02:23 AM

ඇත්තටම මේක ගොඩාක් ප්‍රසංසනීයයි.සෞඛ්‍ය සේවයට කෙලින්ම සම්බන්ද සේවකයෙකු විදිහට මම මේක අගය කරනවා. මෙම ගිලන්රථ වල ජිවිත බේරා ගැනීමට ලැබුන වටිනාම උපකරණ හා නවීන පහසුකම් රාශියකින් යුක්තයි. දුර ප්‍රදේශයක සිට කොළඹ වෙත රෝගීන් ප්‍රවාහනය කරන විට පෙර පැවති ගිලන් රථ වලට සාපේක්ෂව රෝගීන්ට ඉතාමත් හොද සහනයක්.

:       0       0

SANJEEWA Tuesday, 16 April 2019 04:41 PM

කලර් ලයිට් උත්සව තියල විවෘත කරපු රටේ, ගිලන් රථ දෙන එක උත්සවයක් නැතිව දෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site